Monday, January 16, 2012

// // Leave a Comment

Get Word From Image - njDic

ඉන්ටර්නෙට් ස(ර්)ෆ් කිරීමෙදී පේජ් එකක තියෙන ඉමේජ් එකක නොදන්න ඉංග්‍රිසී වචනයක් හමුවුනොත් තේරුම  හොයා ගන්න ටයිප් කරන්නම වෙනව නේද?( ඒ වගේම ඊ-බූක් එකක/ගූගල්-බුක් එකක ඉමේජ් වලටත් මේ ගැටලුව තියෙනව). ඒහි ප්‍රශ්නයක් තියෙනව. වචන ගොඩක් ගොඩ ගැහුනම කම්මැලි වැඩක්. ඒ සඳහා විසඳුම තමයි Screen එක Capture කරල අදාල වචනය ගැනීම.

මෙම කාර්ය සිදුකිරීමට ලොකු ආසාවක් තිබූ නිසා මුලින්ම සිතුවේ MS One Note හරහා මෙය කරගත් හැකිද බැලීමයි. නමුත් එයටත් MS One Note Install කර තිබිය යුතු නිසා නෙට් එක පුරා විවිද ක්‍රම සොයමින් අත්හදා බැලුවා. පසුව ඉමේජ් එකකින් වචන හදුනා ගත් හැකි ටූල් එකක් සෙට් වුනා. ඊටපසුව එය ප්‍රයෝජනයට ගත් අතර එහිම Image Capture ටූල් එකක් තිබ්බත් එය මගින් Zooming බාවිතා කල නොහැකි නිසා Image Capture සඳහාත් Zooming සඳහාත් VB මගින් ඇප්ලිකේෂන් එකක් ලිවීම සිදු කලා.
නමුත් බාවිතා කරන ලද Tool එක Trial Virsion එකක්. ඒ නිසා එම Tool එකෙහි ඇති සියලුව ප්‍රයෝජන නාමල් ඩික්ෂනරියට එකතු කිරීමට හැකියා නෑ. Original Virsion එක බා ගැනීමට 240$ වියදම් වෙනව. ඒ වගේම එහි Source Code. එක ගන්න පුලුවන්. එහෙම උනොත් එමගින් සිංහල වලටත් මේ සිස්ටම් එක සාදා ගන්න පුලුවන් වේවි. ඒකටනම් ටිකක් ගන්න වැඩියි. 750$ විතර වෙනව. මෙහි මම Trial එක බයිපාස් කරන්න මෙතඩ් යොදාගන්න නිසා ටිකක් Loading වලට ටයිම් යනව (එක සැරයක් ලෝඩ් කරගත්තම එකදිගට වැඩගන්න නම් ටයිම් යන්නෙ නෑ). Recognize වල Accuracy එක Trial හින්ද අඩුයි කියල තමයි කියන්නෙ. ඒ හින්ද Scan කරපු Image Recognize ගොඩක් දුරට අසාර්ථකයි. ඒත් පැහැදිලි Image හා වින්ඩොස් මත/සොෆ්ට්වෙයා වල වචන ඉතා හොදින් ගන්න පුලුවන්. ඒ නිසා නාමල් ඩික්ෂනරිය ඩිවලොප් කරන්න ඔයාලට හෙල්ප් එකක් දෙන්න හැකියාවක් තියේනම් පුලුවන් විදියට හෙල්ප් එකක් දෙන්න. මිලදී ගන්න පුලුවන් උනොත් ඊලඟ වර්ෂන් එකෙන් හොද Performance ගන්න ඔයාලට පුලුවන් වෙයි.





හොදයි, දැන් පැහැදිලි නේ මේ Image Capturing Option එක ගැන. System Tray Icon මත Right Click කරල ලැබෙන Main Menu එකේ Text Captur Click කල විගස Screen එක Capture කිරීමට ටූල් එකක් ලැබේ. මෙවිට Zoom ටූල් එක බාවිතා නොවේ.



ඉමේජ් එකක් Capture කිරීමේදී හරියාකාරව කල යුතුය. නැතහොත් වචනය තෝරා බේරා ගත නොහැක.
යම් ඉමේජ් එකක/වින්ඩෝ එකක ඇති වචනය ඉතා කුඩා නම් එය Capture කිරීම හරියාකාරව සිදු නොවේ. මේ කාර්ය හරියට කරගැනීමට Main Menu එකෙහි ඇති Capture With Zoom විධානය ක්ලික් කීරීම මගින් Zoom වින්ඩෝව ලබා ගත හැක. එලෙස ලබාගත් වින්ඩෝ එකෙන් බලාගෙන වචනය නිවැරදිව Capture කරගන්න.



එලෙස ලබාගත් ටූල් එකෙන් ඉවත් වීමට ඕනෑම තැනක Right Click කිරීම Esc Key Press කිරිම මගින් කලහැක.

මෙම ක්‍රියාවලිය සිංහල වචන සඳහා බාවිතා කල නොහැකි බව කරුනාවෙන් සලකන්න.

0 comments :

Post a Comment