Thursday, April 12, 2012

// // 2 comments

ජීවිතය අලුත් නිර්මාණයකින් ජයගන්න කැමතිද?



මගේ ජීවිතයේ වීරයි දෙන්නෙක් ඉන්නව. ඒ Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සහ  Apple නිර්මාතෘ ස්ටිව් ජොබ්ස්. එයිනුත් මාර්ක් නම් ගොඩක් වැදගත් පොරක්. පොරගෙ Facebook  නිර්මාණයේ කතා දකිනකොට අමුතු උද්වේගයක් දැනෙනව. කවුරුත් දන්නවනේ ඒ film එක, The Social Network. අවුරුදු 22 වන විට පොර Facebook නිර්මාණය කරල ඉවරයි. මම ඒ අයව Follow  කරන්නෙ ඒ වගෙ ඊට වෙනස් නිර්මාණයක් කරන්න මට ආසාවක් තියෙන නිසා. ඉතින් ඒ අය ගැන විස්තර කියන්න නෙවෙයි මම මේ සැරසෙන්නෙ. එවැනි Target එකක් Follow කරන අයට වැදගත් යමක් දෙන්න.

ඇමෙරිකාවෙ මාර්ක්ලට වගේ නෙවෙයි ලංකාවෙ අපිට ඔය වගේ Target එකක් Follow කරන එක පහසු නෑ. මේ වගේ අලුත් දෙයක් කරනවනම් ඒකට English  වලින් කියන්නෙ Startup Project කියල. ඒ වගේ දේවල් සඳහා ඇමෙරිකාවෙනම් විශේෂ සංවිධාන හා ක්‍රමවේද තියෙනව උදව් ගන්න. ලංකාවෙ අපිට කොයින්ද ඕව. ඒ නිසා අවුරුදු 22 බැරිවුනත් මම මගේ Target එක Follow කරන එකනම් නවත්තනෙ නෑ.

ඉතින් Startup Project ගැන අධ්‍යනය කරන එක මගේ දින චර්යාවෙම අංගයක් වෙලා. ලගකදී Internet එකේ මේ ගැන හොයනකොට හම්බ වුනා ශිරා පොතක්. ශිරා කියල හිතනව තාම සම්පූර්ණයෙන් කියවන්න Time එකක් නම් ලැබුනෙ නෑ. ඉතින් Startup  ඒකක් ගැන උනන්දුවක් තියෙන කෙනෙකුට පුලුවන් මේ පොත කියවන්න, කියවල තමාගෙ Target එක Follow කරන්න. පොතේ නම තමා The Lean Startup කතුවරය Eric Ries. ඔහුට පින් සිද්ද වෙන්න ඕන.

මුලින්ම හොද Inovation Idea එකක් හොයාගන්න. ඊට පසුව මේ පොත කියවන්න. තව Startup  ගැන අධ්‍යනය කරන්න.කොහොම හරි සාර්තකත්වය කරා යන්න. පහල ලින්ක් එකෙන් පොත Download කරගන්න. පුලුවන් කෙනෙක් ඉන්නවනම් පොත සිංහලයට පරිවර්තනය කරන්න. ගොඩක් අයට වැදගත් වෙයි. මට Typing  වලට වෙලාව තමා නැත්තෙ. පුලුවන් වුනොත් සිංහල  Audio Book එකක් හදල දාන්නම්. ඔන්න එහෙනම් මම නවතිනව

http://www.filestube.com/b26dc57a8b058cbf03eb/go.html
Read More
// // Leave a Comment

නාමල් යායේ අවුරුදු සුභ පැතුම් විදගන්න.


ජීවිතය හරිම සුන්දරයි කියල මට හිතුන වාර ගනන අනන්තයි? 
මොකද මාගේ විනොදාන්ශය තමා එදිනෙදා ජීවිතයේ මට චිදින්න වෙන ප්‍රශ්න වලට Solution, Electronic චලින් හෝ Software වලින් සොයන්න Try කිරීම ඒක මගේ සතුටට හේතුවෙන්නෙ ඒ විසදුම් සමාජය ප්‍රයෝජන ගන්නව දැකීම.

ලඟකදි ඉදල මගේ ජීවිතය අසුන්දරයි කියල හිතුන වාර ගනනත් අනන්තයි?
මොකද කවදාවත් නැති විදියට මගේ ජිවිතයට ලංවූ කෙනෙක් නිසා. ඒ හැගීම් මට අයිති කරගන්න බැරි බව දැන දැනත් හිත පිස්සු කෙලිනව. මට මේකට Electronic වලින් හෝ Software වලින් Solution එකක් හොයන්න බැරි නිසාද මම දන්නෙ නෑ මට මේ කාරනෙයෙදි හිත හදා ගන්න බැරි. කොහොම වුනත් ඒ ළමය මාත් එක්ක සුහඳව ඉන්නවනම් ඒකත් හිතට සැනසීමක් කියල හිතෙනව. කියන්න තියෙන දේවල් කියන්න බැරි වුනොත් තාක්ෂනික ලිපි වලින් මිදිල ඒ හැගීම වලින් නාමල් යාය ලස්සන කරන්න මට හිතෙනව.

ජීවිතය සමබර කරන්න දෛවය කරන සරදමක් මේ අවුරුදු කාලෙ මම අත් විදින අතරෙ බ්ලොග් අවකාශෙ මගෙ යහළු යෙහෙලියන් මතක් වුනා

ඉතින් නාමල් යායේ තාක්ෂනික මිහිර විදින්න  එන යන ඔයාලට  ලබන්නාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සුන්දර වේවායි එක හිතින් පතනව!!!


Read More
// // Leave a Comment

Facebook E-mail Notification වදයක් වෙලාද?

පසු ගිය දවසක මගේ යාළුවන් කීපදෙනෙක් කතාබහකට සෙට්වුන මට පැහැදිලි වුන කාරනයක් තමා ඔය දාල තියෙන මාතෘකාව. ඉතින් උන් අන්තර්ජාලය පිළිබද මනා දැනුමකින් යුතු සෙට් එකක්. එහෙම උන්ටත් මේ ගැටලුව තියේනම් තව කී දෙන්ක්ට මේ ගැටලුව ඇත්ද කියල හිතුන නිසා උන්ටත් කියල දීල Blog post එකක්කුත් දන්න හිතුන. මම නම් මේ ක්‍රමේ ගොඩක් කල් ඉදල බාවිතා කරන ක්‍රමයක්. Facebook Seting සහ Gmail වල e-mail managing method තමා use කරන්නෙ. ඉතින් ගොඩක් අයට තනියම හිතල විසදගන්න පුලුවන් ගැටලුවක්, ඒත් බ්ලොග් අවකාශයේ මේ ප්‍රශ්නෙ තාමත් තියෙන අයට වැදගත් වේවි.

මුලින්ම මේ මේල් එවන ෆේස්බුක් එකේ සෙටින්ග් ගැන අවදානය යොමු කරමු.
මුලින්ම Account Setting වලට ගිහින් Notification ලින්ක් එකෙන් ඔයාලට All Notification වල එක එකක් ඉදිරියේ Edit වලින්  වැදගත්ම Notification සඳහා පමනක් Tick කරන්න.




දැන් බලමු එසේ ලැබෙන E-mail ටික මගිනුත් Inbox එක පිරෙන්නෙ නැතිවෙන්න e-mail ටික Manage කරගන්න විදිය. එතකොට Facebook මගින් ලැබෙන mail ටික Facebook යටතේ Group වනු ඇත.

ලැබිල තියෙන Facebook E-mail Notification එකක් විවෘත කරගන්න.
දැන් ඉහලින් ඇති More Link එක Click කරල Filter messages like these මත Click කරන්න.



ලැබෙන  මෙනු එක මත ඇති Create filter with this search >> මත Click කරන්න.



රූපයේ දැක්වෙන පරිදි Tick දමා Apply the label ඉදිරියේ Chose label  ලින්ක් එකට ගොස් New Label මගින් Facebook ලෙස Label  එකක් Create කර නිල් පාටින් දැක්වෙන Create Fiter Button එක Click කරන්න. දැන් ඉති විසදුම ක්‍රියාත්මකයි.




හොදයි අවුරුද්ද ඉවර වුන ගමන් University එකේ Exam ඊට පසුව තමයි Computer Trix අරගෙන මේ පැත්තෙ එන්න වෙන්නෙ. අලුත් Software  එකකයි Electronic Device එකකයි වැඩට බහින්නත් තියෙනව, Namal Dictionary 2012 Release කරන්නත් තියෙනව. ඉතින් අලුත් නාමල් යායෙ අලුත් විස්තර Facebook ඉදල දැනගන්න Namal Yaya Facebook Page එකටත් like එකක් දන්න.
Read More

Thursday, March 29, 2012

// // 7 comments

මම ඉගෙනගත් ලොකුම පරිගනක පාඩමක්.

මේ දේ සිදු වුනේනම් මට පරිඝනකය ලැබුන මුල්ම දවස් වල වගේ. මුලින්ම පරිගනකයක් ලැබුනම කවුරුත් කරන්නෙ Game ගහන එකනේ. ඉතින් මමත් ඒ සම්ප්‍රදායෙන් බිදෙන්නෙ නැතුව Game  ගැහුව සොරි සොරි Game  මැරුව කීවොත් නිවැරදියි. හැම වර්ගයකම Game, ඒ කිවුවෙ Adult Game පවා... (දැන්නම් වැඩිහිටියෙක් කියල හිතන් හිටියට ඒ දවස් වලනම් 11 වසරෙ වැඩිහිටියෙක් නොවැ...). ඉතින් දැන්නම් Game ගහනවට වඩා අසාව තියෙන්නෙ මොකක් හරි Creative දෙයක් කරන එක තමයි.



හොඳයි මාතෘකාවට අදාල දේ කියන්නම් කෝ. ඒ දවස් වල අද කාලෙ Call of Deuty වගේ සුපිරිම Game නෑනේ. අසාවෙන් ගැහුව Army Game  එක තමයි Delta Fource  තිබ්බෙත් Virsion 3 ද කොහෙද. ඉතින් ඒකෙ හැටියට එක වෙඩිල්ලක් වැදුන ගමන් මැරෙනව නේ. ඉතින් Mission  එකක් ඉවර කරන්න ලේසි වැඩක් නේවෙයි.  ඔහොම දවසක් ඉන්නකොට  මගේ නෑදෑ අයියකෙනෙක් ආව අපේ ගෙදර, ඉතින් Game  එක දාල දීල මම කඩේට ගිහින් එන ඩින්ගට මේක Mission  බර ගානක් ඉවර කරල නොවැ. වස ලැජ්ජාවයි. ඉතින් බලන් හිටිය මොකක්ද උපක්‍රමේ කියල.  පොර ඉදල හිටල මිනිසුන් සොයන්න දුර දක්නයක් අරගෙන එකෙන් බලල තමයි වෙඩි තියන්නෙ. ඉතින් ඇහුව කොහොමද ඒක ගන්නෙ කියල. අයියගෙ උත්තරේ උනේ මල්ලි  මවුස් එකේ Right Button එක ක්ලික් කරන්න විතරයි නේ තියෙන්නෙ කියල. අපෝ ආයිත් වස ලැජ්ජාවයි. මාස ගානක් ගැහුවන නිකමටවත් Right එක ක්ලික් කරන්න හිතුනෙ නෑ නොවැ.

ඉතින් මුල් කාලෙදි අපි කරන බලපතල වැ‍රැද්දක් තමයි පරිගනකයට බය එක. තියෙන ඔක්කොම බය නැති කරගෙන ඔක්කොම අතපත ගානවනම් ඕනම දෙයක් ඉගෙන ගන්න එක තනියම කරන්න ඉතාම පහසු කාරනයක් කියල එදා තමයි ඉගෙන ගත්තෙ. ඉතින් ඒ පාඩමත් එක මම දැන් ලොකු ගමනක් ගිහිල්ල තියෙනව. Virus එකකටවත් බය නැති ගානට. Virus එකක් උනත් Crack කරන්න තරමට ඒ බය නෑ.
ඉගෙන ගත් ගොඩක් දේවල් තනියම තමා ඉගෙන ගත්තෙ. ඒ අත්දැකීම ඔයාලගේ ජීවිතයටත් ලගාකරගන්න. ලොකු ගමනක් තියේවි.
Read More

Tuesday, March 6, 2012

// // Leave a Comment

The NDictionary 2012 - Comment Bugs\Idea


The NDictionary  කියන්නෙ මොකක්ද කියල දැන් ගොඩක් දෙනෙක් දන්නවනේ. කෙටියෙන් කිවුවොත් English  ඉගෙනගන්න පහසු කරන විශේෂ tool රාශියක් සමග  නිර්මාණය වූ English Sinhala Dictionary එකක් කීවොත් නිවැරදියි කියල එය Download කල සැම දන්නවා ඇති. හොදයි මම තාම ඔයාලට දීල තියෙන්නෙ එහි Beta Virsion එක නේ. ඉතින් තවත් මාසයක වගේ කාලයක් තුල 2012 Virsion එක Release කරන්න වැඩකටයුතු මේ දවස් වල නිමකරමින් තමා ඉන්නෙ. එහිදී අලුත් Features කීපයක් සහ කලින් පැවැති දැනගත් Bugs අයින් කරන්න පුලුවන් කම ලැබුන.

ඉතින් The NDictionary  භාවිතා කල ඔයාලට තවත් අලුත් Idea තියෙන්න පුලුවන් මෙයට Add වෙන්න ඕන තව පහසුකම් මොනවද කියල, ඒ වගේම ඔයාලට අපහසුවක් දැනුන Bugs එහෙම තියේනම් ඒවත් පහල Comment කරන ලෙස ඉල්ලා සිටින්න තමා මේ ලිපිය දාන්නෙ. Add Word to SEWdbC  හරහා ඔයාල Database  එකේ දැනට නැති වචන එහෙමත් Update කලානම් ඒවත් පුලුවන් තරම් ඉක්මනට Upload කරන ලෙසද ඉල්ලා සිටිමි. Upload කිරීමට අපහසුනම් අලුත් වචන ටික අඩංගු text file  එක namalyaya@gmail.com ලිපිනයට mail  කරන ලේසද කාරුණිකව ඉල්ලා සිටිමි.

ඒ වගේම Bugs එකක් නම් එය ඉදිරිපත් කල කෙනාගේ හා New Idea  එකක් නම් New Virsion එක Release කිරීමේදී අලුත් Features එක ඉදිරියේ එය ලබාදුන් කෙනාගේ ID එකක් ලෙස ඔබගේ Web Site  එක හෝ Facebook URL එක ඉදිරිපත් කිරීමට බලා පොරොත්තු වනවා. එයට අකමැත්තක් නොමැතිනම් ID එකට කැමති යමක් ඉදිරිපත් කරන ලෙසද ඉල්ලා සිටිමි.

මෙම නිර්මාණයේ දියුණුවට කරයුතු කරන ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි.

Read More

Wednesday, February 29, 2012

// // 1 comment

ඇයි මේ රුහුණත් පේරත් - Why This Kolaveri University Version Song.



වර්ථමානයේ විශ්ව විද්‍යාල වල පවතින අර්බුදය කවුරුත් දන්නවනේ. එම ප්‍රශ්නය විහිදුන පැති රාශියක් තියෙනව. විශ්ව විද්‍යාල සිසුන් ඒ පිළිබඳ හොඳ අවබෝදයකින් තමා ඉන්නෙ. ඉතින් ඒ ගැන ලියවුන ගීතයක් ගැන කියන්න තමා මම මේ ලිපිය ලියන්නෙ.

පසු ගිය දිනවල අපේ ජූනියර් බැච් එක වෙනුවෙන් සංවිධානය වුන නවක සිසු සාදයේදී ප්‍රදර්ෂනය උදෙසා තමා අපි මේ නිර්මාණය කලේ. මේ ගීතයේ මූලිකව අදහස මම ගෙනාවත් මෙහි ගීතය රචනා කිරීමේ කාර්ය්‍ය කරන ලද්දේ ආට. Science සිසුවෙක් උනාට පොර Art වැඩ වලට කියාපු පොර. එතකොට ගීතය ගායනා කලේ නව්ව සහ බන්ටි. එතකොට Music සහ Video Concept, Video Editing (Produce) ටික කලේ මම. මේක කරන්නෙ අන්තර්ජාලෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගන්න වුනා. ඒක ලොකු දෙයක් මට මේ නිසා ලැබිච්ච.

ලෙක්චර්ස් මැනේජ් කරගෙන සතියක් ඇතුලත වගේ කෙටි කාලෙකින් තමා නිර්මාණය කලේ. ඒ නිසා මේ සඳහා මගේ උපරිමය යොදවන්න අමාරු උනා. ඒත් හොඳ මට්ටමකට ගීතය ගේන්න පුලුවන් වුනා. ඉතින් මිඩ් එක ඉවර වෙලා පටන් ගත්තු සතියෙම නවක සිසු සාදය පැවැත් වූ නිසා ඒ සතිය කාර්ය්‍ය බහුල වූ නිසා කට්ටිය එක්වන තැනට කට්ටිය ඉන්න වෙලාවට යන්නත් බැරි වුනා. ඉතින් ගීතයේ වැඩ නිසා ජූනියස්ල මාව හරියට අඳුනනෙත් නැති වීම වගේ අමිහිරි අත්දැකීමුත් ලැබුණ. මොකද ඔය සතියෙනේ ගොඩක් කට්ටිය අඳුනගන්න සෙට් වෙන්නෙ.

ඔන්න එහෙනම් කට්ටියම බලන්නකෝ රුහුණෙ සයන්ස් එකේ වැඩ. පණිවුඩයක් ගෙනියන්න තමා නිර්මාණය කලේ. ඒ නිසා ගීතය Share කරන්නත් අමතක කරන්න එපා.


Read More

Friday, February 24, 2012

// // 3 comments

SL 1st Inventors Forum.

2012.02.24 එනම් ඊයේ දින ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Inventor Forum එකක් සංවිධානය කිරීමට Sri Lanka Inventor Commission (SLIC) එකට හැකිවුනා. දීපාල් සූරිය ආරච්චි මහතාගේ අලුත් නායකත්වයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ නවවිපැයුම් කරුවන්ගේ කොමිසම සාර්ථකත්වය කරා ගමන් කරන බවනම් මනාවට පැහැදිලි වේ. ඉහත වැඩසටහනේ සම්පූර්ණ දායකත්වය දරමින් වැඩසටහන පැවත්වීම සිදුකලේ Sri Lanka Institute of Marketing (SLIM) අයාතනයේදීය.



මෙහිදී කතාබහට භාජනය වූයේ "නව නිපැයුමක් මුදල් බවට පත් කරන අකාරයන්ය". මේ සඳහා දේශකයන් ලෙස සහභාගි වුයේ ලකී යෝගට් සමාගමේ නිර්මාතෘ ලාල් කීර්ති මහතා හා SLIM ආයතනයේ දේශකයකු වන අමිත ගමගේ මහතාත්ය. ලංකාවේ දෙසීය ගනනක් වන පේටන්ට් බලපත්‍ර ඇති නව නිපැයුම් කරුවන් පිරිසෙන් සීයක් පමණ මෙම Forum එක සහබාගි වූවා. මේ සඳහා මාද සහබාගි වූ  අතර එහිදී ලබාගත් වටිනා දැනුම් සම්බාරය ඔබ සියළු දෙනාටම දැනගැනීම පිනිස ඉදිරියේදී නාමල් යාය හරහා ඉදිරිපත් කිරීමට මා බලාපොරොතු වෙනවා.

ඒ දැනුම් ඔබගේ නව නිර්මාණයන් උදෙසාම නොව ජීවිතය සාමාන්‍ය ජීවිතයක් කරගෙන සාමාන්‍ය ජනතාව ලෙස ජීවත් වනවාට වඩා ඉහලට ගමන් කරන්න ආසාවක් ඇති සියළු දෙනාට එය වැදගත් වනු ඇත. මොකද යත් මිහිපිට මිනිසකු ලෙස ඉපදෙන ඔබට ඕනෑම දෙයක් කල හැකි මුත් ඒ ඔබ නොදන්නවා වීම ඇති ප්‍රධානම ගැටලුව වන බැවිනි.
Read More

Wednesday, February 22, 2012

// // 2 comments

DIY : Circuit අත් පලදනාවක්.

ඔන්න The Namal Dictionary එක හැදුවට පස්සෙ ලොකු ගේමක් දීල වෙනස්ම විදියෙ පොඩි නිර්මාණයක් කලා. මේක ලස්සනට පලදින්න පුලුවන්. අපතෙ යන දේවලින් තමා නිර්මාණය කලේ. පින්තූර ටික දැකකම කට්ටියට පැහැදිලි ඇතිනේ මොකක්ද කියල. මේ නිර්මාණය හින්ද කැමප්ස් එකේ කොල්ලො සර්කිට් කියලත් කාඩ් එකක් දැම්ම. ඒ වගේම සමාජයේ ප්‍රතිචාරත් හොදයි, මොකද මේ වගේ අත් පලදනාවක් හදාගත්තොත් මිසක් කඩේ ගන්න නෑ නේ.




හොදයි හදාගන්න ආස අයට පොඩි හෙල්ප් එකකුත් දෙන්නම්කො.
අවශ්‍ය උපාංග, බවුත් එකක්, ඊයම් සකර් එකක්, සර්කිට් බෝඩ් ග්‍රිල් එකක්, වයර් අඩියක් පමන, ඊයම් වයර්, පීරක්, තව හොඳ සර්කිට් බෝඩ් එකක්. මම නම් මේකට භාවිතා කලේ පරිගනක පවර් සප්ලයි එකක සර්කිට් බෝඩ් එක.




පහල රූපයේ කපාගත් කොටස් වල පින්තූර ටික පේනව. කොටස් කපාගන්න කලින් සර්කිට් බොඩ් එකේ උපරිම ලෙස කොටස් ගන්න පුලුවන් ලෙස සැලසුම් කරගන්න. ලොකු උපාංග තියේනම් ඒව ඉවත් කරලත් බලන්න. කපාගත් කොටස් වල සයිස් පහත රූපයේම තියෙනව. තමාගෙ අතේ වටප් ප්‍රමානය අනුව කොටස් ගනන සකසාගන්න. මම  හදපු එකේනම් කොටස් හයයි තියෙන්නෙ. වටප් ප්‍රමානය ගන්න වයර් එකම බාවිතා කරන්න. යම් තරමක හිඩසක් පවතින ලෙස එම වයර් එකේ දිගට කොටස් ටික තියල පාස්සගන්න කලින් බලන්න.



කොටස් අමුනන වයර් කැබැල්ලක දිග 1.2 cm පමණ හොඳයි. වයර් සිදුරු වලට දමා පාස්සද්දි කම්බි පමණ නොව වයර් එකේ රබර් කොටසත් එක්කම පාස්සගන්න නැතිනම් වයර් එක ඉක්මනට කැඩෙන්න ඉඩ තියෙනව. පාස්සන වයර් සඳහා පුලුවන් නම් නෙට්වර්ක් කේබල් කෑබැල්ලක් හොයාගන්න පුලුවන්නම් හොඳයි. මොකද කල් පැවැත්ම වැඩියි නෙ. අතේ පැලදගන්න පහසු වෙන්න රූපයේ පරිදි කෙලවර කොටසට ලොකු සිදුරු දෙකක් තබන්න. අනිත් කෙලවරේ යම් තරමක් දිග වයර් කැබැලි දෙකක් ඉතුරු කරන්න. කපාගත් කොටස් වල මුලු පීරකින් අතුල්ලා රවුම් කරගන්න. ඒ වගේම ඊයම් තබා පාස්සගන්න ක්ලින් ඊයම් තබන ලද කොටස් වල කම්බි අඬුවකින් කපා පීරකින් අතුල්ලා සුමට කරගන්න.
පහත රූපයේ දැක්වෙන්නේ එලෙස ඉවත් කල යුතු කම්බි කොටස් සහිත යටි පැත්තයි.



කොටස් වල සිදුරු හදාගන්න ග්‍රිල් එකක් නැතිනම් කුඩා ඇණයක් යොදාගන්නත් පුලුවන්. හැබැයි ටිකක් මහන්සි වෙන වැඩක් ඒක.





හොඳයි එහෙනම් හදාගන්න කට්ටියට යාළුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර එහෙම කමෙන්ට් කරන්නකෝ.
Read More

Saturday, February 18, 2012

// // Leave a Comment

Ruhuna Science Faculty - 2011 Welcome Day - Intro Video

පෙවරවාරි 17 දිනට රුහුණ විද්‍යා පීඨයේ නවක සිසුන් වෙනුවෙන් සංවිදානය වූ නවක සිසු සාදය ඉතාමත් අලංකාරවත් ලෙස සංවිදානය කරන්නට අපට පුලුවන් වුනා. අති උත්කර්ෂවත් ලෙස පැවති එම උත්සවය නිමාව දක්වාම සාර්ථකව පැවත්ව වීමට 2010 මගේ සහෘදයන් මහත් වෙහෙසක් දැරුවා. ඒ උත්සවය නිසා බ්ලොග් එක පැත්තට එන්නත් වෙලාවක් තිබ්බෙ නෑ. හෙතුව උත්සවය වෙනුවෙන් song එකක් කලා, තෙම් එක සදහා intro එකක් කලා. දැන් intro එක ඔයාලටත් බලන්න පොසට් කරනව. හදපු song එකත් ඊලග පොස්ට් එකෙන් දෙන්නම් කෝ. song එක වර්තමාන කැම්පස් වල තත්වය කතාකරන නිර්මාණයක් කීවොත් නිවැරදියි

Sony Vegas 9 Pro යොදාගෙන තමා මේ Intoඑක කලේ. වලාකුළු අතර යන Background එක ගත්තෙ ‍යුටියුබ් වලින්.

Read More

Saturday, January 28, 2012

// // Leave a Comment

Download Tha NDictionary 2011 Beta - (2nd Release)







නාමල් ඩික්ෂනරිය ඩවුන්ලෝඩ් කරගන්න දුන්නට පසු දැනගන්න ලැබුන එහි Copy-Paste ගැටලුවක් මතුවන බව. ඒක පොඩි ගැටලුවක් නෙවෙයි. ඒ සඳහා විසදුවමක් ඉදිරිපත් කරන තුරු පොඩි විකල්පයක් ඉදිරිපත් කලාට එය සාර්ථක මදි, මොකද එතකොට ඩික් එකේ ඔක්කොම ප්‍රයෝජන නැති නිසා. ඉතින් 2012 Version  එක Release කරන්න කලින් 2011-Beta 2nd Release එක අද කරන්න පුලුවන් වුනා. තාම 2011 Beta විදියට කරන්න උනේ තව වැදගත් ටූල් ටිකක් ඩික් එකට එකතු කරල 2012 Version එක Release කරන්න බලාපොරොත්තුවක් තියන නිසා.

හොඳයි දැන් ඔයාලට පහල ලින්ක් එකෙන් Copy-Paste ගැටලුව නැති නාමල් ඩික්ෂනරිය ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.



තව දෙයක් කියන්න තියෙනව. කට්ටිය අවබෝධ කරගෙන තිබ්බෙ නෑ කොහොමද Singlish Keyboard එක භාවිතා කරන්නෙ කොහොමද කියල.



ප්‍රථමයෙන් Use Singlish Keyboard ලෙස දැක්වෙන තැනට ටික් එක දාන්න. පසුව Search Box එකේ සෙවිය යුතු වචනයට අදාලව සින්ග්ලිෂ් වලින් ටයිප් කරන්න. උදාහරනයක් ලෙස "යනවා" යන වචනයේ English Meaning ගැනීමට "yanavaa" ලෙස ටයිප් කරල Enter කරන්න.
තවත් යෝජනා යෝජනා එහෙම තියේනම් කරන්න.
Read More