ඔන්න ඉතින් නාමල් යායෙ ඉදගෙන නමල් කොලුවත් 4න් කට්ටක් හොයාගෙන රු 100 එහෙම දාගෙන වීක්ලි ඩිලයිට්
ඇක්ටිව් කරගෙන යන්න ගියේ නැතෑ ඉන්ටර්....නෙට්. ඊමෙල් එහෙම පීසී එකට බාගන්න ක්‍රමයකුත් හදාගෙන ඊමේල්
ටික අප්ඩේට් වෙන්න දැම්ම. ඊමේල් 140ස් ගානක් තිබුණ. ඒත් 90 ගනන් වලදි විතර ඊමේල් කීපයක් ඩවුන්ලෝඩ්
වෙන්න වෙලාව ගතවුනත් එච්චරම හිතන්න ගියේ නෑ. කොහොම වුනත් 120 ගනන් වෙනකොට ඊමේල් ඩවුන්ලෝඩ්
වෙන එක නැවතුනා. මම හිතුවෙ ඩිස්කනෙක්ට් එකක් වෙන්න ඇතිකියල නැවත්තත් කනෙක්ට් වෙන්න ගියාම මෙන්න
යූසේජ් එක විදියට 200mb ම පෙන්වනව. යකෝ නෙට් එකෙන් කරගන්න හිතපුවාගෙන් බාගයක්වත් කරගන්න
බැරිවුනානේ. සැකයක් ඇතිවුනේ ඔටෝ අප්ඩේට් එකට බැලුවම හරි ගෙම වෙලා තියෙන්නෙ එකෙන් තමයි. ඔටෝ
අප්ඩේට් ඩිසේබල් කලා. දැන් ඉතින් සල්ලිත් ඉවරයි මොනව කරන්නද බාගත්තු ඊමේල් ටිකවත් බලනව. බලාගෙන
බලාගෙන යනකොට මෙන්න ඊමේල් 2ක 3ක් තියෙනව එකක ස්යිස් එක 30mb තවත් එකක 42mb අම්මෝ තරු
පෙනුන. වින්ඩෝස් ඔටෝ අප්ඩේට් එකට බැන බැන හිටියෙ පවු වින්ඩෝස්ල. බැලුව ඊමේල් ටික වැදගත් ඒව ටිකක්වත්ද
කියල. මලලසේකරයි මගේ යාලුවෙක් උගේ කැම්පස් ට්‍රිප් එකක පොටෝස් ටිකක් නෙවෙයි ගොඩක් එවල. පිස්සු
හැදෙයි අමාරුවෙන් රු 100 හොයාගත්තෙ. ඌ ලඟ හිටියනම් ගහනව පොලවෙ මගේ මොකක් හරි මල්පෝච්චියක්.
ඌට ගහන්න බෑනේ. කොහොමහරි දවස් දෙකකින් විතර රු 50ක් හොයාගෙන ගියා නැවතත් ඉන්ටර්නෙට්. ඉතිරි
ඊමේල් ටික ගන්නත් ඕන. දැන් යූසේජ් එක දිහා බලාගෙන ඊමේල් බානව මොකද ලොකු ෆයිල් එකක් තිබ්බොත්
ස්කිප් කරන්න් බලාගෙන්. ටික වෙලාවයි ගියේ මෙන්න යූසේජ් එක හැටට හැටේ යනව. ඊමේල් ඩවුන්ලෝඩ් කරන
එක නැවැත්තුවත් එහෙමමයි. හනිකට ඩිස්කනෙක්ට් කරා. බැලුව ඔටෝ උප්ඩේට් පැත්ත. ඒක ඩිසේබල්. රෙග් එඩිට්
ගයිඩ් එකක් බලාගෙන රෙග් එඩිටින් කිපයකුත් කරා. ඒවගෙ පින්තූර ටිකකුත් දැම්ම ඔන්න ඔයාලට උදව්වක් පිනිස,
හරිය.
ආයිත් කනෙක්ට් කරල බැලුව මෙන්න ටික වෙලාවකින් ආයිත් හැටට හැටේ. හනිකට ඩිස්කනෙක් කරා.
ටාස්ක් මැනේජර් එකෙන් අනවශ්‍ය ප්‍රොග්‍රෑම් ටික කිල් කරල ඒක දිහා බලාගෙන නැවතත් කනෙක්ට් කරා. මෙන්න
බොලේ ප්‍රොග්‍රෑම් එකක් එකපාරටම ඇවිත් නැතිවෙලා යනව. එතකොටම තමයි හැටට හැටේ වෙන්නෙ. ආයිත්
ඩිස්කනෙක්ට් කරල ඇඩ්වාන්ස් ටා.මැ එකකින් බලාගෙන කනෙක්ට් වුනා. අර ප්‍රොග්‍රෑම් එක රන් වෙන පාත් එක
බැලුව බුදුඅම්මෝ එකෙ දිග. පුලුවන් තරමක් මතක තියාගෙන බැලුව. මෙන්න පාත් එක.
මෙකෙන් රන් වෙන්නෙ වින්ඩෝස් ඔටෝ අප්ඩේට් එක, හරිය.
C:\WINDOWS\SoftwareDistribution\download\...............
මම මේ ෆෝල්ඩර් එකම ඩිලීට් කරා(400/ම්බ් විතර තිබුන ).මේ පාත් එක ගොඩක් දිගට තව තිබුන,
අන්තිමට download\...............exe එකකින් තමයි ඉවර
වුනේ. නමුත් Data වැය වෙන හින්ද තියෙන කලබලේට අර exe එක මොකක්ද කියල බල බල ඉන්නෙ නැතිව ෆෝල්ඩර් එකම ඩිලීට් කලා. ආපහු කනෙක්ට් වුනා යන්තම් ඇති ඒ 50/ම්බ් එක ඉවර වෙන්න කලින් ගේම ඉවර කරා. අර ෆෝල්ඩර්
එක ඩිලීට් කල හින්ද මැෂින් එක රීස්ටාට් කරලත් බැලුව. එල එල දැන් ඉතින් බයවෙන්න දෙයක් නෑ.
මට හිතෙන හැටියටනම් ඔටෝ අප්ඩේට් නවැත්තුවත් ඒක වෙන්න ඇත්තෙ මම ඉස්සෙල්ලම ඉන්ටනෙට් කනෙක්ට්
වෙන වෙලාවෙ එම ඔප්ෂන් එක ඇක්ටිව් වෙලා තිබුන හින්ද වෙන්න ඇති.
නමුත් ඉතින් මට තියෙන ප්‍රශ්නෙ දැන් ඔටෝ අප්ඩේට් වින්ඩෝස් කොපි වලටත් දෙනවද කියල?
සහෝ මොබිටෙල් ද පාවිච්චි කරන්නේ. weekly delight දාගන්නවට වඩා ලාභයි Daily delight 25 දාගන්න. 25/- ට 100 MB.
ReplyDeleteD25 ටයිප් කරලා 7678 ට යවන්න. ඩේටා ඉවරවුනාම ආයෙත් එකක් දාගන්න. 25/- ක් කැපෙනවා. වැඩේ ලාභයි.airtel ඊට ලාභයි. 45/- ට 15Gb !
ඔයාගේ සීන් එක නම් අමුතුයි. මට නම් දැනුවත් ව වෙලා නෑ. වැඩේ හරියටම ක්ලික් කරගෙන සීන් එක පැහැදිලි කරන්න පුළුවන්ද. ඒක අපි වගේ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් යන අයට සෑහෙන්න ප්‍රයෝජනවත්...
දැන්නම් මට මොබිටෙල් පැකේජ් එකක් තියෙනව.
ReplyDeleteබලමු නිවාඩුවක් ලැබුනොත් තව පැහදිලි කරන්න.