Sunday, February 24, 2013

// // 6 comments

techkathaOfflinder Downloads 1000+


tekkathaOffliner තමා මම මුලින්ම නාමල් යාය හරහා මගෙ යාළුවන්ට ලබාදීපු පලවෙනි Software එක. මම ඒක කලේ techkatha කරන අයියලාට කරන උපහාරයක් විදියට. මම මේ App එක දාන කොට ටෙක්කතා Fanpage එකෙත් හිට්යෙ 500ට අඩු පිරිසක්. දැන් නම් ඒක 4000ට කිට්‍ටුයි නේ.

ඉතින් නොදන්න කෙනෙක් ඉන්නවනම් අයිත් කියන්න තියෙන්නෙ ටෙක්නොලොජි වලට ආසනම් ඒවායෙ ප්‍රශ්න තියේනම් ගොඩවදින්න www.techkatha.com සතියකට වරක් දෙන Audio එක Download කරල අහන්න පුරුදුවන්න. ඔබගේ ගැටලුවටත් පිළිතුරු හොයාගන්න උදවු ගන්න.

ඔන්න මම කියන්න හැදුවෙ techkathaOffline Software එක ඩවුන්ලෝඩ් කරගැනීම් 1000 පසුකරල තියෙනව.

ඔයාලට ටෙක්කතා පොඩ්කාස්ට් ටික මැනේජ් කරගෙන පහසුවෙන් ප්‍රශ්නවලට පිළිතුරු අහන්න වුවමනාවක් තියේනම් මේ Software එක අනුමත කරන්න පුලුවන්.






Read More

Monday, February 11, 2013

// // 4 comments

The NDictionary was Awarded The e-Swabhimani from ICTA

ගොඩ කාලෙකට පස්සෙ අද ගමේ යාළුවන් එක්ක ටිකක් විනෝද වෙන්න අද අවස්තාව ලැබුන. පසුගිය මාසයක් පුරාම කැම්පස් එකේ Exam ලිවුව. ගෙදර ආවට පස්සෙ තවත් සෑහෙන්න වැඩ. ගමේ වැඩනොකරන පරිගනක් පහකට වඩා හදන්න උනා. ඔහ් ෂිට් මේ වැඩ අස්සෙ බ්ලොග් එක අමතක වෙලා ගිහිල්ල නේ. ඉතින් අද උදේ 2ට විතර නැගිටල Hutch Midnight Plan එක Active කරන්න ගියාම රු99ක් කැපුන, මල කෙලියයි මෙන්න 1gb ලු මට ලැබුනෙ, ඒකත් එක දවසලු.  හොයල බලන කොට hutch කට්ටිය ඒකටත් ගේම දීල. ඉතින් මොනව කරන්නද? වෙබ් Surf කිරිල්ල පැත්තක දාල Torrent එකක් දාල නිදා ගත්ත. ඔය පාර නිදි මරන්නෙ නැතුව නිදා ගන්න පුලුවන් වෙයි. හිමින් සීරුවෙ වෙන ලාබ පැකේජ් එකකට මාරු වෙන්න ඕන.

ඔන්න ඔහොම පසුගිය විස්තර කියාගෙන යනකොට මත්ක් වුනේ. NDictionary එක e-Swabhimani සම්මානයක් Win කලා නේ. Ceremony එක Exam දවස්වල  තිබ්බ නිසා යාලුවන්ට කියන්නත් බැරි වුනා. ඉතින් ලොකු අත්දැකීමක් ලැබුන. ලොකු Software Companies වල අය තමා ගොඩක් හිටියෙ. ඉතින් ගොඩක් සතු‍ටුයි. මේ කාලෙදිම මට ඔය සම්මනයක් ටච් කරන්න ලැබුනට. උත්සවය තිබ්බෙ කොළඹ Cinnamon Grand Hotel එකේ. සිංහලෙන්ම කියනවනම් පට්ටයි.



මේ සම්මාන උලෙල සඳහා නිර්මාණ ‍තෝරන ලද විනිශ්චය මණඩලය NDictionary එක ගැන අදහස් පල කල ආකාරය Magazine එකේ දාල තිබ්බෙ මෙන්න මේ විදියට.

"People learn a language best when they use it in their day to day activities  Therefore, NDictionary is a product developed to teach English 'on the go'. From browsing the web. to word processing to watching a movie, the NDictionary has built-in functions that enable words/sentences which cannot usually be copied to be translated into any of its three working languages.

NDictionary's "Real-time Subtitle Translating  feature is very useful tool that makes learning English effortless and interesting  With this feature people get the opportunity to watch and understand the script of their favorite English moves/dramas while learning English at the same time. Further, this feature can enable students to follow video based distance learning offered over the internet - thus promoting self - learning as well as English learning.

Other features such as the top 10 words/sentences for the day, daily English learning tips, language learning games and access to English chat network with an auto grammar correction tool make NDictionary an interactive tool promoting active language learning through many methods and forms.

The fact that this software is offered free of charge makes it accessible to all. Further achieving over 1500 downloads in a period of just there months is a clear indications of its popularity and a reflection that it satisfies a growing need."

ඉතින් NDictionary Software එක හොඳයි කියල හිතෙනවනම් ඔයාලගෙ යාලුවන්වත් දැනුවත් කරන්න, එකට බොහොම ස්තුතියි. ඒ වගේ පහල ලින්ක් එකෙන් Sourceforge Site එකේ NDictinary සඳහා Vote එක ලබා දෙන්න, Thank.

http://sourceforge.net/projects/namal-dic/reviews/



Read More

Saturday, January 5, 2013

// // 1 comment

S-R Flip-Flop ලිපි පෙළක් Sinhalen.


The NDictionary 2013 Version එකේ Beta Version එකෙන් පසුව ජනවාරි පලවෙනිද Stable Version එක රිලීස් කරල ටිකක් නිදහස්. තව අවුරුද්දක්ම තියෙනව නේ NDictionary 2014 Version එකේ වැඩකටයුතු සම්පූර්ණ කරන්න. ඊට කලින් තවත් ඔයාලට වැදගත් Software 2ක් රිලීස් කරන්නත් බලාපොරොත්තු වෙනව. නිදහස් කියල කිවුවට කැම්පස් එකේ එක්සෑම් කට උඩටම ඇවිත්. මේ දවස් වල ඉලෙක්ට්‍රොනික් ප්‍රොජෙක්ට් එක හින්ද දවසෙම ඉලෙක්ට්‍රොනික් ලැබ් එකේ. ප්‍රොජෙක්ට් එක හින්දම S-R Flip-Flop එක ගැන ටිකක් වැඩිපුර ඉගෙන ගන්න ලබුන. ඒ හින්ද හිතුන S-R Flip-Flop ගැන ලිපි පෙලක් ලියන්න ඕන කියල හිතුන. S-R Flip-Flop  කියන්නෙ මොකක්ද? එහි ප්‍රයෝජන?  ඒ දැනුමෙන් කොහොමද ඔයාලට අවශය්‍ය දෙයක් වෙනුවෙන් පරිපතයක් ඩිසයින් කරගන්නෙ කියල?. ගොඩක් අමාරු දෙයක් නෙවෙයි. එහෙනම් සුපුරුදු පරිදි නාමල් යායෙන් තාක්ශනික ලිපි පෙළක් අරබමු.


මේ තියෙන්නෙ S-R Flip-Flo පරිපතය


S-R Flip-Flop එකකින් බලාපොරොත්තුවන ප්‍රයෝජනය තමා කුඩා මතකයක්. කලින් කලේ මොකක්ද කියල මතක  තබාගැනීම ඉලෙක්ට්‍රොනික් ප්‍රයෝජනයට ගන්න ගොඩක් වැදගත් වෙනව. උදාහරනයක් විදියට පහල පරිදි වතුර ටැංකියක් තියෙනව කියල හිතන්න.



මෙහි මට ඕනෙ B මට්ටමට වඩා වතුර මට්ටම පහල බැස්ස ගමන් වතුර මෝටරය ක්‍රියාත්මක වෙලා ටැංකිය Automatically පුරවන්න. ඒත් A මට්ටමට ආපු ගමන් මෝටරය නවතින්න. ඔය සඳහා අපට පුලුවන් මොකක් හරි ඇටවුමක් හදාගන්න. ඒත් එහිදි බොහෝදුරට වෙයි A මට්ටමට වඩා වතුර පහල බැස්ස ගමන් මෝටරය ක්‍රියාත්මක වෙලා යලිත් වතුර පිරෙන එක. එතකොට නිතරම මොටරය ක්‍රියාත්මක වෙලා තියෙන්න පුලුවන්. එහෙම නෙවෙයි A මට්ටමට වඩා අඩු උනත් B මට්ටමට වඩා අඩු වෙනකන් නැවත් මොටරය ක්‍රියාත්මක නොවී තියෙන්න එක මෙතනදි බොහොම වැදගත්.

හරි දැන් ඕකට අපිට Internet එකෙන් Circuit එකක් හොයාගන්න බැරිවෙයිද? ඒක නෙවෙයි වැදගත් අපිට මේ  S-R Flip-Flop  එක ගැන ටිකක් ඉගෙන ගෙන තියේනම් සාමන්‍ය බාවිතයෙ තියෙන 7476 IC එක බාවිතයෙන් ඔයාලට ඕනම ප්‍රයොජනවත් දෙයක් කරගන්න පුලුවන්.අපි ලොකු ප්‍රයෝජන ඉදිරියෙදි සාකච්චා කරමු.

අපි ටිකක් බලමු ඉහත ටැංකියට වතුර පුරවන්න මෙමරි එක වැදගත් වෙන්නෙ කොහොමද කියල.
මෙහෙමයි B මට්ටමට වඩා වතුර මට්ටම පහල බැස්ස ගමන් මෝටරය ක්‍රියාත්මක වෙනව. ඒ වගේම ඒ සිග්නල් එක මතක් තියාගෙන වතුර මට්ටම B මට්ටමට ලඟා උනත් Relay Switch එක දිගටම On කරගෙන තියාගන්නව. A මට්ටමට අපුවහාම වතුර මොටරය Off කරනව වගේම A මට්ටමට වඩා වතුර මට්ටම පහල බැස්සම කලින් මෝටරය Off කලා කියන එක මතක තියාගෙන Relay එක දිගටම Off කරල තියා ගන්නව B මට්ටමට වඩා පහල බහින කම්. ඔය ක්‍රියාවලි අපට වෙනත් දේකටත් ගේමක් නැතුව යොදා ගන්න පුලුවන්. ඒ වගේම ඔයිට වැඩිය සංකීර්න දේ වෙනුවෙනුත් පුලුවන් හොදේ.

Exam හින්ඳ අදට නවතිනව. මීලඟ ලිපියෙන් S-R Flip Flop එකේ ක්‍රියාවලිය අධ්‍යනය කරන්න ඉක්මනින් හමුවෙමු.


Read More

Monday, December 31, 2012

// // 54 comments

English Sinhala Dictionary - Download The NDictionary 2013


ආයුබෝවන් කියල 2013 වසරට සපැමිණි ඔබ සියලු දෙනා නාමල් යායට පිළිගන්නව. අලුත් අවුරුද්දේ ඔයාලට නාමල් යායෙන් The NDictionary 2013 Stable Version එක දෙන්න තමා මේ සූදානම.


සුපුරුදු පරිදි 2013 Version එක දෙන්න කලින් ගිය මාසය පුරාවට අලුත් Options ගැන සඳහන් කරමින් ලිපි කීපයක් පල කලා මතක ඇති නේ. අලුත් Options ගැන හොයා බලන්න කලින් The NDictionary Software එක ගැන නොදන්න කට්ටිය පහල Video එකෙන් එහි විශේෂත්වය හා පහසුකම් පිළිබඳ විස්තර බලල ඉන්නව නම් හොඳයි. නැතිනම් පහල ලින්ක් එකෙනුත් විස්තර දැනගන්න පුලුවන්. 2012 Version එකට හදපු Video එකක් තමා මේ. 2013 Version එකේ අලුත් Options පහල දාල තියෙනව.





(Screenshot of Right Click on System Tray "N" Icon)

2013 Version එකෙන් දෙන්න බලාපොරොත්තුවන දේ පිළිබඳ සාරංෂයක් පහලින් බලන්න. අදාල ලින්ක් වලින් ඒ ඒ යටතේ වන වැඩි විස්තර ගන්න පුලුවන්.

1) English-English Dictionary
විශේෂ වෙනස් කමක් ලෙස කියන්න පුලුවන් English-English Dictionary මෙත්ඩ් එකක්ද එකතු කලා. යම් වචනය සිංහල තේරුම හොයද්දි එම වචනයට අදාලව නිසියාකාර තේරුමක් ඩික්ශනරිය මගින් සිංහලෙන් ලැබුනෙ නැතිනම් ඔබට පුල්වන් English වලින් දී ඇති තේරුම ලබාගන්න, More Button එක Click කර එහි ඇති English Definition යන විධානය Select කරන්න. එහි උදාහර පවා දැකගන්නට පුලුවන්.  Default Dictionary එක ලෙස English-English Dictionary එක Use කරන්න ඕනිනම් Settings වලින් පුලුවන් ඔබට මේ Option එක Active කරගන්න.

2) Subtitle Translator 
Subtitle Translator එකෙහි දැනට තිබෙන වර්ශන් වලදි subtitle එක Auto තමා Detect කරගන්නෙ. එය  Manually Add කරගන්න පුලුවන් ලෙස සැකසුව.

3)English Learning Tools
English Learning Tools යටතේ ලබා දීල තියෙන දෙයක් තමා English Tip Tool එකක්, එහිදී දවසකට එකක් ලෙස English වල වාක්‍ය ගොඩනැගීමේදී බාවිතා වන Tricks ඔබට නැරඹීමට අවස්තාව ලැබෙනව.

4) Top 10 Words Game
මෙය කලින් ලබාදීල තියෙන Top 10 Words of the Day සමග වැදගත් වන Option එකක් කීවොත් නිවැරදියි. එහිදී අලුතින් පාඩම් කල වචන හුරුවීම සඳහා මේ Game එකෙහි යෙදෙන්න පුලුවන්.

5) Question
Games යටතේ තවත් දී ඇති Tool එකක් තමා Question, එමගින් ඔබට පුලුවන් English වල යෙදෙන නිපාත (preposition) පිළිබඳ වැඩි දුරට අධ්‍යනය කරන්න.

6) Speech
Speech මගින් English වචනයක් Pronounce වන ආකාරය ඇසීමට පුලුවන්.

7) Real Time Search 
ඩික්ශනරියේ Max View එකේ සිට English වලින් හෝ සිංහල වලින් වචනයක් Search කිරීමේදී වචනය Type කරන අතර තුර ඒහා තිබෙන වචන ටික ඉක්මනින් ගෙනහැර දැක්වීම කරනු ලබයි.

8) Top 10 Sentences
මෙයත් Top 10 Words of the Day වගේම එකක් කියන්න පුල්වන්. Game එකක් ලෙසත් Use කරන්න පුලුවන්. සරලවම කියනවනම් දවසකට සිංහල වාක්‍ය 10ක් මෙයින් ගොඩනගා දෙනව. ඔබට තියෙන්නෙ ඒවා English වලට පරිවර්තනය කර නිවැරදිද කියල බලා අවබොද කරගැනීම.



2013 Version එක 100%  Responsible & 100% Virus Free Certificate එක Softpedia American Site එකෙන් ලාබාගත්ත බව සතුටින් සඳහන් කරන්න කැමතියි.

Download Link එක දෙන්න කලින් කියන්න සතු‍ටු කාරනක් තියෙනව. ඒ තමා Sri Lanka Inventor Commission එකෙන් පවත්වන ලද සහසක් නිපැයුම් 2012 තරාඟාවලියේදී The NDictionary Software එකට  National Significant Invention Award  එක දිනාගන්න පුලුවන් උනා. ඒ වගේම ICTA එක මගින් පවත්වන e-Swabhimani සම්මානයටත් මේ අවුරුද්දෙ නාම යෝජනා ලබල තියෙනව.

ඩික්ෂනරි Software එකට කැමතිනම් Like එකක් දාන්න.


Sourceforge.net!



Get it from CNET Download.com!



Get it from www.softpedia.com!


නාමල් යාය ඔස්සෙ ඔබට සැමදාම අලුත් දේ ලබා දෙනව. ඒ පිළිබඳව විස්තර Facebook හරහා ලබාගැනීමට Namal Yaya Page එක Like කිරීමෙන් ඔබට පුලුවන්.





Flag Counter



 Subtitle Translator (Share This Picture) 



Read More

Saturday, December 29, 2012

// // 5 comments

2013ට කලින් NDictionary Downloads 2500 ඉක්මවයි.


2013 ලබන්න තව දින දෙකයි නේ. ඒ නිසා මේ දවස්වල නාමල් යායෙත් හනි හනිකට වැඩ. මොකද The NDictionary 2013 Version එකේ Stable Release එක කරන්න ඕනි නේ. හරියටම කිනවනම් 2013 ලෙස එන්නෙ දෙවනි වර්ශන් එක කීවොත් නිවැරදියි. මේ වර්ශන් එකේදී ලොව පිළිගත් Download Site කීපයක Lab Test Pass කරගන්න NDictinary එකට පුලුවන් වීම ලොකු වැදගත් කමක් කියල කියන්නත් සතු‍ටුයි.

දෙවනි වර්ශන් එකට එන්න කලින් තිබ්බෙ 2012 වර්ශන් එක Alfa, Beta , Stable විදියට Release කීපයක්ම පහු කරා මතක ඇති. Beta Version එක එනකොට Downloads  තිබ්බෙ 488යි. ඒ Download කරපු අයගෙ Review මතින් තමා 2012  Stable Version එකට එනකොට ගොඩක් අඩුපාඩු අවම කරගන්න ලැබුනෙ. කොහොම උනත් Stable Version එකෙන් පස්සෙ නම් ටිකක් ජනප්‍රියත්වය වැඩි උනා කීවොත් නිවැරදියි. Blog පාඪක පිරිසට අමතරව ගොඩක් අය නාමල් යායට ගොඩවැදිල තිබ්බ ඩික්ෂනරි එක Download කරගන්න. අද වෙනකොට ඩවුන්ලෝඩ් ප්‍රමානය 2500ත් ඉක්මවල තිබෙනව කීවොත් නිවැරදියි.  ඒ සඳහා Source-forge Site එකේ Stat වලට තිබ්බ සටහන මේහෙමයි. කෙසේ නමුත් මෙය ලොකු ප්‍රමානයක් නොවේ. නමුත් Blog  එක හරහා මිසක් වෙන්ත ප්‍රචාරන ක්‍රම නොමැතිව මෙපමන දුරක් අවුරුද්දකින් පැමිණීම ලොකු දෙයක් ලෙස මට දකින්න පුලුවන්.





මීට අමතරව Google Search එක හරහා Cnet එකෙන් හා Softpedia Download Site වලින්ද Download 300 ට ආසන්න ප්‍රමානයක් තිබ්බ.

2013 වර්ශන් එකේදී තිබෙන Option කලින් ඒවට වඩා දෙගුනයකටත් වඩා වැඩියි, ඒ සියල්ල මට කරගන්න ලැබුනෙ University Strike එක නිසා කීවොත් නිවැරදියි. ඒ මාස 3ක විතර මහන්සියෙ ප්‍රතිඵල ලෙස Sri Lanka Inventor Commission එකෙන් Award එකකුත් ලබාගන්න පුලුවන් කම ලැබුන. Sri Lanka ICTA එක මගින් පවත්වන e-Swabhimani 2012 සඳහාත් නාමයෝජනා ලබල තියෙනව.



Read More

Monday, December 24, 2012

// // 2 comments

The NDictionary Got a 100% responsible Certificate from softpedia.com

The NDictionary 2013 Version එක 100%  Responsible & 100% Virus Free Certificate එක Softpedia Software Download Site එකෙන් ලාබාගත්ත බව සතුටින් සඳහන් කරන්න කැමතියි.



ඒ පිළිබඳ සඳහන් කරමින් මට ලැබුනු e-mail පනිවුඩය මෙහෙමයි වුනේ.





Congratulations,

"The NDictionary" has been tested in the Softpedia labs using several
industry-leading security solutions and found to be completely clean of
adware/spyware components. We are impressed with the quality of your
product and encourage you to keep these high standards in the future.

To assure our visitors that The NDictionary is clean, we have granted it
with the "100% CLEAN" Softpedia award. To let your users know about this
certification, you may display this award on your website, on software
boxes or inside your product.

http://www.softpedia.com/progClean/The-NDictionary-Clean-227062.html





Read More

Sunday, December 23, 2012

// // 3 comments

Subtitle Translator

"Subtitle Translator එකෙහි පොඩි අංගයක් එකතු කරන්න බලාපොරොත්තු වනෙව" කියල තමා පොරොඳු නම් උනේ. ඒ විදියටම ඒ පොරොන්දුව ගොඩදාගන්න පුලුවන් උනා කීවොත් නිවැරදියි., දැනට තිබෙන වර්ශන් වලදි subtitle එක Auto තමා Detect කරගන්නෙ. එය Manually Add කරගන්න පුලුවන් ලෙස හදන්න කියලත් ඉල්ලල තිබ්බ. ඉතින් ඒ Option එක එකතු කලා.

Subtitle Translator එක වැඩ කරන ආකාරය ඔයාල දැනටමත් දන්නවනේ. දැන් තිබෙන ක්‍රමයේදි Film එක තිබෙන Folder එකේ තිබෙන Subtitle File එක සුපුරුදු ලෙසම Auto ලබාගන්නව. නමුත් ඔබෙන් අසනව එම File එක Load කරගන්නද කියල. No ලබාදීමෙන් ඔබට පුලුවන් වෙනත් Subtitle File එකක් තොරගන්න. එසේම අදාල Folder එකේ Subtitle File එකක් නැතිනම් හෝ තිබෙන Subtitle File  එකේ යම් Error එකක් ඇතිනම් Subtitle File  එකක් ‍තෝරා ගැනීමටද ඔබට අවස්තාව ලබා දෙනවා.



මෙම Subtitle Translator එක 2013 Beta Version එකේ Active නොවන බව කරුනාවෙන් සලකන්න.



Read More

Saturday, December 22, 2012

// // Leave a Comment

Real Time Search


ඩික්ශනරියේ Max View එකේ සිට English වලින් හෝ සිංහල වලින් වචනයක් Search කිරීමේදී වචනය Type කරන අතර තුර ඒහා සමානව තිබෙන වචන ටික ඉක්මනින් ගෙනහැර දැක්වීම කරනු ලබයි.



එසේත් නැතිනම් Mini Window එකේ සිට යම් වචනයක් Type කර Max Window එක ගැනීමට "<" Button එක Click කල විගස කලින් ලෙසම ප්‍රථිපලය ‍රැගෙන Max Window එක ලැබේ.
Read More

Sunday, December 16, 2012

// // 4 comments

The NDictionary Awarded from The Sri Lanka Inventor Commission


සුපුරුදු පරිදි මගෙන් ලැබෙන පෝස්ට එකක් වෙනුවට අද මම මගේ සතුට ඔයාලත් එක්ක බෙදාගන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. ඔයාල ගොඩක් දෙනා දැනට බාවිතා කරන The NDictionary මෘදුකාංගය 2012 SLIC දසිස් සම්මනා උළෙලේ දී National Significant Invention සඳහා වන සම්මනාය University Category එක සඳහා ප්‍රථමස්ථානය ලබා ගනිමින් ජයග්‍රහනය කලා.

                     මේ නිර්මාණය කිරීමේන් මම බලාපොරොත්තු වුනේ සමාජය උදෙසා මට තිබුන අවශ්‍යතා වලට අනුව පිළිතුරක් ලබා දීම පමණයි. ඒ කියන්නෙ පවතින Off-line Dictionary වෙනුවට වඩා ප්‍රයෝජනවත් පහසු Dictionary Software එකක් නිර්මාණය කිරීමයි. ඉතින් ඒ පිවිතුරු අදහස ඔස්සේ මගේ අනාගතයත් ගොඩනැගිල තියෙනව කියල මම සතුටින් කියන්න කැමතියි. අවුරුද්දක කාලයක් තිස්සේ බොහෝ දේ කැප කරල ලඟා කරගන්න තිබුන වෙනත් දේ පසු පස යන්නෙත් නැතිව මේ වෙනුවෙන් දිචා රෑ කැපවෙලා මම අද ගොඩක් සතුටක් ලබනව.



               මෙලෙස මට මේ සම්මානය ලබා ගැනීමට මට මුළ ඉදල උදවු ලබාදුන් පිරිසට බොහොම ස්තුති වන්ත වෙනව. ඒ අතුරින් මගේ Facebook යාළුවෙක් විශේෂයි. මම මේ නව නිර්මාණය් තරඟය ගැන දැනගෙන සිටියත් ඒ සඳහා Software ඉදිරිපත් කරන්න පුලුවන් කියන කාරනය මම දැනගත්තෙ ඔහුගෙන්.  මගේ Blog එකේන් Patent බලපත්‍රයක් ලබාගන්න අකාරය ගැන කියවන්න පැමිණ ඒ හරහා මට Request කරල මට එදාම ඔහු මේ News එකත් ලබාදුන්න. ඔහු නමින්  Udayanga Senarath ඉතින් ඔහුට ඒ වෙනුවෙන් ගොඩක් ස්තුතියි. ඒ වගේම මේ නිර්මානයේ වැරදි අඩුපාඩු පෙන්වා දෙමින්, යෝජනා ඉදිරිපත් කරමින් ගොඩක් අය උදවු කලා. ඒඅය වෙනුවෙන් වෙනමම ලිපියක් දාන්නත් ඕන.

                           ඒ වගේම දසිස් වැනි බාරදූර සම්මාන උළෙලක් සංවිධානය කල Sri Lanka Inventer Commission එකේ අධ්‍යෂක Mr.Deepal Sooriyaarachchi ඇතුලු කාර්ය මණ්ඩලයටත් ස්තුති වන්ත වෙනව. ඒ වෙනුවෙන් ඔවුන් රුපියල් මිලියන 10ක මුදලක් වෙන් කරල තිබීම ශ්‍රි ලංකාවෙ අනාගතය උදෙසා ගත්තු ලොකු පියවරක්. ඒ වගේම තාක්ෂන හා පර්යේෂන අමත්‍යංශයේ සියලුම දෙනාටත් ස්තුතියි.
Read More

Saturday, December 8, 2012

// // Leave a Comment

Speech - The NDictionary.



යම් English වචනයක් Pronounce කරන ආකාරය දැනගැනීමට මෙමගින් ඔබට පහසුකම් සලසනවා. ඔබට කරන්න තියෙන්නෙ අදාල වචනය Search Box එකේ Type කරල N Dictionary Window එකේ පවතින More Button එක Click කරල එහි ඇති Speech යන විධානය Select කරන එක.





Read More