Friday, January 20, 2012

// // Leave a Comment

Multi Clip Board - njDic

ඉදිරි ලිපි දෙකින් ඉදිරිපත් කරන්නෙ නම් නාමල් ඩික්ෂනරියට ඇඩ් කලාට ඩික්ෂනරියකට කොහෙත්ම සම්බන්දයක් නැති ටූල් දෙකක්. මේ ඇප් එක මගේ බ්ලොග් ලිවීමේ කාර්ය්‍යට ගොඩක් වැදගත් වූ නිසා නිර්මාණය කරන ලද්දක්. මේකට විවිද වෙනත් ක්‍රමත් ඇති. නමුත් මට ඕන විදියට මම මේ ඇප් එක හදාගත කියල තමා කියන්න තියෙන්නෙ. ඔයාලගෙත් ප්‍රයෝජන ගන්න අය ඉදියි කියල හිතල දෙනව.

මේ ටූල් එක මම හදලනම් ගොඩක් කල්. හදන්න ගනිද්දි මම දන්නෙ නෑ VB6 වල යුනිකෝඩ් සපෝට් කරන්නෙ නෑ කියල. ඉතින් වැඩේ ඇන හිටිය. පස්සෙදි techkatha Offliner හදන්න උණක් හැදුන හින්ද ඒකට ඕන හින්ද VB6 වලට යුනිකෝඩ් ගන්න ක්‍රම හොයාගත්ත. ඊට පස්සෙ මම මේ නිර්මානේත් කලා. ඒත් ප්‍රශ්නයක් තිබ්බ යුනිකෝඩ් Clip Board එක හරහා ගන්න බැරි එක. නමුත් ඩික්ෂනරියටත් ඕන වෙන හින්ද යන්තම් ෆෝරම් ගානෙ රිංගල ඒකටත් විසදුමක් සොයාගත්ත.

මට තිබ්බ ගැටලුව තමා යම් මාතෘකාවක් ඔස්සේ ලිපියක් ටයිප් කිරීමෙදී එකම වචනය කීප සැරයක් ටයිප් කරන්න වෙන අවස්තා තිබීම. බොහෝ විට වචන් 6ක් 7ක් තිබ්බ. ඒ සඳහා යන කාලය අඩු කරගන්න පුලුවන් මේ ඇප් එකෙන්.

කරන්න තියෙන්නෙ Main Menu එක මත ඇති Multi Clip Board ක්ලික් කරල එම වින්ඩෝව ගෙන ටෙක්ස්ට් බොක්ස් වල අදාල වචන ටයිප් කිරීම. නැත්නම් වචනය කොපි කරගෙන නම් තියෙන්නෙ ටෙක්ස්ට් බොක්ස් එක මත ඩබල් ක්ලික් කලත් හරි. එවිට එම ටෙක්ස්ට් බොක්ස් එක තුල අදාල වචනය දක්නට ලැබේ.



දැන් ඔබ යමක් ටයිප් කරන විට Ctrl Key එක සමග එලෙස දැමූ වචනය ඇති ටෙක්ස්ට් බොක්ස් එකේ අංකය ප්‍රෙස් කරන්න. එවිට ඔබ ටයිප් කරන ලිපියේ කර්සර් එක ඇති තැනට අදාල වචනය Copy වනු ඇත.

0 comments :

Post a Comment