Sunday, December 16, 2012

// // 4 comments

The NDictionary Awarded from The Sri Lanka Inventor Commission


සුපුරුදු පරිදි මගෙන් ලැබෙන පෝස්ට එකක් වෙනුවට අද මම මගේ සතුට ඔයාලත් එක්ක බෙදාගන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. ඔයාල ගොඩක් දෙනා දැනට බාවිතා කරන The NDictionary මෘදුකාංගය 2012 SLIC දසිස් සම්මනා උළෙලේ දී National Significant Invention සඳහා වන සම්මනාය University Category එක සඳහා ප්‍රථමස්ථානය ලබා ගනිමින් ජයග්‍රහනය කලා.

                     මේ නිර්මාණය කිරීමේන් මම බලාපොරොත්තු වුනේ සමාජය උදෙසා මට තිබුන අවශ්‍යතා වලට අනුව පිළිතුරක් ලබා දීම පමණයි. ඒ කියන්නෙ පවතින Off-line Dictionary වෙනුවට වඩා ප්‍රයෝජනවත් පහසු Dictionary Software එකක් නිර්මාණය කිරීමයි. ඉතින් ඒ පිවිතුරු අදහස ඔස්සේ මගේ අනාගතයත් ගොඩනැගිල තියෙනව කියල මම සතුටින් කියන්න කැමතියි. අවුරුද්දක කාලයක් තිස්සේ බොහෝ දේ කැප කරල ලඟා කරගන්න තිබුන වෙනත් දේ පසු පස යන්නෙත් නැතිව මේ වෙනුවෙන් දිචා රෑ කැපවෙලා මම අද ගොඩක් සතුටක් ලබනව.



               මෙලෙස මට මේ සම්මානය ලබා ගැනීමට මට මුළ ඉදල උදවු ලබාදුන් පිරිසට බොහොම ස්තුති වන්ත වෙනව. ඒ අතුරින් මගේ Facebook යාළුවෙක් විශේෂයි. මම මේ නව නිර්මාණය් තරඟය ගැන දැනගෙන සිටියත් ඒ සඳහා Software ඉදිරිපත් කරන්න පුලුවන් කියන කාරනය මම දැනගත්තෙ ඔහුගෙන්.  මගේ Blog එකේන් Patent බලපත්‍රයක් ලබාගන්න අකාරය ගැන කියවන්න පැමිණ ඒ හරහා මට Request කරල මට එදාම ඔහු මේ News එකත් ලබාදුන්න. ඔහු නමින්  Udayanga Senarath ඉතින් ඔහුට ඒ වෙනුවෙන් ගොඩක් ස්තුතියි. ඒ වගේම මේ නිර්මානයේ වැරදි අඩුපාඩු පෙන්වා දෙමින්, යෝජනා ඉදිරිපත් කරමින් ගොඩක් අය උදවු කලා. ඒඅය වෙනුවෙන් වෙනමම ලිපියක් දාන්නත් ඕන.

                           ඒ වගේම දසිස් වැනි බාරදූර සම්මාන උළෙලක් සංවිධානය කල Sri Lanka Inventer Commission එකේ අධ්‍යෂක Mr.Deepal Sooriyaarachchi ඇතුලු කාර්ය මණ්ඩලයටත් ස්තුති වන්ත වෙනව. ඒ වෙනුවෙන් ඔවුන් රුපියල් මිලියන 10ක මුදලක් වෙන් කරල තිබීම ශ්‍රි ලංකාවෙ අනාගතය උදෙසා ගත්තු ලොකු පියවරක්. ඒ වගේම තාක්ෂන හා පර්යේෂන අමත්‍යංශයේ සියලුම දෙනාටත් ස්තුතියි.

4 comments :

  1. Thanks Gayani akka.

    ReplyDelete
  2. Thanks Tharindu

    ReplyDelete
  3. මගේ උණුසුම් සුභ පැතුම් මල්ලී
    http://manasindiviyata.blogspot.com/2012/12/blog-post.html

    ReplyDelete