Saturday, January 14, 2012

// // Leave a Comment

Searching Window - njDic

ඩික්ෂ්නරියක් හදන්න හේතුවූ කාරනා ටිකක් ගිය සතියෙ විස්තර කලානේ. ඉදිරි ලිපිවලිනුත් තව හේතු ඉදිරිපත් වේවි. අද ලිපියෙන් ඉදිරිපත් කරන ටූල් එකට අදාලව කියන්න තියෙන්නෙ ඔයාල් දැනට වෙබ් පේජ් එකකදි බාවිතා කරන ඩික්ෂනරි ටූල් වලට අමතරව වින්ඩෝස් මත බාවිතා කරන ටූල් වල තියෙන ප්‍රශ්න කීපයකට විසදුම්. ප්‍රශ්නයන් ටික ඉදිරිපත් කර කර ඉන්න බලාපොරොත්තු වෙනනෙ නම් නෑ. ඒවට සොයපු විසදුම් ටික ඉදිරිපත් කරන්නම්. එතකොට ඔයාලට තිබ්බ ප්‍රශ්නයකට විසදුම බව වැටහේවි, නමුත් බාවිතා කරද්දි තවත් පැහැදිලි වේවි.

මාගේ මූලිකම අවදානයට ලක්වූ ඩික්ෂනරියෙ වැදගත්ම අංගයක්, ස(ර්)චින් වින්ඩෝ එක බාවිතය පහසු හා ප්‍රයෝජන රාශියක් සමග ක්‍රියාත්මක වේ.
මේක හදද්දි මම VB වල ස(ර්)ච් කිරීම් කිරීමට Sql Quary බාවිතා කලහැකි බවවත් දැනගෙන හිටියෙ නෑ. දවසක් හොස්ටල් එකේදී යාලුවෙක් අවිල්ල මගෙන් අහගත්ත VB වල ඩේටබේස් එකක් කනෙක්ට් කරන විදිය. ඒ වෙලාවෙදි තමයි මම දැනගත්තෙ VB වලට Sql Quary බාවිතා කරන්න පුලුවන් කියල. ඒක මගේ නිර්මාණයට ගොඩක් වැදගත් වුනා.
ස(ර්)චින් වින්ඩෝ එකේ ප්‍රයෝජන ටික සාකච්චා කරමු.

ඩික්ෂනරිය ඔපන් කල පසු එය සිස්ටම් ට්‍රේ එකෙහි පහත ආකාරය දක්නට ලැබේ.


ඒ මත ක්ලික් කල විගස ස(ර්)චින් වින්ඩෝ එක ලෝඩ්වේ. ඒවන විට ඔබ යම් වචනයක් කොපි කරගෙන සිටීනම් ඒ වචනයට අදාලව තේරුම දැක ගන්නට පුලුවන්. වෙබ් ලින්ක් ආදිය කොපි වී තිබේනම් එය ස(ර්)චින් එක මගහරී.



ඔබට යම් වචනයක් ඉංග්‍රීසි වලින් මෙන්ම සිංහලෙන්ද ස(ර්)ච් කිරීමට පුලුවන. ඒ සඳහා යුනිකෝඩ් සිංහල කීබෝඩ් එක මෙන්ම සින්ග්ලිෂ් කී බෝඩ් එකද බාවිතා කල හැක.



1 ලෙස ඇති බටන් එක ක්ලික් කිරීම මගින් අදාල වචනයට වචනයේ මුල් කොටසට සමාන කමක් ඇති සියලුම වචන පහත ආකාරයේ විශාලනය වූ වින්ඩෝවකින් දැක ගන්නට පුලුවන. එවිට දක්නට ලැබෙන "*WORD" බටන් එක ක්ලික් කිරීම මගින් අදාල වචනයේ ඕනෑම ස්තානයකින් සමානකම් ඇති වචන දැකගන්නට පුලුවන.



5, 6 Button ක්ලික් කිරීම මගින් වින්ඩෝව් එකෙහි ට්‍රාන්ස්පේරන්සි එක අඩු වැඩි කරගැනීමට පුලුවන්.
ටයිප් කල හෝ කොපි කරගත් වාක්‍යයකම ඇති එක් එක් වචනයේ තෙරුම් එක සැරයෙන් ලබා ගත හැක.
විශාලනයවූ වින්ඩෝ එක කුඩා කිරීමට 1 ලෙස දක්වා ඇති බටන් එක නැවත් ක්ලික් කිරීම හෝ Esc Key එක Press කිරීම මගින් කල හැක.
නැවත් වරක් System Tray Icon එක මත ක්ලික් කල විට ස(ර්)චින් වින්ඩෝ එක Close වී යයි. ඒ සඳහා Close Button එක Click කිරීම හෝ Esc Key එක Press කිරීම මගින් කල හැක.



System Tray Icon එක මත Right Clik කල විට ඩික්ෂනරියට අදාලව ඉදිරිපත් කල සියලුම ටූල් හා අනෙකුත් විධාන සහිත මෙනු එක දැකගන්නට පුලුවන්. එහි අඩංගු අනෙකුත් සියලුම විදානයන් ගැන ඉදිරියේදී කතා කරමු.

ඉහත ඉදිරිපත් කල මෙනු එකෙහි දක්නට ලැබෙන Auto Search සර්ච් විදානය Tick කිරීම මගින් යම් තැනකින් වචනයක් කොපි කල විගස එම කොපි කරගත් වචනයට අදාලව තේරුම Search Window එක ගෙන නොතිබුනත් තේරුම ඉදිරිපත් කරයි.

0 comments :

Post a Comment