Wednesday, June 2, 2010

// // Leave a Comment

බුදුන්වහන්සේගේ තෙමඟුල සහ මගේ මඟුල.

බුදුන්වහන්සේගේ තෙමඟුල සහ මගේ මඟුල.

(අනේ සොරි වෙන්න ඕන. මම මේ පෝස්ට් එක දාන්න හිටියෙ මැයි 26. ඒත්...., හා හේතුව
දැනගන්න ලැබෙයි. දැන්වත් කියවන්නකෝ.)

මේක කියන්නනම් ඕන අද නෙවෙයි අනිද්ද(28). ඒත් පෝය හින්ද සයිබර් කැෆේ කඩවල් වහනවනේ.
ඉතින් කලින්ම දාන්න ඕන කියල හිතුන.

ඔයාල දන්නවනේ මෙදාසැරේ වෙසක් පොහොය 27, 28 දවස් දෙකේම යෙදිල තියෙනව කියල. ඒ කියන්නෙ
බුදුන්වහන්සේගේ තෙමඟුල 27, 28. වෙසක් පොහොයට බුදුන් වහන්සේගෙ උපත සැමරුවත් ඇත්තටම
බුදුන්වහන්සේ ඉපදුනේ මැයි 28 වෙන්න පුලුවන් නේද? ඉතින් ඒ අසිරිමත් දවසෙ(28) තමයි ඔන්න මාත්
ඉපදුනේ නොහොත් මගේ මඟුල. මටනම් ඉතින් තෙමඟුලක් ලැබෙන එකක් නෑ. හැබැයි ඉතින් බුදුවෙන්න
බැරි වුනත් අනිම දෙමඟුලක් නම් ලැබෙයි. කොහොම වුනත් මොන ශ්‍රේස්ත්‍රයකින් හරි ලෝඩ් කෙනෙක්
වෙන්න නම් උත්සාහ කරන්න ඕන. ඉතින් ඒකට ඉස්සෙල්ලාම මෙහෙම කළගුණ සලකල ඉදිමුකෝ.

මමත් ඉතින් සින්හල බ්ලොග් ලියන්න තියෙන ආසාවට බ්ලොග් එකක් හදාල පෝස්ට් කීපයකුත් දාලා SBU
එකට මැයි 12 Request එකකුත් දැම්ම. මම ගිය 19 වෙනිදා මේල් බලද්දී කාලෙකින් වැදගත් කෙනෙක් ගෙන්
මේල් එකක් ලැබිල ඒ කියන්නෙ, කාලිංග අයියගෙන් මේල් එකක්. ආයිත් අහල මාර හැපි. මොකද දැං මාත්
සින්ඩියෙ කියල හිතුන. සින්ඩිය ගැන දැනගෙන වැඩි කාලයක් ගියෙත් නැතුව මාත් දැන් පොරක් කියල
හිතාගෙන කාලිංග අයියට Thanks කරල Reply එකකුත් දානව කියල හිතාගෙන මේල් එක ඕපන් කරා.
එතකොට නේ මතක් වුනේ මම ඉන්න කැෆේ එකේ යුනිකෝඩ් නෑ කියල. එදා පෝටබල් ෆයර් ෆොක්ස් එක
ගෙනිච්චෙත් නෑ. අන්තිමට මේල් එක කොපි කරගෙන ගෙදර ආව. ඉතින් කාලිංග අයියටත් SBU එකේ
කාටත් ස්තුතියි. ඒ වගේම මගේ බ්ලොග් එක බලල මට කමෙන්ට් කරල ෂපෝට් එකක් දෙන්න කියල කාටත්
ආරාධනා කරනව. ඔයාලට වැදගත් යමක් දෙන්න මම උත්සාහ කරනව.
ඔයාලටත් මම මේ වෙලාවෙම ස්තුති කරල කළගුණ දක්වනව.

0 comments :

Post a Comment