Thursday, January 19, 2012

// // Leave a Comment

Top Word of The Day - njDic

දන්නවද පරිගනකය බාවිතා කරන්නෙක් කලයුතු 20-20-20 මෙතඩ් එක. මෙහෙමයි විනාඩි විස්සකට වරක් මීටර් විස්සකට වඩා දුර පෙදෙසක් දිහා තත්පර විස්සක් බලා යුතුයි යන්න. නමුත් මොන කතාද, කාටද ඕක මතක් වෙන්නෙ. නමුත් ඒක මතක් කරන්න ටූල් තීයෙනව. මේ ඒගැන නෙවෙයි කියන්න හදන්නේ. ඉංග්‍රීසි හදාගන්න උනන්දු කට්ටියට දෙන උපදෙසක්නෙ දවසකට වචන 10ක් වත් පාඩම් කරගන්න කියල. නමුත් ඒව කතා විතරයි. අන්න ඒ සඳහා තමා මේ ටූල් එක. ඩික්ෂනරියට එකතු කරන්න හිතුනෙ පසුව තමා.

මෙහෙමයි ක්‍රියාවලිය,
මේ ඇප් එක මගින් සෑම දවසකටම Randomly වචන 10ක් තෝරාගන්නව.
එම වචන 10 සෑම පැය බාගයකටම වරක් විනාඩියක පමන කාලයක් Tray Notification එකක් විදියට ඔබට  English Word ටික විතර්ක් දර්ශනය කරනව පහත ආකාරයට.



එම වචන වලට අදාලව තෙරුම් ටික දැකගන්න ඕනනම් ඉහත රූපයේ දක්නට ලැබෙන කහ පැහැති Tray Icon එක මත ක්ලික් කරන්න. එවිට පහත ආකාරයේ වින්ඩෝවකින් එම තෙරුම් ටික දර්ශනය කරාවි.



ඒ වගේ අවශ්‍ය විටක, දවසේ වචන 10 බලන්න ඕන නම් Main Menu එක තුල ඇති Top Word of The Day මත ක්ලික් කරන්න.
Read More

Wednesday, January 18, 2012

// // 6 comments

Substitle Word Search - njDic

මේ නිර්මාණය ගැන කියන්න කලින් කියන්න ඕන මේ ටූල් එක කඩ්ඩ(ඉංග්‍රීසි ) හදාගන්න උණ(උවමනාව ) තියෙන අයට වැදගත්ම ටූල් එකක්. අනිව කඩ්ඩ හදා ගන්න හොඳම ක්‍රමයකට උදව් වන නිර්මාණයක්. මටත් ඔය උණ තියෙන නිසා මම සාමාණ්‍යයෙන් ෆිල්ම් එකක් බලනවනම් පැයේ ෆිල්ම් එකකට පැය තුනක් ගන්නව. ඒකට හේතුව තමා මම කියන දේවල් ගොඩක් තේරුම ගනිමින් ෆිල්ම් එක බැලීම. වෙලාව යන හේතුව තමා ඉංග්‍රීසි වචන වල තේරුම හොයන්න යන වේලාව. මේ කරදරය හින්ද ෆිල්ම් එකේ රසත් නැතිවෙලා යනව. ඒ සඳහා විසදුමක් විදියට Player එකක් හදන්න තමා හිතාගෙන හිටියෙ. නමුත් Player එකක් හදල කාටත් ඕන විදියට ඩිවලොප් කරනව කියන්නෙ සෙල්ලං වැඩක් නෙවෙයි. ඒ නිසා Plugin එකක් හදන්න පිස්සුවෙන් වගේ වෙහෙසුනා. KMP Forum එකට කනෙක්ට් වෙලා ගොඩක් තොරතුරු හොයාගත්ත. ඔය විදියට තමා Subtitle Word Search එක හදාගත්තෙ. මම නාමල් ඩික්ෂනරියේ සතුටුම නිර්මාණය තමා මේක. Subtitles රීඩ් කරන්නත් ඇල්ගොරිතම් එකක් මටම ලියන්න වුනා. මොකද ඩික්ෂනරියට අවශ්‍ය විදියට ගැලපෙන්න ඕන නිසා.



මගේ නිර්මාණයට අවශ්‍ය දේවල් ටික ඔක්කොම මේ ටූල් එකත් සමග සෙට් වෙලා තිබ්බෙ. මේ ටූල් එකෙන් තමා මම ඩික්ෂනරිය නිර්මාණය ආරම්ඹ කලේ.

හොදයි කඩ්ඩ හදාගන්න කැමතිනම් විතරක් මේ කියන කරුනු ඔයාලට වැදගත් වෙයි.

ඔයාල බලන්න රෙඩිවන ෆිල්ම් එක තියෙන ෆෝල්ඩර් එකේම English Subtitle File එක තියෙන්න ඕන. ෆිල්ම් එකේ නමින් තියෙන්නම ඕනෙ නෑ. හොදයි දැන් ෆිල්ම් එක KMplayer එකෙන් ඕපන් කරගන්න. VLC Player/Windos Player වලටනම් වැඩ කරන්නෙ නෑ.

දැන් ඩ්ක්ෂනරියේ Main Menu එකෙන් Subtitle Word Search මත ක්ලික් කරන්න. එවිට එය මත Tick එකක් ඇඩ් වේවි. ඒ කියන්නෙ Subtitle Search Option එක ක්‍රියාත්මක වී අති බවයි. මෙවිට English Subtitle එක අදාල ෆෝල්ඩරයේ තිබ්බෙ නැත්නම් තියෙන තැනකින් ලෝඩ කරගන්න අවස්තාව දෙනව. DVD එකකින් ෆිල්ම් එක බලනවනම් ඒ දේ වැදගත්.

යම් Position එකක ඇති English Word එකක තේරුම දන්නෙ නැත්නම් කරන්න තියෙන්නෙ කීබෝඩ් එකේ Space Bar එක Press කරල වීඩියෝ එක Pause කරන එක. එවිට අදාල Position එකේ ඇති English Word ඔක්කොමගෙ තේරුම් දර්ශනය කරාවි.
නැවත් Space Bar එක Press කරල අදාල වින්ඩෝ එක ඉවත් කරගන්න. එවිටම KMplayer එකෙහි Film එක නැවත් Play වන්නටත් පටන් ගනීවි.

ෆිල්ම් එක බලල ඉවර උනාම Main Menu එකේ Subtitle Word Search එකමත ක්ලික් කරල දාල තියෙන Tick එක ඉවත් කරන්න. එවිට අදාල ක්‍රියාවලිය Close වී යයි.

සෑම ෆිල්ම් එකකටම අදාලව නාමල් ඩික්ෂනරියට ගැලපෙන ආකාරයට Error ඉවත්කොට සකස් කල Subtitle File එක පහත Site එකෙන් බාගන්න.

http://njDic.blogspot.com
or
www.njDic.tk


ඉහත අඩවියේ Like ක් කිරීම මගින් අලුත් ෆිල්ම් ගැන විස්තර හා ඒවයේ njDic Subtitle File Download කරගැනීම සදහා njDic Site එකෙහි Update Facebook අඩවියේ සිටම දැන ගැනීමට පුලුවන.

ලබාගත්තු සබ්ටයිටල් ෆියිල් එක තමන්ගෙ ෆිල්ම් එකේ ෆෝමැට් එකට ගැලපුනේ නැත්නම් කරන්න පුලුවන් ට්‍රික්ස් එකක් මේ ලින්ක් එකෙන් බලාගන්න.

ඔබට යම් ෆිල්ම් එකක හෝ වීඩියෝ එකක njDic Suport Subtitle File එක ඕනනම් එහි Original Subtitle එකක් බාගත හැකි ලින්ක් එක හෝ නම පහත ලින්ක් එකෙන් ගොස් Request කරන්න.
Facebook Group For Request Subtitles. එවිට මම එය ඉක්මනට ලබාදෙන්නම්.
Read More

Tuesday, January 17, 2012

// // 1 comment

Rebuild & Save Any Subtitles

ෆිල්ම් බලන අයට වැදගත් ට්‍රික්ස් එකක් තමා කියන්න යන්නෙ. ඔයාල ෆිල්ම් එකක් බාගත්තම එහි සබ්ටයිටල් එකක් තියෙන්න පුලුවන්, නැතත් ෆිල්ම් ෆයිල් එකේ නමින් සර්ච් කලාම English Subtitle එක හොයාගන්න පුලුවන්. හැබැයි බයිස්කොප් සයිට් එකෙන් සිංහල Subtitle එකක් දෙන්නෙ එක ෆයිල් එකකට අදාලව පමනයි. ගොඩක් දුරට සබ්ටයිටල් එක ගැලපෙනව. නමුත් සමහර ෆෝමැට් වලට සබ්ටයිටල් පෙනෙන්නෙ ටිකක් කලින් හෝ ටිකක් පහුවෙලා. මෙහෙම වෙන්නෙ Film File එක දෙන අය දෙන Film ෆයිල් එක පටන් ගන්න වෙලාව එකිනෙකට වෙනස් වෙලාවන් තිබීම නිසා.
බොහෝදුරට ෆයිල් එකේ Play වන ස්පීඩ් එක වෙනස් වීම නිසාත් වන්න පුලුවන්. එහෙම වෙනවනම් ගොඩක් අඩුයි. එහෙම ෆයිල් එකකට මේ ට්‍රික්ස් එක ගැලපෙන්නෙ නෑ.

හොඳයි කියන්නම්කෝ මොකක්ද මේ කරන්න යන්නෙ කියල. තමන් ලග තියෙන ෆිල්ම් එකට සිංහල සබ්ටයිටල් එක, කලින් හෝ පහුවෙලානම් අදාල තැන් තැන් වල වක්‍ය පෙන්වන්නෙ ඒ ගැටලුව හදාගන්නෙ කොහොමද කියල තමයි මේ ට්‍රික්ස් එක. මම මේ සඳහා බාවිතා කරන්නෙ KMPlayer එක.

මුලින්ම KMPlayer එක අරගෙන F2 කී එක ප්‍රෙස් කරල සෙටින් වින්ඩෝ එක ගන්න. එහි General වල Use Advance Menu මත ටික් එක දමා Close කරන්න. දැන් අදාල ෆිල්ම් එක හා සබ්ටයිටල් ෆයිල් එක ලෝඩ් කරගන්න.

සබ්ටයිටල් ෆයිල් එක ලෝඩ් වෙලා නැත්නම් පහත විදියට ලෝඩ් කරගන්න.
අලු පාට Space එකේ Right Click කරල මෙනු එක ගන්න.



දැන් වැඩේ පටගන්න පුලුවන්. මේ සදාහා KMPlayer එකන් දීල තියන ටූල් ටික තමා මේ තියෙන්න.



ඔය මෙනු ක්ලික් කර කර ඉන්න එපා. ෂෝට් කට් ටික ඉහත පින්තූරෙත් තියෙනව. පහලත් දානව.මෙහි භාවිතා වෙන්නෙ මිලිතත්පර ක්‍රමය. 1ms කියන්නෙ තත්පරෙන් දාහෙන් එකක්.

 [ කී එක මගින් සබ්ටයිටල් වාක්‍යය තත්පර බාගයකින් (500ms) පස්සට  ගන්න.
 ] කී එක මගින් සබ්ටයිටල් වාක්‍යය තත්පර බාගයකින් (500ms) ඉදිරියට ගන්න.
Shift + [ කී මගින් සබ්ටයිටල් වාක්‍යය තත්පර 5කින් පස්සට  ගන්න.
Shift + ] කී මගින් සබ්ටයිටල් වාක්‍යය තත්පර 5කින් ඉදිරියට ගන්න.
Alt + y  කී මගින් Manuval Time Change Window ගන්න.

ඔය විදියට අපට අවශ්‍ය තැනට කරල සබ්ටටයිටල් ටික පෙන්න ගන්න පුලුවන්. ඕය ක්‍රියාවලිය ෆිල්ම් එකේ මුලුන්ම කතා කරන තැන ඉදල හෝ ඒ ආසන්නයෙන් පටන්ගන්න. සබ්ටයිටල් ෆයිල් එකත් නොට්පෑඩ් එකෙන් ඕපන් කරගෙන කතා කරන වචන තියෙන්නෙ කොයි හරියෙද තියෙන්නෙ කියල අයිඩියා එකක් අරගෙන කරන්න.

ෂෝට්කට් මහින් කොතරම් දුරට කාළය වෙනස් වෙන්න ඕනද කියල සෙටින්ග් වින්ඩෝ එකේ තියෙන Subtitle Processing --> Multi-sub/etc වල ඇති පහත දැක්නෙ තැනින් වෙනස් කරගන්න පුලුවන්.



වාක්‍ය ටික කතාකරන තැනට ගොඩක් ලංවෙලා තියෙන වෙලාවක හරියටම තැනට ගන්න අමාරු වෙන අවස්තා තියෙනව. උදාහරනයක් විදියට ඔයා ] කී එක තුන් සැරයක් ප්‍රෙස් කරල සබ්ටයිටල් එක ඉදිරියට ගත්ත කියමුකෝ(මුලු කාලය=1500ms). හැබැයි එතකොට කතා කරල චූටි වෙලාවක් ගිහිල්ල නම් වාක්‍ය පෙන්වන්නෙ සබ්ටයිටල් එක පස්සට ගන්න ඕන නේ. ඒ සඳහා [ කී එක ගහල 0.5s (500ms) පස්සට ගන්නව(මුලු කාලය=1000ms). එතකොට කතා කරන්න චූටි වෙලාවකට කලින් වාක්‍ය පෙන්වනව කියමුකෝ. ඒ කියන්නෙ සමස්ත කාලය 1000ms-1500ms අතර තමා තියෙන්න. දැන් ගැටලුව විසදන්න කී මගින් බෑ. ඒ සඳහා යAlt+y මගින් අවශ්‍ය කාලය වෙනස් කරන වින්ඩෝ එක ගන්න. තුන් සැරයක් ] කී එක ප්‍රෙස් කලවිට ගත්තු වින්ඩෝ එක ගත්තම ඔය විදියට තියේ. දැන් ඔය වින්ඩෝ එකට 1100,1200, 1300, 1400 වගේ ගනන් දීල Apply කරල ඕන විදියට ටයිම් හදාගන්න.



හරි ඔය විදියට වැඩි වෙලාවක් නොගිහින් අදාල සබ්ටයිටල් එක තමන්ගෙ ෆිල්ම් ෆයිල් එකට ඕන විදියට සින්ක් කරන්න පුලුවන්. දැන් පහල menu එක ක්ලික් කරල හදාගත්තු ෆයිල් එක ෆිල්ම් ෆයිල් එකේ නමින් සේව් කරගන්න පුලුවන්. ෆිල්ම් එක තියෙන තැන සේව් වේ. ඔය මෙනු එකෙන් වෙන තැනක සේව් කරන්නත් පුලුවන්. දැන් මුල් ෆයිල් එක ඉවත් කරල ඕන වෙලාවක හදාගත්තු ෆයිල් එක ලෝඩ් කරල ෆිල්ම් එක බලන්න පුලුවන්.



ඔය ක්‍රමය මම භාවිතා කලේ ගොඩක් දුරට ෆිල්ම් එක ලැබෙද්දි ෆයිල් එකට තිබ්බ නම නැති උනාම English සබ්ටයිටල එක බාගන්න. මොකද එතකොට හරියටම සර්ච් කරන්න ඕන නම දන්නෙ නැති නිසා. මම ගොඩක් බෑවෙ English Subtital. English පුලුවන් වෙලා නම් නේවේ. English ඉගෙන ගන්න ඕන නිසා. නමුතු නංගිල/මල්ලිල/යාලුවො එක්ක ෆිල්ම් බලනවනම් බයිස්කෝප් සයිට් එකන් සබ්ටයිටල් එක ගන්නව. ඒක ගැලපුනේ නැත්නම් ඔය විදියට හදා ගන්නව. මේ දේවල් ගොඩක් අය දන්නව ඇති, දන්නෙ නැති අයට කියන්න හේතුව නාමල් ඩික්ෂනරියට යූස් කරන ටූල් එකකට දෙන සබ්ටට්යිටල් හැම ෆයිල් ෆෝමැට් එකටම නොගැලපුනොත් කියල හිතල. ඒ ගැන විස්තර ඉදිරියට කියන්නම්.



හොඳයි දැන් බලමු නමල් ඩික්ෂනරියත් සමග මෙය බාවිතා කරන්නෙ කොහොමද කියල.

රී-බිල්ඩ් කරගන්න කලින් Alt+Y මගින් එන වින්ඩෝ එකෙන් Sync කල මුලු ටයිම් එක කොපි කරගන්න (අගය රිනද, ධනද කියලත් වැදගත් ). කලින් කී විදියටම සබ්ටයිටල් ෆයිල් එක රී-බිල්ඩ් කරගන්න. හැබැයි මුල් ෆයිල් එක ඩිලීට් කරන්න එපා. දැන් KMPlayer එකෙන් ෆිල්ම් එක ඕපන් කරන්න. පසුව නාමල් ඩික්ෂනරියේ Seting ක්ලික් කරන්න. ඉන්පසු Set Subtitle Time බටන් එක click කරල එතන තියෙන ටෙක්ස්ට් බොක්ස් එකට කොපි කලගත් අගය Paste කරල Set බටන් එක ක්ලික් කරන්න. දැන් නාමල් ඩික්ෂනරියෙන් Exit වෙලා ආයිත් ඕපන් කරගන්න. මෙලෙස එක අවස්තාවක කලාම ඇති. ඒ අගයන් සබ්ටයිටල් ෆයිල් එකේ සේව් වෙනව. සෙටින් ක්ලික් කරන විට සබ්ටයිටල් ෆයිල් එක හරියට ලෝඩ් උනේ නැතිනම් මුල් ෆයිල් එක තෝරගන්න වින්ඩෝවක් ලැබේවි.



ෆිල්ම් එක බලන්න සබ්ටයිටල් ෆයිල් දෙකම තියෙන්න ඕන. අවශ්‍යනම් මුල් ෆයිල් එක "1" ලෙස නම් කරගත්තත් කමක් නැත. ෆිල්ම් එක KMPlayer එකෙන් රී-බිල්ඩ් සබ්ටයිටල් ෆයිල් එක යටතේ ඕපන් කරගෙන බලන්න. සබ්ටයිටල් ෆයිල් එකේ වචන තේරුම් ලබාගන්න කරන්න ඕන විදියන් මේ ලිපියෙ තියෙනව, බලන්න Click Hear.

Read More

Monday, January 16, 2012

// // Leave a Comment

Get Word From Image - njDic

ඉන්ටර්නෙට් ස(ර්)ෆ් කිරීමෙදී පේජ් එකක තියෙන ඉමේජ් එකක නොදන්න ඉංග්‍රිසී වචනයක් හමුවුනොත් තේරුම  හොයා ගන්න ටයිප් කරන්නම වෙනව නේද?( ඒ වගේම ඊ-බූක් එකක/ගූගල්-බුක් එකක ඉමේජ් වලටත් මේ ගැටලුව තියෙනව). ඒහි ප්‍රශ්නයක් තියෙනව. වචන ගොඩක් ගොඩ ගැහුනම කම්මැලි වැඩක්. ඒ සඳහා විසඳුම තමයි Screen එක Capture කරල අදාල වචනය ගැනීම.

මෙම කාර්ය සිදුකිරීමට ලොකු ආසාවක් තිබූ නිසා මුලින්ම සිතුවේ MS One Note හරහා මෙය කරගත් හැකිද බැලීමයි. නමුත් එයටත් MS One Note Install කර තිබිය යුතු නිසා නෙට් එක පුරා විවිද ක්‍රම සොයමින් අත්හදා බැලුවා. පසුව ඉමේජ් එකකින් වචන හදුනා ගත් හැකි ටූල් එකක් සෙට් වුනා. ඊටපසුව එය ප්‍රයෝජනයට ගත් අතර එහිම Image Capture ටූල් එකක් තිබ්බත් එය මගින් Zooming බාවිතා කල නොහැකි නිසා Image Capture සඳහාත් Zooming සඳහාත් VB මගින් ඇප්ලිකේෂන් එකක් ලිවීම සිදු කලා.
නමුත් බාවිතා කරන ලද Tool එක Trial Virsion එකක්. ඒ නිසා එම Tool එකෙහි ඇති සියලුව ප්‍රයෝජන නාමල් ඩික්ෂනරියට එකතු කිරීමට හැකියා නෑ. Original Virsion එක බා ගැනීමට 240$ වියදම් වෙනව. ඒ වගේම එහි Source Code. එක ගන්න පුලුවන්. එහෙම උනොත් එමගින් සිංහල වලටත් මේ සිස්ටම් එක සාදා ගන්න පුලුවන් වේවි. ඒකටනම් ටිකක් ගන්න වැඩියි. 750$ විතර වෙනව. මෙහි මම Trial එක බයිපාස් කරන්න මෙතඩ් යොදාගන්න නිසා ටිකක් Loading වලට ටයිම් යනව (එක සැරයක් ලෝඩ් කරගත්තම එකදිගට වැඩගන්න නම් ටයිම් යන්නෙ නෑ). Recognize වල Accuracy එක Trial හින්ද අඩුයි කියල තමයි කියන්නෙ. ඒ හින්ද Scan කරපු Image Recognize ගොඩක් දුරට අසාර්ථකයි. ඒත් පැහැදිලි Image හා වින්ඩොස් මත/සොෆ්ට්වෙයා වල වචන ඉතා හොදින් ගන්න පුලුවන්. ඒ නිසා නාමල් ඩික්ෂනරිය ඩිවලොප් කරන්න ඔයාලට හෙල්ප් එකක් දෙන්න හැකියාවක් තියේනම් පුලුවන් විදියට හෙල්ප් එකක් දෙන්න. මිලදී ගන්න පුලුවන් උනොත් ඊලඟ වර්ෂන් එකෙන් හොද Performance ගන්න ඔයාලට පුලුවන් වෙයි.





හොදයි, දැන් පැහැදිලි නේ මේ Image Capturing Option එක ගැන. System Tray Icon මත Right Click කරල ලැබෙන Main Menu එකේ Text Captur Click කල විගස Screen එක Capture කිරීමට ටූල් එකක් ලැබේ. මෙවිට Zoom ටූල් එක බාවිතා නොවේ.



ඉමේජ් එකක් Capture කිරීමේදී හරියාකාරව කල යුතුය. නැතහොත් වචනය තෝරා බේරා ගත නොහැක.
යම් ඉමේජ් එකක/වින්ඩෝ එකක ඇති වචනය ඉතා කුඩා නම් එය Capture කිරීම හරියාකාරව සිදු නොවේ. මේ කාර්ය හරියට කරගැනීමට Main Menu එකෙහි ඇති Capture With Zoom විධානය ක්ලික් කීරීම මගින් Zoom වින්ඩෝව ලබා ගත හැක. එලෙස ලබාගත් වින්ඩෝ එකෙන් බලාගෙන වචනය නිවැරදිව Capture කරගන්න.



එලෙස ලබාගත් ටූල් එකෙන් ඉවත් වීමට ඕනෑම තැනක Right Click කිරීම Esc Key Press කිරිම මගින් කලහැක.

මෙම ක්‍රියාවලිය සිංහල වචන සඳහා බාවිතා කල නොහැකි බව කරුනාවෙන් සලකන්න.
Read More

Saturday, January 14, 2012

// // Leave a Comment

Searching Window - njDic

ඩික්ෂ්නරියක් හදන්න හේතුවූ කාරනා ටිකක් ගිය සතියෙ විස්තර කලානේ. ඉදිරි ලිපිවලිනුත් තව හේතු ඉදිරිපත් වේවි. අද ලිපියෙන් ඉදිරිපත් කරන ටූල් එකට අදාලව කියන්න තියෙන්නෙ ඔයාල් දැනට වෙබ් පේජ් එකකදි බාවිතා කරන ඩික්ෂනරි ටූල් වලට අමතරව වින්ඩෝස් මත බාවිතා කරන ටූල් වල තියෙන ප්‍රශ්න කීපයකට විසදුම්. ප්‍රශ්නයන් ටික ඉදිරිපත් කර කර ඉන්න බලාපොරොත්තු වෙනනෙ නම් නෑ. ඒවට සොයපු විසදුම් ටික ඉදිරිපත් කරන්නම්. එතකොට ඔයාලට තිබ්බ ප්‍රශ්නයකට විසදුම බව වැටහේවි, නමුත් බාවිතා කරද්දි තවත් පැහැදිලි වේවි.

මාගේ මූලිකම අවදානයට ලක්වූ ඩික්ෂනරියෙ වැදගත්ම අංගයක්, ස(ර්)චින් වින්ඩෝ එක බාවිතය පහසු හා ප්‍රයෝජන රාශියක් සමග ක්‍රියාත්මක වේ.
මේක හදද්දි මම VB වල ස(ර්)ච් කිරීම් කිරීමට Sql Quary බාවිතා කලහැකි බවවත් දැනගෙන හිටියෙ නෑ. දවසක් හොස්ටල් එකේදී යාලුවෙක් අවිල්ල මගෙන් අහගත්ත VB වල ඩේටබේස් එකක් කනෙක්ට් කරන විදිය. ඒ වෙලාවෙදි තමයි මම දැනගත්තෙ VB වලට Sql Quary බාවිතා කරන්න පුලුවන් කියල. ඒක මගේ නිර්මාණයට ගොඩක් වැදගත් වුනා.
ස(ර්)චින් වින්ඩෝ එකේ ප්‍රයෝජන ටික සාකච්චා කරමු.

ඩික්ෂනරිය ඔපන් කල පසු එය සිස්ටම් ට්‍රේ එකෙහි පහත ආකාරය දක්නට ලැබේ.


ඒ මත ක්ලික් කල විගස ස(ර්)චින් වින්ඩෝ එක ලෝඩ්වේ. ඒවන විට ඔබ යම් වචනයක් කොපි කරගෙන සිටීනම් ඒ වචනයට අදාලව තේරුම දැක ගන්නට පුලුවන්. වෙබ් ලින්ක් ආදිය කොපි වී තිබේනම් එය ස(ර්)චින් එක මගහරී.



ඔබට යම් වචනයක් ඉංග්‍රීසි වලින් මෙන්ම සිංහලෙන්ද ස(ර්)ච් කිරීමට පුලුවන. ඒ සඳහා යුනිකෝඩ් සිංහල කීබෝඩ් එක මෙන්ම සින්ග්ලිෂ් කී බෝඩ් එකද බාවිතා කල හැක.



1 ලෙස ඇති බටන් එක ක්ලික් කිරීම මගින් අදාල වචනයට වචනයේ මුල් කොටසට සමාන කමක් ඇති සියලුම වචන පහත ආකාරයේ විශාලනය වූ වින්ඩෝවකින් දැක ගන්නට පුලුවන. එවිට දක්නට ලැබෙන "*WORD" බටන් එක ක්ලික් කිරීම මගින් අදාල වචනයේ ඕනෑම ස්තානයකින් සමානකම් ඇති වචන දැකගන්නට පුලුවන.



5, 6 Button ක්ලික් කිරීම මගින් වින්ඩෝව් එකෙහි ට්‍රාන්ස්පේරන්සි එක අඩු වැඩි කරගැනීමට පුලුවන්.
ටයිප් කල හෝ කොපි කරගත් වාක්‍යයකම ඇති එක් එක් වචනයේ තෙරුම් එක සැරයෙන් ලබා ගත හැක.
විශාලනයවූ වින්ඩෝ එක කුඩා කිරීමට 1 ලෙස දක්වා ඇති බටන් එක නැවත් ක්ලික් කිරීම හෝ Esc Key එක Press කිරීම මගින් කල හැක.
නැවත් වරක් System Tray Icon එක මත ක්ලික් කල විට ස(ර්)චින් වින්ඩෝ එක Close වී යයි. ඒ සඳහා Close Button එක Click කිරීම හෝ Esc Key එක Press කිරීම මගින් කල හැක.



System Tray Icon එක මත Right Clik කල විට ඩික්ෂනරියට අදාලව ඉදිරිපත් කල සියලුම ටූල් හා අනෙකුත් විධාන සහිත මෙනු එක දැකගන්නට පුලුවන්. එහි අඩංගු අනෙකුත් සියලුම විදානයන් ගැන ඉදිරියේදී කතා කරමු.

ඉහත ඉදිරිපත් කල මෙනු එකෙහි දක්නට ලැබෙන Auto Search සර්ච් විදානය Tick කිරීම මගින් යම් තැනකින් වචනයක් කොපි කල විගස එම කොපි කරගත් වචනයට අදාලව තේරුම Search Window එක ගෙන නොතිබුනත් තේරුම ඉදිරිපත් කරයි.
Read More

Friday, January 13, 2012

// // 12 comments

English Sinhala Word Database Community - njDic

ආයුබෝවන් කියල මගේ අලුත්ම නිර්මාණය පිළිබඳ විස්තර ගෙන එන ලිපිමාලාවට පිළිගන්නව. අලුත් යමක් දෙනව දෙනව කිය කිය ඉන්නව මොකක්ද ඒ කියල ඔයාල කාටත් දැන් කුතුහලයකුත් ඇති නේද. හොඳයි මේ නිර්මාණ‍යට මම දීපු නම තමා ද නාමල් ඩික්ෂනරි. හොඳයි දැන් වැටහෙන්න ඇතිනේ මොකක්ද කියල. ඒත් ඉතින් කියන්න ඕන විශේෂම දේ තමා මේ ඩික්ෂනරි එකනම් නිකම්ම එකක් නෙවේ කියන එක. මම මුහුණ දීපු ගොඩක් ගැටලුවලට විසදුම් සමග නවතම අදහස් කීපයකුත් සමග එන මෘදුකාංගයක්. එහි අඩංගු වන බාවිතයන් පිලිබඳ විස්තර ලිපි අටකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනව. මේ එහි පලමු ලිපියයි.

හොඳයි මෙච්චර කාලෙකට මම බාවිතා කලෙත් ඔයා බාවිතාකරන ඩික්ෂනරි මෘදුකාංගය තමා. ඒ ඇතිවන ගැටලුවලට විසදුම් විදියට නිර්මාණයක් කරන්න තීරණය කලා. හැබැයි මට ඒකට ඇතුල් කලයුතු තවත් ප්‍රයෝජනවත් මෘදුකාංග කීපයක් නිර්මාණය කරන්න තරම් දැනුම සහ රිසෝසස් තිබ්බෙ නෑ. නමුත් වැඩේ අතෑරියෙ නෑ. පුලුවන් හැම වේලාවකම වෙබ් සහ ෆෝර්ම් ගානෙ තොරතුරු හෙව්ව. අන්තිමට ජයගන්න ලැබුන.

ඔය විදියට නිර්මාණය කරන්න හිතුන මුලින්ම ආපු ගැටලුව තමා සිංහල-ඉංග්‍රීසි වචන තියෙන ඩේටබෙස් එකක් කොහෙන්ද කියල. ගූගල් දෙයියනට කීවත් හරිගියේනම් නෑ. නමුත් ගොඩක් කාලෙකට කලින් කියවපු බ්ලොග් ලිපියක් ගැන මතක් වුනා. ඉතින් ඒ විදියට එන්සිටිප් වලින් ඩෙටබේස් එක පැන්නුව. හැබැයි ඉතින් ඒකත් මටඕන විදියට නෙවේ පහල විදියට තමා තිබ්බෙ.



ඒක ඔය ඉහල තියෙන විදියට හා සිංහල වචනය අඩංගු විදියටත් කන්වර්ට් කරගන්න ඕන වුනා. මුල් වැඩෙටනම් එක්සෙල් වලින් ගේම දෙන්න පුලුවන් උනා. නමුත් දෙවැනි වැඩේනම් ලේසි නෑ. ඒකටනම් ලිව්ව විබී සොෆ්ට්වෙයා එකක්. බාවිතා කලේ ලීනියර් සර්ව් ක්‍රමය. පැය 3ක් විතර වෙද්දි තෙරුම් ගියා ඒ ඇල්ගොරිතමය විදියට උනොත් දවස් 5ක් වත් යාවි කියල. ඉතින් ඇල්ගොරිතමය වෙනස් කරල ආයෙත් ලිව්ව. ඒ ඇල්ගොරිතමයට නම් නමක් දෙන්න මම දන්නෙ නෑ.සෙලෙක්ෂන් සොර්ට් ක්‍රමයට ටිකක් විතර සමාන ඇති. කොහොම උනත් විනාඩි 30කින් විතර ඕන කරන ෆෝමැට් එකට ලැබුන. ඔය මෙතඩ් එක හදන්න හිතුනෙ කැම්පස් එකෙන් ගත්ත දැනුමෙන් තමා.




ඉතින් ඔය විදියට තාමා ඩේටබේස් එක හදාගත්තෙ. නමුත් මේ ඩේටබෙස් එකේ තියෙන්නෙ ඉංග්‍රීසි-50,000/ සිංහල-80,000 පමණ වචන ප්‍රමාණයක් තමා. ඉතින් මම තීරණය කලා නාමල් ඩික්ෂණරිය හරහා බාවිතා කරන්නන්ගේත් උදව් ඇතිව මේ ඩේටබෙස් එක දියුණු කරන්න ක්‍රමයක් හදන්න සහ ඕන කෙනෙක්ට මේ ඩේටබේස් එක බාවිතා කරන්න පුලුවන් විදියට වෙබ් එකට දාන්න.


හොඳයි මෙහෙමයි ක්‍රමවේදය. නාමල් ඩික්ෂනරිය හරහා ඔයාල වචනයක් සර්ච් කිරීමේදී එම වචනය නැත්නම් ඒ වචනය ඩෙටබේස් එකට ඇඩ් කිරීමට බටන් එකක් පෙන්වීම  හා ඒ හරහා ඔයාලට වචන එකතු කිරීමට පහත ආකාරයේ වින්ඩෝවක්  දක්නට ලැබේ. එයට වචන එකතු කල හැක, ඔබ වචන 10ක් පමන එකතු කල පසු ඔබට පුලුවන් එම වචන අප්ලෝඩ් කරන්න.


වචන එකතු කිරීමේදී විශේෂයෙන් එම වචනයට අදාලව පැහැදිලි සිංහල තේරුමක් නැති නම් එම වචනයට අදාල අදහස ඩබල් කොටේෂන් තුල එකතු කරන්න පුලුවන්.

වචන අප්ලෝඩ් කිරීමේදී ඔබගේ විස්තර කීපයක් බලාපොරොත්තු වන බවද කරුණාවෙන් දන්වා සිටිමි. ඒ ඩේටබේස් එක ඩිවලොප් කරපු අය ඉදිරිපත් කිරීම සඳහා බව දන්වන්නට කැමැත්තෙමි.


එලෙස වචන ඩේටබෙස් එක දියුණු කරන ඔබ SEWdb Community එකෙහි සාමාජිකයකු බව දන්වා සිටිමි. මෙලෙස දියුණු කිරීමට බලාපොරොත්තුවන ඩේටබේස් එක ඔබට පහත ලින්ක් එකෙන් ඩවුන්ලොඩ් කරගත හැක.



ඔබ එම ඩෙටබේස් එක නිර්මාණයක් සඳහා බාවිතාකරන්නේනම් කමියුනිටි එකෙහි ප්‍රසාරනය උදෙසා ඩේටබෙස් එකට දී ඇති SEWdb නම වෙනස් නොකරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

ඉතින් මෙම ඩේටබෙස් එක ඔයාලට ලබා දෙන්නේ හැමොටම ඩික්ෂනරි හදන්න ලැබේවා කියල පතලනම් නොවේ. ඊටවඩා වෙනස් හොඳ නව නිර්මාණයක් කරන්න ලැබේවා කියල පතල. උදාහරනයක් විදියට භාශා පරිවර්තන මෘදුකාංගයක් වගේ දෙයක්. ගොඩක් ගැබුරට නොවුනත් කමක් නෑ.

Read More
// // 17 comments

මම ප්‍රෝග්‍රැමින් වලට ආපු හැටි.


2012 ටා අයුබෝවන් කියල නාමල් යායට ආපු සියලු දෙනාටම පතනව. අලුත් අවුරුද්දෙ ලොකු වැඩකට කලින් පොඩි ලිපියක් දාන්න කියල ඔන්න ආව බ්ලොග් එක පැත්තෙ. මම ප්‍රෝග්‍රැමින් වලට ආපු කතාවනම් ගොඩක් ලොකුයි. ඔයාලත් කාර්ය්‍ය බහුල අයනේ. ඉතින් මේ අත්දැකීම ලොකුවට කියන්න යන්නෑ. විශේෂ සන්ධිස්තාන හරහා යන පෝස්ට් එක මෙහෙම පටන් ගමු.
ඉතා දීර්ඝ ඉලෙක්ට්‍රොනික් ගමනක නිමාවක් ලෙස ප්‍රෝග්‍රැමින් වලට ආව කියල කියන්න තරම් කෙටි කරන්නෙත් නෑ.


මගේ ළමා කාලය ඒ කිවුවෙ 3-6 වසට විතර මම ගොඩක් කුතුහලයන් ජයගන්න චරිතයක් වෙන්න ඇති. මොකද දකින දකින දේවල යමක් සොයන්න උත්සාහ කරා. පුලුවන් හැමවෙලාවක කලේ මොකක් හෝ අලුත් දෙයක් කරන එකම තමා. හැබැයි ඒ දේවල් බොහොම සරල අමුද්‍රව්‍ය වලින් තමා. 6 වසරෙන් පස්සෙ තමා ටිකක් Advance වෙන්න පටන් ගත්තෙ.


Advance කිවුවෙ ඉලෙක්ට්‍රොනික් වලට බැස්ස කිවුවොත් නිවැරදියි.  ඔය වසර කියන්නෙ ඕනම කොල්ලෙක්ට ඉලෙක්ට්‍රොනික් පිස්සුව ගහන කාලෙ. මට මතකයි මගේ සෑහෙන්න යාලුවො පිරිසක් ට්‍රොනික් වල වැඩ දාන්න උත්සාහ කරපු හැටි. නමුත් කාලයක් යනකොට කට්ටිය ඔක්කොම දැනගෙන IC එක ගාවට එනකන් ඔක්කොම දැනගෙන දැන් ඉලෙක්ට්‍රොනික් වල දැනගන්න දෙයක් නෑ කියල ට්‍රොනික් කුතුහලයට තිත තියල 9 වසර විතර වෙද්දි ගෑණු ළමයි කියන කුතුහල ජනක වස්තුව වෙත හැරෙනව. මටත් ඒ කතුහලයත් තිබ්බ. හැබැයි මම ට්‍රොනික් වල IC එකට වඩා එහා ලොකු ලෝකයක් තියනව කියල දැනගෙනත් හිටිය.

ට්‍රොනික් ජයගන්න ලොකුවට උදව් කලේ චන්දන තුෂාර කියන සර්. ඒ 7 වසරෙදි විතර විද්‍යාව උගන්වපු සර් කෙනෙක්. පාසල් ගුරුවරයෙක් නෙවෙයි. විද්‍යා පන්ති එනවනම් ට්‍රොනික් පන්තිය නොමිලේ. කොහොමද වෙලද උපක්‍රමය නේද. කොහොම උනත් සර් අපේ අසාව වැඩි කරවන අලුත් යමක් අපට හැමදාම ඉගැන්නුව. තියරි නම් ලොකුවට නෑ. සර්කිට් හදන එකම තමා. ඔහොම යද්දි පාසලේ විද්‍යාව උගන්වපු අනොම මිස් නව නිපැයුම් තරගයක් ගැන කිවුව.

ඒක තමා මගේ ට්‍රොනික් කුතුහලයට වටිනාකමක් දුන්නෙ. මතකයි කලා නිර්මානයක් දිනුව රිදී පදක්කමක්. ඔය ඇරඹි ගමන නව නිර්මාණ රාශියකට මග පෑදුව. සා/පෙළ ට මාස 2ක් තිබියදිත් ප්‍රදර්ශනයකට සහාබාගි වුනා සංගමිත්ත පාසාලේ සතියක කාලයක්(එහි නැවතිලා හිටිය කාල‍ය රසම සිද්දි ගොඩක් ).

උ/පෙළට එනකොට ගනිතය තමා කලේ. උ/පෙළට රෙඩිවෙන්න ලැබුන උපදෙස් අනුව හිතුව බාහිර වැඩවලින් ඉවත් වෙන්න. උ/පෙ කාලය තමා මගේ ට්‍රොනික් නිර්මාණ කාරනයට තිත තියන්න හේතු උනේ. ඒ වගේම ස්කවුට් වලින් ප්‍රිෆෙක්ට් බොඩ් එකෙන් පවා ඉවත් වෙන්න තීරනය කලා.  ටික කාලායක් ඔය දේවලින් ඈත් වෙලා හිටියෙ බොහොම අමාරුවෙන්. අලුත් යමක් හිතුනොත් පසුව කරන්න කියල පොතක ලියල තිබ්බ.


 12 වසර ටික කාලයක් යනකොට පාසලේ පරිගනක විද්‍යාව උගන්වන සිරිල් සර් මට කතා කරල කිවුව රොබෝටික්ස් එහෙම කරන්න ආස නම මේ පොත කියවන්න කියල පෝට් ප්‍රෝග්‍රැමින් ගැන තියෙන පොතක් දුන්න. ආසාවෙන් ඒ පොත කියෙවූව.
දන්නවනේ පෝට් ප්‍රෝග්‍රැමින් කියන්නෙ ඉලෙක්ට්‍රොනික්+ප්‍රෝග්‍රැමින් නේ. ඉතින් මට ආපහු කුතුහලයක් ඇතිඋනා පෝට් ප්‍රෝග්‍රැමින් ගැන. ඉතින් එකම එක බාහිර වැඩක් කරනව කියල විසුවල් බේසික් පොත් කියවන්න පටන් ගත්ත. සිරිල් සර් ගොඩක් උදව් කලා. ඔය විදියට පොත් වලින් සහ වෙබ් එකෙන් තමා ගොඩක් කරුනු ඉගෙන ගත්තෙ. පාසලේදී ගූගල් පාරක් දාල වීබී ප්‍රොජෙක්ට් බාගෙන ගෙදර ගිහිල්ල බලනව කොහොමද ඒක වැඩ කරන්නෙ කියල. මම C හෝ Java වලට මුලින්ම ආවනම් මට ප්‍රෝග්‍රැමින් එපාවෙන්න බොහෝ දුරට ඉඩ තිබ්බ. ඒකට හේතුව තමා මම ප්‍රොග්‍රැමින් වලට ක්ලාස් ගියේ නෑති එක. ක්ලාස් යනවනම් අමාරු දේවල් සරල වෙනවනේ.


ඉතින් ටික කාලයක් යනකොට ප්‍රෝග්‍රැමින් එපා උනා. මොකද ඒ කුතුහලයට වටිනා කමක් නෑනේ. ඒත්.... වැඩිකාලයක් ගියේනෑ, සුපුරුදු පරිදි සොෆ්ට්වෙයා තරගයක් ගැන ආරන්චි උනා. කල්පනා කලා හැම දෙයකටම වගේ සහතිකයක් තියෙන මට සොෆ්ට්වෙයා පැත්තෙන් සහතිකයක් නෑ නේ කියල. ඒකට විකල්පයක් විදියට හොඳ අයිඩියා එකක් යටතේ වැඩට බැස්ස. ඒක තමා මගේ ප්‍රෝග්‍රැමින් නොලේජ් එක වැඩි කලේ. ඒ වෙනකොට වීබී හරහා ෆයිල් එකක් කොපි කරන්නවත් දැනගෙන හිටියෙ නෑ. ඒත් තව ප්‍රෝග්‍රැමින් වලට උන තිබ්බ  රවිහාර කියල පොරක් පන්තියෙ හිටියෙ. පොරත් එකක එකතුවෙලා මට ඕන කරන දැනුම හොයාගෙන ගියා. ඔය විදියට තමා මම ප්‍රොග්‍රැමින් වලට එකතු වුනේ.
කොහොම උනත් කාලය ඉක්මනින් ගෙවිල විබාගය ලංවුනා. එතකොට තමා තරු පෙනුන. මොනව කලත් විබාගය පාස් නොවුනොත් මේගෙ නිර්මාණ කරනයට සදහටම තිත තියල තාත්තත් එක්ක කුළී වැඩකට යන්න වෙයි කියල හිතුන. වැඩ කලා නමුත් පලවෙනි පාර හොඳ පාඨමාලාවකට යන්න තරම් ප්‍රතිඵල තිබ්බෙ නෑ. දෙවැනි පාර CS යනවම තමා කියල හිතාගෙන පරිගනකයත් පෙට්ටියකට දාල වැඩ කලා. එහෙම වුනාට ගෙදර කවුරුවත්ම නැති දවසට විතරක් පොඩ්ඩක්ට විතර එලියට ගත්ත(හේතුව හිතුනට කාටවත් කියන්න ඒපා හොඳේ ).

කියන්න තියෙන වැදගත්ම දෙය තමා මම ඔෆීස් පැකේජ් එකට ඇරෙන්න කිසිම පරිගනක පාඨමාලාවකට ගිහිල්ල නෑ. ඕනෑම දෙයක් පොත්, Learning CD, අන්තර්ජාලය හරහා ඉගෙන ගන්න පුලුවන්. හැබැයි කාලයනම් ටිකක් වැඩිපුර ගත්වෙනව. මොකක් හරි අලුත් නිර්මාණයක ප්‍රොජෙක්ට් එකක් කරන්න උත්සාහ කරන්න එතකොට කුතුහලයෙන් යුතුව වැඩ ටික කරගෙන යන්න පුලුවන් වෙයි.

ඔන්න මමත් හෙට ඉදල දිගට හරහට මගේ නිර්මාණයක් ගැන විස්තර ගෙන එන්න තමා හිතාගෙන ඉන්නෙ. ඔයාලත් කරන්න කැමති දෙය කරන්න කුතුහලය රදවා ගන්න උපක්‍රම යොදාගන්න පුරුදුවෙන්න කියල සමුගන්නව.
Read More

Tuesday, December 27, 2011

// // Leave a Comment

Now techkathaOffliner is Open Source.

ඔන්න කලින් තිබ්බ තීම් එක වෙනස් කරල දාන පලමු පෝස්ට් එකෙන් ඩිවලොපින් ඉගෙන ගන්න අයට වැදගත් දෙයක් දෙන්න යන්නෙ. අන්තර්ජාලයේ යාළුවො ඔයාල දන්නවනේ මම පසුගිය කාලෙ ඕපන්සෝස් කරනව කියල ඔයාලට දුන්න සොෆ්ට්වෙයා එක ගැන. ඒ තමා techkathaOffliner. ඔන්න එහෙනම් මේ ඉෂ්ඨකරන්න යන්නෙ ඒ පොරොන්දුව තමා.



ඉතින් මම ඒ දීපූ සොෆ්ට්වෙයා එකෙන් ප්‍රයෝජන ගන්න අය ඔන තරම්, බව ඒ සඳහා ලැබුන කමෙන්ට් වලින් සතුටුවෙන්න පුලුවන්. මහන්සිය වතුරෙගිහින් නෑ කියල හිතෙන්න කමෙන්ට් විතරයි අන්තිමට. ආ එක නෙමේ අලුත් නිවුස් එකකුත් තියේනෙ කියන්න. ඒ තවත් ඔයාලට වැදගත් සොෆ්ට්වෙයා එකක් තමා.

ඉංගිරිසිය තෙරුම් ගන්නකොට පහසුවෙන්න එහෙම නැත්නම් ඉංගිරිසිය ඉගෙන ගන්න උන තියෙනවනම් ඔයාල කාටත් වැදගත් වෙයි. ඒ මොකක්ද කියල හෝම් පේජ් එක බැලුවොත් හොයාගන්න පුලුවන් වෙයි. එහෙනම් ඔන්න මේ පහල ලින්ක් එකෙන් techkathaOffliner Open Source Project එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. ඒ දේ ප්‍රයෝජනයට ගෙන අලුත් නිර්මාණයක් කරන්න වාසනාව ලැබේවා කියල පතනව!

http://www.planet-source-code.com/vb/scripts/ShowCode.asp?txtCodeId=74227&lngWId=1

කමෙන්ට් එකක් දාන්න හිතෙනවනම් ඔය ලින්ක් එකෙන් ලැබෙන පෙජ් එකට දාන්න පුලුවන්නම් වටිනව.
Read More

Sunday, December 18, 2011

// // 15 comments

Comment for The NDictionary

Read More

Saturday, December 10, 2011

// // Leave a Comment

Innovation Lecture, Free


නව නිපැයුම කරනයට ආසාවක් තියෙන අයට කිව යුතු වැදගත් දෙයක් සෙට් වුනා ඒ දේ කියන්න තමයි මම මේ සෙට්වෙන්නෙ. 

විශ්ව විද්‍යාලයේ EXAM  හන්ද ගොඩ කාලයකින් ලිපියක් දාන්න බැරි වුනා. දැන් නිවාඩුයි. අපට සතියයි නිවාඩු දුන්නෙ. සඳුද ආපහු පටන්ගන්න නිසා ලිපියක් ලියන්නත් වෙලාවක් තිබුනෙ නෑ. මේ සතියෙ කලේ සොෆ්ට්වෙයා එකක් ලියන එක තමා. ඒක ඔයාලට ගොඩක්ම වැදගත් වෙයි කියලත් හිතනව. ඒක මාසයක් ඇතුලත් රිලීස් කරන්න තමයි බලා පොරොත්තුව.

මේ වැඩ අස්සෙ ලිපියක් දාන්නා හිතුනෙ මට IESL එකෙන් ආපු ඊ-මේල් එකක් දැකල නව නිපැයුම් කරන්න ආසාවක් තියෙන ඔයා මේක දන්නෙ නැතුව ඇති කියල හිතල.

රේ විජයවර්ධන ශූරීන් ගැන ඔයාල දන්නවනෙ. ඒ ගැන දන්නෙ නැතිනම් පසුව ලිපියක් දාන්නම් කෝ. දැන් කියන්න තියෙන්නෙ එතුමා සිහිවීම පිනිස සංවිධානය කරල තියෙන නවනිපැයුම් කරන ගැන දේශනයක්. ඔයාලට කැමැත්තක් තියේනම් යන්න. බොහෝදුරට මමත් එත ඉදීවි. පහල තියෙන චායාරූපයේ සියලු විස්තර තියෙනව. ඒ මත ක්ලික් කරල විස්තර බලන්නකෝ.



Read More