Tuesday, July 19, 2011

// // 7 comments

ටෙක්කතා; වැදගත්ම ලිපියට කලින්

වැදගත්මදේ පටන්ගැන්මෙදි කියන්නම් කෝ කොහොමඳ මම ටෙක්කතාගැන දැන්ගත්තෙ කියල.
ඒ වකවානුව මම උ/පෙ කරල ඉවරවුනා විතරයි. උ/පෙ කරන්න කලින් ඉලෙක්ට්‍රොනික් ගැන් පුදුම උනක් තිබ්බ.
ඒත් උ/පෙ ට මහන්සි වීමත් එක්ක උන බැහැලයි තිබ්බෙ. දවසක් විදුසර බලනකොට දැක්ක මොරටුවෙන් සංවිදානය කරපු ඉනෝමෙච් නව නිපැයුම් තරගයක් ගැන.
ඉලෙක්ට්‍රොනික් උනන්දුව අඩුවෙලා තිබ්බ නිසා අතාරින්නත් හදල තරඟයෙන් තෝරගත් පිරිසකට මොරටුවෙ බාහිර පාඨමාලා නොමිලෙ කරන්න දෙනව කියල තිබ්බ නිසා පොඩි ආසාවක් ඇතිවුනා.
කොහොම හරි කලින් තිබ්බ අයිඩියා එකක් මාසයකටත් අඩු කාලයකින් එහෙන් මෙහෙන් අමුනගෙන තරගෙට රෙඩි වුනා.






කොහොම හරි තරඟය තියෙන දවස්වලම ඉ-ආසියා ප්‍රදර්ශනයත් තිබ්බ නිසා කොලඹ යන්න තියෙන එපාවීම අඩුකරන හොඳ සාදකයක් වුනා.
ඉ-ආසියා එක අවසන්වන දවසෙ තමයි මම කොලොඹ ගියේ. නෑදෑගෙදරකට තමයි ගියේ.
එහේ කවුරුවත් ප්‍රද්‍රශනේ ගැන උනන්දුවක් නැතිනිසා මට තනියම තමයි බි.ම්.අයි.සී.එච් යන්න වුනේ.
තනියම නිසාත් ප්‍රදර්ශනයේ ගොඩක් තැන්වල විස්තර කරන කට්ටිය  යූස් කලෙත් ඉංග්‍රීසි නිසාත් (මේ ගැනනම් රසවත් ලිපියක් පසුවදානම්කො ) වැඩි තැන්වල රැදීහිටියෙ නෑ.
කොහොම හරි ටෙක්කතා ප්‍රදර්ශන කුටිය ලඟටත් ලඟාවුනා. කම්පියුටර් දෙකක් සහ බලන්න ආපු කෙනෙක් සමග කතා කරන අයියල දෙන්නෙක් හිටිය.
පොඩ්ඩක් බැලුව ඇති දෙයක් නෑ වගෙ. යන්න කියල හදනකොටම බලන්න ආපු කෙනෙක්ට පාරිගනකයකින් රිමූවු කරල පෙන්ඩ්‍රයු එකක් දුන්න.
යොකෝ පෙන්ඩ්‍රයු නිකන් දෙන තැනවත්ද කියල පොඩ්ඩක් ආපහු හැරිල කට්ටියගෙ ලගට ඇවිත් බැලුව.
අහන්නත් ලැජ්ජයි වගේ හැබැයි ඉතින් ඔයිට වඩා චාටර් වැඩ එතෙන්දිම වුන නිසා ඇහුව "අයියේ මොනවද ඒ දුන්නෙ කියල".

ඉතින් පොඩි විස්තරයක් අහගත්ත. එතකොට මට හිතුනෙ පරිගනක ගැන ඔහොමත් ලෙහසියෙන් ඉගෙන ගන්න පුලුවන්ද කියල.
ඒ ගෑන විශ්වාසයක් නැතිවුන හින්ද වැදගත් දේයක් නම් නෙවෙයි වෙන්න ඇති කියලයි හිතුන. එහිනද නොගෙන ඉන්නත් හදල ඉලෙක්ට්‍රොනික් දේවලුත් කතාකරල තියෙනවද කියල ඇහුව.
පොඩ්ඩක් විතර කතාකරල තියෙනව කියල තිබ්බ නිසා කමක්නෑ දාගෙන යනව කියල හිතල මටත්දාල දෙන්න කියල කිවුව මතකයි.
ඒ වෙලාවෙම තමයි මම සිංහල බ්ලොගර් ගැන දැනගත්තෙත්. පස්සෙදි ටෙක්කතා ටික ඇහුවම තමයි මට තේරුනේ පරිගනකනම් ගොඩක් දුරට තනියම ඉගෙන ගන්නත් ලේසියි කියල.
ඒ දැනගත්ත දේවල් වලින් මම අද ගොඩක් ඉදිරියෙන් කියල මම හිතනව.

ටෙක්කාතා හා ගෲප් එකේ වැදගත්කම ඊටත් වැඩියි. මොකද මට ඉංග්‍රීසියෙන් හිතන බැරිවුනත් ගොඩක් ටෙක්නිකල් ඉංග්‍රීසි ලිපිනම් අමාරුවෙන් හරි කියවල තේරුම් ගන්න පුලුවන්.
එතෙන්දි ඕනකරන ලිපි හොයාගන්න කීවර්ඩ් හිතාගන්න ටිකක් අමාරුයි. මෙතෙන්දි ආයෙත් ටෙක්කාතා හා ගෲප් එක වැදගත් වෙනව.
එවගෙ පොඩිතැනක් අල්ල ගත්තම ඇති. කීවර්ඩ් ගෑන කියනවනම් මම අවුරුදු කීපයකට කලින් ඉලෙක්ට්‍රොනික් පරිපථ සටහන් හොයාගන්න ඉන්ටර්නෙට් කැෆේ  ගියාම හිස් අතින් තමයි එන්නෙ.
මොකද මම සර්ච් කරන්නෙ Electronic Circuit කියල. ඒත් රිසාලට් එකේ තියෙන්නෙ විකුනන තියෙන රෙඩියෝ, ටීවී වගේ දේවල්.
කොහොමහරි මේකට විසදුම් මම පාසලේ පරිගනක සර්ලගෙන් පවා අහල තියනව. ප්‍රතිඵල නැති නිසාම වැඩේ අතඇරල ඉන්න කොට බුක්ෂොප්
එකක තිබුණ පොතක තිබුණ Electronic Circuit Diagram කියල. මට හිතුන ඒක සර්ච් කරල බලන්න. අන්න ඒකනෙ කීවර්ඩ් එක.
ඉලෙක්ට්‍රොනික් පරිපථ ගැන සෑහෙන දේවල් ඒ විදියට හොයාගන්න පුලුවන් වුනා. ඒත් එතකොට උ/පෙ කරන කාලේ. මේ ප්‍රතිපලේ කලින් හොයාගන්න පුලුවන් වුනානම්.

ඔයවගේ වැදගත් ගොඩක් කීවර්ඩ් මට ටෙක්කතා නිස හොයාගන්න පුලුවන් උනා.
ඉතින් ටෙක්කතා කරන අයියලාටත්. ගෲප් එකේ පිලිතුරු දෙන කාටත් හා සිංහල බ්ලොග් ලියන කාටත් බොහොම පිං.

ඉතින් ලිපිය දිගවුන හින්ද ඉ-ආසියා අත්දැකීමයි ඉනෝමෙච් ගැන්යි ඒ ගමනෙදි සෙට් වෙච්ච  ශිෂත්වයක් ගැනත් (ඒකනම් ඉගෙන ගන්න කාටත් වැදගත් වෙයි.) වෙනමම කියන්නම් කෝ.
ඇත්තටම මම ඒ කොලඹ යෑමනම් ටෙක්කතා හා සිංහල බ්ලොගර් ගැන දැනගන්නම තමයි ගිහින් තියෙන්නෙ.
මොකද කරපු හැම වැඩක්ම චාටර් වුනා. ඉනෝමෙච් එකනම් මම ගියපු කම්පෙටිෂන් වලින් එපාම වෙච්ච එක කීවොත් නිවැරදියි.

වැදගත්ම දේ කියන්නම්, මම ඊලඟ ලිපියෙන් එන්නෙ ටෙක්කතා ගැන කාටත් බොහොම වැදගත්, ප්‍රයෝජනවත් ලිපියකින්. 
ඉතින් එතකන් ඔයාලට පුලුවන් ඒ මොකක් වෙයිද කියල අනුමාන කරල ඩිස්කස් කරන්න. බලමු කවුද හරියට ගෙස් කරන්නෙ කියල.
(tchkathaOff.....)
Read More

Friday, June 17, 2011

// // 3 comments

ඔන්න යාලුවනේ මමත් දැන් කැම්පස්.

දාන්න කියල ලැහැස්ති කරගෙන හිටිය ලිපි ටිකක් අවුස්සනකොට මෙ ලිපියත් දකින්න ලැබුන. බලනකොට මේ ලිපිය මම ඔයාලට පොස්ට් කරල නැහැ නේ. එක හින්ද ඔන්න දැන් දානව. හැබැයි ඉතින් දැන් මම කැම්පස් ගිහින් මස 8ක් විතර වෙනව :-)  :-)  :-)
( තාම ඩොන්ගල් එකක් නම ගන්න බැරිවුනා )

ඔන්න එහෙනම් ඒ පෞරාණික ලිපිය.

"ඔන්න යාලුවනේ මමත් දැන් කැම්පස්. බෝට්ටුවක එල්ලිලා තමයි. දැන් ඇකඩමික් පවා පටන් ගෙන තියෙන්නෙ.
කියන්න කියල පෝස්ට් එක ලියල තිබුනත් දාන්න වුනේ නෑ. දැන්නම් ඩොන්ගල් එකක් ගන්න ඕන.
නැතුවනම් බෑ. කියන්න බැරි වුනානේ කැම්පස් එකනම් රුහුණ. Science Faculty එක. රැග් එකනම් නෑ.
ඒවුනත්...... ඒවුනත් කියපුව පසුව පෝස්ට් එකක දාන්නම්කෝ. කොහොම වුනත් කැම්පස් ජීවිතේ
තියෙන ආතල් එක ගන්න ලැබුන එකනම් වාසනාවක්. ඊටත් වඩා කැම්පස් නාවනම් ඉතින් තාත්තත්
එක්ක කුලී වැඩක් කරන් ඉන්න තමයි වෙන්නෙ.

ඩොන්ගල් එකක් ගත්තො නම් ක්‍රියාකාරිව බ්ලොග් එක කරන්න ටෙක්කතා වලට සහභාගිවෙන්න
ආසවක් නම් තියෙනව. බලමු ඒ අභියෝගය ජය ගන්න පුලුවන්ද කියල. කැම්පස් නොගියත් පරිගනක
සහ ඉලෙක්ට්‍රොනික් ක්ෂේස්ත්‍රය කුලීවැඩ කරල හරි ජය ගන්න අධිශ්ඨානයක් තිබ්බ. ඒකට අලුත්
අයිඩියා කීයපයකුත් මට තිබ්බ. ඉතින් කැම්පස් යන්න බැරිවුන අයට මම කියන්නෙ තමන්ගෙම කියල
නව සංකල්පනා ටිකක් සොයාගන්න. ඒ වෙනුවෙන් වෙහෙසී වැඩ කිරීමට අධිශ්ඨාන කරගන්න. කාටත්
සුබ අනාගතයක් වේවා!"
Read More

Tuesday, June 14, 2011

// // 2 comments

ඔටෝ අප්ඩේට් නවත්ත ගත්තෝ.......

ඔන්න ඉතින් නාමල් යායෙ ඉදගෙන නමල් කොලුවත් 4න් කට්ටක් හොයාගෙන රු 100 එහෙම දාගෙන වීක්ලි ඩිලයිට්
ඇක්ටිව් කරගෙන යන්න ගියේ නැතෑ ඉන්ටර්....නෙට්. ඊමෙල් එහෙම පීසී එකට බාගන්න ක්‍රමයකුත් හදාගෙන ඊමේල්
ටික අප්ඩේට් වෙන්න දැම්ම. ඊමේල් 140ස් ගානක් තිබුණ. ඒත් 90 ගනන් වලදි විතර ඊමේල් කීපයක් ඩවුන්ලෝඩ්
වෙන්න වෙලාව ගතවුනත් එච්චරම හිතන්න ගියේ නෑ. කොහොම වුනත් 120 ගනන් වෙනකොට ඊමේල් ඩවුන්ලෝඩ්
වෙන එක නැවතුනා. මම හිතුවෙ ඩිස්කනෙක්ට් එකක් වෙන්න ඇතිකියල නැවත්තත් කනෙක්ට් වෙන්න ගියාම මෙන්න
යූසේජ් එක විදියට 200mb ම පෙන්වනව. යකෝ නෙට් එකෙන් කරගන්න හිතපුවාගෙන් බාගයක්වත් කරගන්න
බැරිවුනානේ. සැකයක් ඇතිවුනේ ඔටෝ අප්ඩේට් එකට බැලුවම හරි ගෙම වෙලා තියෙන්නෙ එකෙන් තමයි. ඔටෝ
අප්ඩේට් ඩිසේබල් කලා. දැන් ඉතින් සල්ලිත් ඉවරයි මොනව කරන්නද බාගත්තු ඊමේල් ටිකවත් බලනව. බලාගෙන
බලාගෙන යනකොට මෙන්න ඊමේල් 2ක 3ක් තියෙනව එකක ස්යිස් එක 30mb තවත් එකක 42mb අම්මෝ තරු
පෙනුන. වින්ඩෝස් ඔටෝ අප්ඩේට් එකට බැන බැන හිටියෙ පවු වින්ඩෝස්ල. බැලුව ඊමේල් ටික වැදගත් ඒව ටිකක්වත්ද

කියල. මලලසේකරයි මගේ යාලුවෙක් උගේ කැම්පස් ට්‍රිප් එකක පොටෝස් ටිකක් නෙවෙයි ගොඩක් එවල. පිස්සු
හැදෙයි අමාරුවෙන් රු 100 හොයාගත්තෙ. ඌ ලඟ හිටියනම් ගහනව පොලවෙ මගේ මොකක් හරි මල්පෝච්චියක්.
ඌට ගහන්න බෑනේ. කොහොමහරි දවස් දෙකකින් විතර රු 50ක් හොයාගෙන ගියා නැවතත් ඉන්ටර්නෙට්. ඉතිරි
ඊමේල් ටික ගන්නත් ඕන. දැන් යූසේජ් එක දිහා බලාගෙන ඊමේල් බානව මොකද ලොකු ෆයිල් එකක් තිබ්බොත්
ස්කිප් කරන්න් බලාගෙන්. ටික වෙලාවයි ගියේ මෙන්න යූසේජ් එක හැටට හැටේ යනව. ඊමේල් ඩවුන්ලෝඩ් කරන
එක නැවැත්තුවත් එහෙමමයි. හනිකට ඩිස්කනෙක්ට් කරා. බැලුව ඔටෝ උප්ඩේට් පැත්ත. ඒක ඩිසේබල්. රෙග් එඩිට්
ගයිඩ් එකක් බලාගෙන රෙග් එඩිටින් කිපයකුත් කරා. ඒවගෙ පින්තූර ටිකකුත් දැම්ම ඔන්න ඔයාලට උදව්වක් පිනිස,
හරිය.








ආයිත් කනෙක්ට් කරල බැලුව මෙන්න ටික වෙලාවකින් ආයිත් හැටට හැටේ. හනිකට ඩිස්කනෙක් කරා.
ටාස්ක් මැනේජර් එකෙන් අනවශ්‍ය ප්‍රොග්‍රෑම් ටික කිල් කරල ඒක දිහා බලාගෙන නැවතත් කනෙක්ට් කරා. මෙන්න

බොලේ ප්‍රොග්‍රෑම් එකක් එකපාරටම ඇවිත් නැතිවෙලා යනව. එතකොටම තමයි හැටට හැටේ වෙන්නෙ. ආයිත්
ඩිස්කනෙක්ට් කරල ඇඩ්වාන්ස් ටා.මැ එකකින් බලාගෙන කනෙක්ට් වුනා. අර ප්‍රොග්‍රෑම් එක රන් වෙන පාත් එක
බැලුව බුදුඅම්මෝ එකෙ දිග. පුලුවන් තරමක් මතක තියාගෙන බැලුව. මෙන්න පාත් එක.
මෙකෙන් රන් වෙන්නෙ වින්ඩෝස් ඔටෝ අප්ඩේට් එක, හරිය.

C:\WINDOWS\SoftwareDistribution\download\...............

මම මේ ෆෝල්ඩර් එකම ඩිලීට් කරා(400/ම්බ් විතර තිබුන ).මේ පාත් එක ගොඩක් දිගට තව තිබුන,
අන්තිමට download\...............exe එකකින් තමයි ඉවර
වුනේ. නමුත් Data වැය වෙන හින්ද තියෙන කලබලේට අර exe එක මොකක්ද කියල බල බල ඉන්නෙ නැතිව ෆෝල්ඩර් එකම ඩිලීට් කලා. ආපහු කනෙක්ට් වුනා යන්තම් ඇති ඒ 50/ම්බ් එක ඉවර වෙන්න කලින් ගේම ඉවර කරා. අර ෆෝල්ඩර්
එක ඩිලීට් කල හින්ද මැෂින් එක රීස්ටාට් කරලත් බැලුව. එල එල දැන් ඉතින් බයවෙන්න දෙයක් නෑ.

මට හිතෙන හැටියටනම් ඔටෝ අප්ඩේට් නවැත්තුවත් ඒක වෙන්න ඇත්තෙ මම ඉස්සෙල්ලම ඉන්ටනෙට් කනෙක්ට්
වෙන වෙලාවෙ එම ඔප්ෂන් එක ඇක්ටිව් වෙලා තිබුන හින්ද වෙන්න ඇති.

නමුත් ඉතින් මට තියෙන ප්‍රශ්නෙ දැන් ඔටෝ අප්ඩේට් වින්ඩෝස් කොපි වලටත් දෙනවද කියල?
Read More

Friday, May 27, 2011

// // 5 comments

පේටන්ට් බලපත්‍රයක් ගන්න ආකාරය





Post එකක් දාන්න දෙයක් කල්පනා කර කර ඉන්නකොට මතක් වුන දෙයක් නෙවෙයි මේක. 
මම මේ අත්දැකීම විදිද්දි මට හිතුන මේ ගැන හරියාකාරව දැනසිටියනම් කොච්චර පහසුද කියල.
ඉතින් පේටන්ට් බලපත්‍රයක් ගන්න ආකාරය ගැනකියන කොට ඉස්සෙල්ලාම දැනගන්න ඕනෙ 
කොහෙන්ද මේ බලපත්‍ර දෙන්නෙ කියල. ජාතික බුද්ධිමය දේපල කාර්යංශය(NIPO) මගින් තමයි පේටන්ට් 
බලපත්‍රයක් ගන්න පුලුවන් වෙන්නෙ.

මේ ආයතනයෙන් තව වෙළඳ සංකේත රෙගිස්ටර් කිරීම සහ අනෙකුත් බුද්ධිමය දේපල සම්බන්ද 
කටයුතුද කරනු ලබයි.

 මේ ආයත්නයේ කර්යාලය තියෙන්නෙ මරදානෙ ගාමිණී හෝල්
 හන්දිය කියන ස්ථාන්ය අසල පිහිටා ඇති සමාගම් මැදුර කියන මහල් ගොඩ්නැගිල්ලෙ තමයි.  

හොද්යි කියන්න තියෙන විශේෂම දේ තමයිපේටන්ට් බලපත්‍රයක් ගන්න, තමාගේ අදහස නිර්මාණ කිරීම කලයුතුම නෑ. අදහස පැහැදිලිව ඉදිරිපත් කිරීමයි වැදගත් වෙන්නෙ. තමන්ට නවනිපැයුමක් පිළිබදව අදහසක් පැමිනි පසු එය ඇත්තටම නව නිපැයුමක්ද කියන ප්‍රශ්නය තමයි ප්‍රධාන වෙන්නෙ. 

මේ බව තහවුරු කර ගැනීමට ඔබට පුලුවන් ඉහත සඳහන් කල ආයතනයට ගොස් රු.350/= පමණ මුදලක්  බැඳ NIPO ආයතනයේ තොරතුරු පිරික්සීමට මෙන්ම අනෙකුත් උපකාරද ලබාගත හැක.තොරතුරු පිරික්සීම් සඳහා ඔබට ඔවුන් උදව් කරනු ලැබේ.
එසේම එම ආයතනයට නොගොසින් ඔබට පේටන්ට් බලපත්‍ර පිළිබඳ තොරතුරු ඇති වෙබ් සයිට් වලින් 
තමාගේ නිර්මාණය නව නිපැයුමක්ද කියල දැනගන්න පුලුවන්. නමුත් මේ වෙබ් සයිට්වල තොරතුරු 
සොයාබැලීම කොපමන දුරට ආරක්ෂිතදැයි කියන්න නම් දන්නෙ නෑ. නමුත් මට මේ ලින්ක් ටික ලබා 
දුන්නෙ ජාතික විද්‍යා පදනමේ මහාචාර්ය වරියක්. නමනම් දැන් මත්ක නෑ. ඒ මැඩම්ට ස්තුති වෙන්න 
ඕන ඒත් නමනම් දැන් මත්ක නෑ.




ඔබට NIPO ආයතනයෙන් පේටන්ට් බලපත්‍රය ගැනීමට අයදුම්පත්‍රයක් 
ලබාගතහැකි අතර පහත සඳහන් ලිපිනයෙන්ද ගතහැක. ඔබගේම නිර්මාණයකට පේටන්ට් බලපත්‍රය 
ගන්නේනම් එහි සියළුම තොරතුරු පිරවීමට අවශ්‍ය නොවන අතර මගේ දැනුම අනුව පිරවීමට අවශ්‍ය 
නොවන තොරතුරුවලට අදාල අංක පහත සඳහන් කර ඇත.
v,   vii,   ix,   x, and   xi

පේටන්ට් බලපත්‍රය ගැනීමේදී මුදල් බැදීමටද ක්‍රම කීපයක් ඇත.
ඉල්ලුම්පත් ගාස්තුව 

01.ශිෂ්‍යයන් සඳහා රු1,000/= 
02.තනි තැනැත්තකු සඳහා රු.2,500/= 
03.වෙනත් රු.6,000/= ලෙස ගෙවිය යුතුය.

එසේම සියළු දෙනාම සොඅදිසි වාර්තාව සඳහා රු.1,000/= ක මුදලක් ගෙවිය යුතුය.
තවද වැට් බද්ද ලෙස 15% ක මුදලක් ද ගෙවියයුතුය. ඒ අනුව ශිෂ්‍යකු සඳහා මුළු මුදල 
ලෙස රු 2,300/= ක මුදලක් ගෙවිය යුතුය.(මට ආරංචි වුන පරිදි ඉස්සර මේ වැඩේට 
රු 20,000 ක් පමණ ගෙවීමට සිදුවී ඇත)

සෝදිසි වාර්තාව කියන්නෙ මොකක්ද දන්නවද අපගෙ අදහස ඇත්තටම නව නිපැයුමක්ද කියල 
සොයාබලල දෙන වාර්ථාවට තමයි එහෙම කියන්නෙ. ඒ හින්ද අපගේ අදහස පිළිබඳව නිවැරදි, පැහැදිලි 
වාර්තාවක් අප විසින් ඉදිරිපත් නොකලොත් සෝදිසි කරන්න විසින් අපගේ වාර්තා අයදුම්පත ප්‍රතික්ෂේප 
කලහැක. නමුත් එසේ කරන්නට පෙර අපගේ අඩුපඩු සකස් කරන ලෙස ඔහුවිසි කියන්නටද ඉඩතිබේ. 
කෙසේ හෝ අයදුම්පත ප්‍රතික්ෂේප වුවහොත් ඔබට අභියාචනාවක්ද ඉදිරිපත් කලහැකිය. ඔබගේ අදහස 
සඳහා පේටන්ට් ලැබී ඇත්නම් ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධ කරන අතර ගැස්ට් පත්‍රය ඔබගේ නිවසටම 
ලැබෙනු ඇත. පේටන්ට් බලපත්‍රය ප්‍රතික්ෂේප වී ඇත්නම් එයද දන්වනු ඇත. ගැස්ට් පත්‍රය මගින් ඔබට 
පේටන්ට් බලපත්‍රය ලැබෙනබව දන්වා ඇත්නම් මාස 3ක් ගෙවීගිය පසු ඔබේ නිවසටම පේටන්ට් බලපත්‍රය 
ලැබෙනු ඇත.

දන්නවද පේටන්ට් බලපත්‍රය අයිති කෙනාට විශ්වවිද්‍යලයට පිවිසීමට z අගය සඳහ 0.2ක ලකුණු ප්‍රමානයක්ද 
ලබාගතහැක (0.2 කුඩා අගයක් වුනාට z අගයට එකතුවනවිට එය විශාල ලකුණු ප්‍රමානයකි.)
ඉතින් අවසානයේදී කියන්න තියෙන්නෙ මට පේටන්ට් බලපත්‍රය ගැනීමට උදව් කල ජාතික විද්‍යාපදනමේ 
අචාර්ය්‍ය තමරා ඩයස් මහත්මියටත්, NIPO ආයතනයේ සියළු දෙනාටත් මගේ ස්තුතිය පුදකරන බවයි. 
(මම පේටන්ට් බලපත්‍රය ගන්න ගියේ හම්බන්තොට සිටය. ඉතින් කාපු කට්ට ගැන කියනවනම් ඉතින් 
තව බ්ලොග් එකක් ලියන්න වෙනව.)  
මෙන්න NIPO ආයතනය සම්බන්ධ කරගන්න පුලුවන් ක්‍රම ටික.


ලිපිනය:-

         "සමාගම් මැදුර", 
         3වන මහල, අංක 400, 
         ඩී.ආර්.විජයවර්ධන මාවත, 
         කොළඹ 10.


Tel:  011-2689368, 011-2688768, 011-2669180.
Fax: 011-2689367
E-mail: nipos@slt.lk
web : www.nipo.gov.lk
Read More

Thursday, April 7, 2011

// // 2 comments

කෘෂි ප්‍රදර්ශනයේ කානිවල් එකට වහලෙයෙන්.






බලන්න ආවද බටාත කෘෂි උද්‍යානයේ දී පැවැත්වුනු 2010 කෘෂි ප්‍රදර්ශනය. මේ කියන්න යන්නෙ අපි ඒ ප්‍රදර්ශනයත් Crack කලා 
කියල තමයි. කානිවල් එකට රු 60 ටිකට් එකක් ගන්න කියල තමයි තිබ්බෙ. ප්‍රදර්ශනය බලන්න යදිදි රු 300 විතර තමයි 
අරන් ගියේ. (වඩිය අරන් ගියානම් දත් ගැලවිලා පසුවදාට තලප ගිලින්න වෙන හින්ද). කොහොමහරි ප්‍රදර්ශනය නම් 
තිබ්බෙ නොමිලෙ. හැබැයි ඉතින් ඇතුලට ගියාම දකින්න ලැබුනු කෑම වර්ගනම් ජීවිතේට කන්න බොන්න ලැබ්නෙ නැති 
ඒව්ව තමයි තිබ්බෙ. (කුරුදු සිසිල් බීම, කුරුදු ජුජුස්, හතුසුප්, කුරක්කන් ආප්ප. ) ඉතින් සල්ලි ඉවර වෙනකන් කැව. 






පස්සෙ 
රෑ මතක් වුනා සංගීතෙත් බලන්න ඕන කියල. දැන් සල්ලිත් නෑ. ටිකක් ටකරන් වටෙ කැරකිලා හොයාගත්ත අයින් 
කරන්න පුලුවන් ටකරමක්. යාළුවො ටිකත් එක්ක ටිකක් වෙලා සෝදිසි එහෙම කරල පනිනන හැදුව විතරයි පොලිස් 
අංකල් කෙනෙක් ඇතුලට කඩාගෙන පැන්න. එතකොටම අපි ටික අන්තරස්දහන්. පස්සෙ සංගීත සද්දෙ එහෙම ඇහෙන 
කොට කට්ටිය වයින් වෙලා වගෙ. හොයල බලද්දී මෙන්න තියෙනව ටකරන් නැතිටිකක්. නැහැයි කිවුවට ඒ ටික කවර් 
වෙලා තිබුනෙ බටාත පාසලේ හෝල් එකකට. කදුරු ගහක් මාර්ගයෙන් වහලට නැගල බලද්දී සංගීතෙ බලන කවුරු 
ඉන්නෙ අපේ පැත්තට හැරිල. පොඩි බයකුත් දැනුන කාටත් පේනව ඇති කියල. එතෙනම තිබුනු සියබල ගහකින් 
එල්ලිලා ඇතුල පැනගත්ත. පස්සෙ මිනිස්සු අතරට ගිහිල්ල බලද්දි කරුවල හින්ද වහලෙ උඩ මොන යකා හිටියත් 
පේන්නෙ නම් නෑ. පස්සෙ දවසක ආරංචි උනා අනිත් දවස්වල නම් එතෙන්ටත් පොලිස් බටයෙක් දැම්ම කියල. හැබැයි 
ඉතින් එතෙනින් පැන්නෙ අපි යාළුවො පස් දෙනා විතරයි. 
හැබැයි ඉතින් එහෙම පැන්නටත් ණයයි. මොකද සීදුවෙ සරසි බැන්ඩ් එක සංගීතෙ කෑව. ඊට කලින් දවසෙ ගහපු බැන්ඩ්  
එක මාතර C. උන්ටනම් ගලුත් ගැහුව්ව. හැබැයි ඉතින් දවස් පහටම සෙල්ලම් කරපු බැන්ඩ් වලින් හොදම බැන්ඩ් එක 
මාතර C කියල කාටත් පස්සෙ පැහැදිලි උනා.

Read More

Friday, January 28, 2011

// // Leave a Comment

ෆ්ලොරිෂ්

ෆ්ලොරිෂ්
වීඩියෝ වල මල් වැල් යන අයිටම් ඔයාලා දැකල ඇති නේ. ඒවට කියන නම දන්නවද? දන්නෙ නැත්නම් දැනගන්න මෙන්න. "flourish" . ඩවුන්ලොඩ් කරන්න ආසනම් ඔය නමින් සර්ච් කරන්න.

මමමේ කෙටියෙන් ලියන්නෙ, මම ඉන්ටර්නෙට් යන්නත් එක්ක ගත්ත J105i 4න් එක මාස තුනයි පාවිච්චි කලේ සර්කිට් එක අවුල් වුනා. වොරන්ටිත් නෑ. හදන්නත් බෑලු. මාතරින් තමයි ගත්තෙ. මොනව කරන්නද නේද.

දැන් ඉතින් බ්ලොග් ලියන එක ලේසි නෑ හොඳද.
සමාවෙන්න. කැෆේ ඉදන් ලියන්නත් අමරුයි. නවතිනවාවාවා.
Read More

Friday, November 5, 2010

// // 4 comments

අතුරු මාරු ෆෝල්ඩර්

මම මේ ලියන්නෙ පොඩි පොස්ට් එකක්. හැබැයි ප්‍රොග්‍රැමින් කරන අයට මේකෙන් හොඳ
වැඩසටහනක් ලියන්න පුලුවන් වේවි. මුලින්ම 1,2,3,4,5,6 ලෙස නම් කරල ෆෝල්ඩර් ටිකක්
හදාගන්නකෝ. ඊටපස්සෙ ඒවාට පහල තියෙන කෝඩ් ටික එකතුකරන්න. උදාහරන ලෙස 1
ලෙස හදපු ෆෝල්ඩරය 1.{00021401-0000-0000-C000-000000000046} ලෙස රීනේම්
කරගන්නකෝ.


Windows Icon = .{00021401-0000-0000-C000-000000000046}
Control Panel = .{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}
Printer = .{2227A280-3AEA-1069-A2DE-08002B30309D}
Network = .{D6277990-4C6A-11CF-8D87-00AA0060F5BF}
RecycleBin = .{645FF040-5081-101B-9F08-00AA002F954E}
HTML File = .{25336920-03F9-11CF-8FD0-00AA00686F13}


එහෙම කරනකොට ලැබෙන අයිකන් එක ඔය කෝඩ් ඉදිරියෙන් ලියල තියෙන
අකාරයේ අයිකනයක් බවට පත්වන අතර එම ෆෝල්ඩරය Open කරන්න යනකොට Open
වෙන්නෙ අයිකනයට අදාල දේවල් තමයි.
එහෙම් කරාම ෆෝල්ඩර් ටික පහත දැක්වෙන ආකාරයට වෙනස් වෙයි.










එතකොට කොහොමද මේ ෆෝල්ඩර් Open කරන්නෙ. ඒකට ඉතින් ඔයාල ප්‍රෝග්‍රැමින් දන්නවනම්
රීනේම් කරන ගමන් ෆෝල්ඩර් එක Open වෙන්න ක්‍රමයක් තමයි යොදන්න තියෙන්නෙ. මම කියල
දෙන්නම් BAT File එකක් මගින් කොහොමද රීනේම් කරන්නෙ කියල.
ඒ සඳහ පහත ලෙස NotePad එකේ ලියල සේව් කරද්දි File Name වලට ඕන නමක් දීල Save Type
එකට All Files ලෙස දී Save කරන්න.


ren 1.{00021401-0000-0000-C000-000000000046} 1


ඉහත පින්තූරයේ ලෙස UnLock ලෙස පෙනෙන්නේ
එම BAT File එකයි. එම BAT File එක රීනේම් කලයුතු ෆෝල්ඩරය තියෙන තැනට කොපි කර
එය මත ඩබල් ක්ලික් කරාම 1.{00021401-0000-0000-C000-000000000046} ලෙස තිබුන
ෆෝල්ඩර් එක 1 ලෙස රීනේම් වනු ඇත.
එවිට සාමාන්‍ය ලෙස එම ෆෝල්ඩර් එකට රින්ගිය හැක.


අනෙක් ෆෝල්ඩර්ද එසේ රීනේම් කරන්න කරන්න තියෙන්නෙ Bat File එකමත Right Cick කර
Edit Cick කර එහි අදාල ෆෝල්ඩර් එකේ නම සහ යෙදූ Code එකද ඉහත ලෙසම යොදා Save කර
නැවත ඩබල් ක්ලික් කිරීමය.
Read More

Monday, August 16, 2010

// // Leave a Comment

Desktop එකේ Side එකට My Computer

Desktop එකේ Side එකට My Computer























මම මේ කියන්න යන්නෙ ආධුනිකයන් නොදන්න දෙයක්.

ඉහත රූපයෙ පරිදි Desktop එකේ Side එකට My Computer
එකේ අඩංගු Gaget ලිස්ට් එකක් ලෙස Side Bar එකක් නිර්මාණය කරගන්න අයුරුයි.

මුලින්ම Desktop එකේ Right Click කරල Display Properties යන්න. Desctop Tab
එකේ Costomize Desktop ගිහිල්ල My Compute ස්ථානයට Tick එකක් දාන්න.
එතකොට Desktop එකට My Compute Icon එක එනවනේ ඉන්පසු එම Icon එක උඩ
එකපාරක් Click කරල Bar එක ඕන Side එක පැත්තට ඇදගෙන ගිහිල්ල මවුසය තවදුරටත්
යන්නෙ නැති වෙනකම් කොනට අරගෙන ගිහිල්ල අත්හරින්න. ඉන්පසු Bar එක උඩ

Right Click කර Auto Hide වලට Tick එකක් දාන්න.
මේ විදියට ඕනම Folder එකකට කරන්න පුලුවන්.
Read More

Wednesday, June 2, 2010

// // Leave a Comment

PSTrayFactory

ඔයාලටත් සමහර විට මෙහෙම දෙයක් කරන්න ඕනවුනු අවස්ථා ඇතුව ඇතිකියල තමයි මේක
ලියන්නෙ. කොහොම දෙයක්ද? අහගන්න කෝ.

සමහර වැඩසටහන් තියෙනව අපිට ගොඩක් ප්‍රයෝජනවත් හැබැයි ඉතින් ඒ වගේ නිතර
ප්‍රයෝජනවත් දේවල් සිස්ටම් ට්‍රේ එකේ තියෙනවනම් තමයි අපිට පහසු.
(හා... SystemTray කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැත්නම් මේ URL එකට යන්නකෝ.
Seting හැදීම පිළිබඳවත් තියෙනව.
http://kotanna.blogspot.com/2010/06/system-tray-is.html )

නමුත් එහෙම ට්‍රේ එකට මිනිමයිස් කරන්න බැරිනම් කරන්නෙ මොකක්ද? ඒකට උදව් කරන හින්දම
නෙවෙයි මම මේ සොෆ්ට් + වෙයා එක ඇඳ ගත්තෙ.
මේ කියන එකෙන් පුලුවන් එහෙම ට්‍රේ එකට මිනිමයිස් කරපු ප්‍රෝග්‍රෑම් වලින් හදන
අයිකන් ටික හයිඩ් කරල දාල හොරවැඩක් උනත් කරන්න. හොදයි මේ සොෆ්ට්වෙයා එකේ නම
තමයි PSTrayFactory. ඒ වගේම ඒකට අයිති අයිකන එකත් පුලුවන් හයිඩ් කරල ඕන වෙලාවක
පාවිච්චියට ගන්න කී ෂෝට්කට් එකක් දාගන්න. අපි එහෙම හයිඩ් කරගත්තු ඇප් එකක්
PSTrayFactory එක හරහා නොගෙන ගන්නත් කී ෂෝර්ට්කට් එකක් දාගන්න පුලුවන්. ඔයාලත්
මේ සොෆ්ට් + වෙයා එක ඇදගන්න ඕනනම් මේ සයිට් (Click To Log) එකට ගිහිල්ල බාගන්න.
හැබැයි මම හදාගත්ත පෝටබල් සොෆ්ට් එකකුත් තියෙනව බාගන්න ඔනනම් මේ URL එකට යන්නකෝ.
*********

http://kotanna.blogspot.com/2010/06/ps-tray-factory.html

පෝටබල් එක ගන්නවනම් ඒකෙ ඔක්කොම සෙටින් හදල තියෙන්නෙ. ඒ හින්ද අමතක කරන්න එපා,
Software එක මත ඩබල් ක්ලික් කරාට පසු Alt + Ctrl + K කී ප්‍රෙස් කරල පාස්වර්ඩ් එකක් දෙන්න වෙනව.
ඒකට kotanna කියල් ටයිප් කරල ඕකේ කරන්න. ඊටපස්සෙ හයිඩ් කරන්න අවශ්‍ය අයිකන් එක
ඉදිරියෙන් ටික් එකක් දමන්න.
























Read More
// // Leave a Comment

බුදුන්වහන්සේගේ තෙමඟුල සහ මගේ මඟුල.

බුදුන්වහන්සේගේ තෙමඟුල සහ මගේ මඟුල.

(අනේ සොරි වෙන්න ඕන. මම මේ පෝස්ට් එක දාන්න හිටියෙ මැයි 26. ඒත්...., හා හේතුව
දැනගන්න ලැබෙයි. දැන්වත් කියවන්නකෝ.)

මේක කියන්නනම් ඕන අද නෙවෙයි අනිද්ද(28). ඒත් පෝය හින්ද සයිබර් කැෆේ කඩවල් වහනවනේ.
ඉතින් කලින්ම දාන්න ඕන කියල හිතුන.

ඔයාල දන්නවනේ මෙදාසැරේ වෙසක් පොහොය 27, 28 දවස් දෙකේම යෙදිල තියෙනව කියල. ඒ කියන්නෙ
බුදුන්වහන්සේගේ තෙමඟුල 27, 28. වෙසක් පොහොයට බුදුන් වහන්සේගෙ උපත සැමරුවත් ඇත්තටම
බුදුන්වහන්සේ ඉපදුනේ මැයි 28 වෙන්න පුලුවන් නේද? ඉතින් ඒ අසිරිමත් දවසෙ(28) තමයි ඔන්න මාත්
ඉපදුනේ නොහොත් මගේ මඟුල. මටනම් ඉතින් තෙමඟුලක් ලැබෙන එකක් නෑ. හැබැයි ඉතින් බුදුවෙන්න
බැරි වුනත් අනිම දෙමඟුලක් නම් ලැබෙයි. කොහොම වුනත් මොන ශ්‍රේස්ත්‍රයකින් හරි ලෝඩ් කෙනෙක්
වෙන්න නම් උත්සාහ කරන්න ඕන. ඉතින් ඒකට ඉස්සෙල්ලාම මෙහෙම කළගුණ සලකල ඉදිමුකෝ.

මමත් ඉතින් සින්හල බ්ලොග් ලියන්න තියෙන ආසාවට බ්ලොග් එකක් හදාල පෝස්ට් කීපයකුත් දාලා SBU
එකට මැයි 12 Request එකකුත් දැම්ම. මම ගිය 19 වෙනිදා මේල් බලද්දී කාලෙකින් වැදගත් කෙනෙක් ගෙන්
මේල් එකක් ලැබිල ඒ කියන්නෙ, කාලිංග අයියගෙන් මේල් එකක්. ආයිත් අහල මාර හැපි. මොකද දැං මාත්
සින්ඩියෙ කියල හිතුන. සින්ඩිය ගැන දැනගෙන වැඩි කාලයක් ගියෙත් නැතුව මාත් දැන් පොරක් කියල
හිතාගෙන කාලිංග අයියට Thanks කරල Reply එකකුත් දානව කියල හිතාගෙන මේල් එක ඕපන් කරා.
එතකොට නේ මතක් වුනේ මම ඉන්න කැෆේ එකේ යුනිකෝඩ් නෑ කියල. එදා පෝටබල් ෆයර් ෆොක්ස් එක
ගෙනිච්චෙත් නෑ. අන්තිමට මේල් එක කොපි කරගෙන ගෙදර ආව. ඉතින් කාලිංග අයියටත් SBU එකේ
කාටත් ස්තුතියි. ඒ වගේම මගේ බ්ලොග් එක බලල මට කමෙන්ට් කරල ෂපෝට් එකක් දෙන්න කියල කාටත්
ආරාධනා කරනව. ඔයාලට වැදගත් යමක් දෙන්න මම උත්සාහ කරනව.
ඔයාලටත් මම මේ වෙලාවෙම ස්තුති කරල කළගුණ දක්වනව.
Read More