Wednesday, June 2, 2010

// // Leave a Comment

PSTrayFactory

ඔයාලටත් සමහර විට මෙහෙම දෙයක් කරන්න ඕනවුනු අවස්ථා ඇතුව ඇතිකියල තමයි මේක
ලියන්නෙ. කොහොම දෙයක්ද? අහගන්න කෝ.

සමහර වැඩසටහන් තියෙනව අපිට ගොඩක් ප්‍රයෝජනවත් හැබැයි ඉතින් ඒ වගේ නිතර
ප්‍රයෝජනවත් දේවල් සිස්ටම් ට්‍රේ එකේ තියෙනවනම් තමයි අපිට පහසු.
(හා... SystemTray කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැත්නම් මේ URL එකට යන්නකෝ.
Seting හැදීම පිළිබඳවත් තියෙනව.
http://kotanna.blogspot.com/2010/06/system-tray-is.html )

නමුත් එහෙම ට්‍රේ එකට මිනිමයිස් කරන්න බැරිනම් කරන්නෙ මොකක්ද? ඒකට උදව් කරන හින්දම
නෙවෙයි මම මේ සොෆ්ට් + වෙයා එක ඇඳ ගත්තෙ.
මේ කියන එකෙන් පුලුවන් එහෙම ට්‍රේ එකට මිනිමයිස් කරපු ප්‍රෝග්‍රෑම් වලින් හදන
අයිකන් ටික හයිඩ් කරල දාල හොරවැඩක් උනත් කරන්න. හොදයි මේ සොෆ්ට්වෙයා එකේ නම
තමයි PSTrayFactory. ඒ වගේම ඒකට අයිති අයිකන එකත් පුලුවන් හයිඩ් කරල ඕන වෙලාවක
පාවිච්චියට ගන්න කී ෂෝට්කට් එකක් දාගන්න. අපි එහෙම හයිඩ් කරගත්තු ඇප් එකක්
PSTrayFactory එක හරහා නොගෙන ගන්නත් කී ෂෝර්ට්කට් එකක් දාගන්න පුලුවන්. ඔයාලත්
මේ සොෆ්ට් + වෙයා එක ඇදගන්න ඕනනම් මේ සයිට් (Click To Log) එකට ගිහිල්ල බාගන්න.
හැබැයි මම හදාගත්ත පෝටබල් සොෆ්ට් එකකුත් තියෙනව බාගන්න ඔනනම් මේ URL එකට යන්නකෝ.
*********

http://kotanna.blogspot.com/2010/06/ps-tray-factory.html

පෝටබල් එක ගන්නවනම් ඒකෙ ඔක්කොම සෙටින් හදල තියෙන්නෙ. ඒ හින්ද අමතක කරන්න එපා,
Software එක මත ඩබල් ක්ලික් කරාට පසු Alt + Ctrl + K කී ප්‍රෙස් කරල පාස්වර්ඩ් එකක් දෙන්න වෙනව.
ඒකට kotanna කියල් ටයිප් කරල ඕකේ කරන්න. ඊටපස්සෙ හයිඩ් කරන්න අවශ්‍ය අයිකන් එක
ඉදිරියෙන් ටික් එකක් දමන්න.
























Read More
// // Leave a Comment

බුදුන්වහන්සේගේ තෙමඟුල සහ මගේ මඟුල.

බුදුන්වහන්සේගේ තෙමඟුල සහ මගේ මඟුල.

(අනේ සොරි වෙන්න ඕන. මම මේ පෝස්ට් එක දාන්න හිටියෙ මැයි 26. ඒත්...., හා හේතුව
දැනගන්න ලැබෙයි. දැන්වත් කියවන්නකෝ.)

මේක කියන්නනම් ඕන අද නෙවෙයි අනිද්ද(28). ඒත් පෝය හින්ද සයිබර් කැෆේ කඩවල් වහනවනේ.
ඉතින් කලින්ම දාන්න ඕන කියල හිතුන.

ඔයාල දන්නවනේ මෙදාසැරේ වෙසක් පොහොය 27, 28 දවස් දෙකේම යෙදිල තියෙනව කියල. ඒ කියන්නෙ
බුදුන්වහන්සේගේ තෙමඟුල 27, 28. වෙසක් පොහොයට බුදුන් වහන්සේගෙ උපත සැමරුවත් ඇත්තටම
බුදුන්වහන්සේ ඉපදුනේ මැයි 28 වෙන්න පුලුවන් නේද? ඉතින් ඒ අසිරිමත් දවසෙ(28) තමයි ඔන්න මාත්
ඉපදුනේ නොහොත් මගේ මඟුල. මටනම් ඉතින් තෙමඟුලක් ලැබෙන එකක් නෑ. හැබැයි ඉතින් බුදුවෙන්න
බැරි වුනත් අනිම දෙමඟුලක් නම් ලැබෙයි. කොහොම වුනත් මොන ශ්‍රේස්ත්‍රයකින් හරි ලෝඩ් කෙනෙක්
වෙන්න නම් උත්සාහ කරන්න ඕන. ඉතින් ඒකට ඉස්සෙල්ලාම මෙහෙම කළගුණ සලකල ඉදිමුකෝ.

මමත් ඉතින් සින්හල බ්ලොග් ලියන්න තියෙන ආසාවට බ්ලොග් එකක් හදාල පෝස්ට් කීපයකුත් දාලා SBU
එකට මැයි 12 Request එකකුත් දැම්ම. මම ගිය 19 වෙනිදා මේල් බලද්දී කාලෙකින් වැදගත් කෙනෙක් ගෙන්
මේල් එකක් ලැබිල ඒ කියන්නෙ, කාලිංග අයියගෙන් මේල් එකක්. ආයිත් අහල මාර හැපි. මොකද දැං මාත්
සින්ඩියෙ කියල හිතුන. සින්ඩිය ගැන දැනගෙන වැඩි කාලයක් ගියෙත් නැතුව මාත් දැන් පොරක් කියල
හිතාගෙන කාලිංග අයියට Thanks කරල Reply එකකුත් දානව කියල හිතාගෙන මේල් එක ඕපන් කරා.
එතකොට නේ මතක් වුනේ මම ඉන්න කැෆේ එකේ යුනිකෝඩ් නෑ කියල. එදා පෝටබල් ෆයර් ෆොක්ස් එක
ගෙනිච්චෙත් නෑ. අන්තිමට මේල් එක කොපි කරගෙන ගෙදර ආව. ඉතින් කාලිංග අයියටත් SBU එකේ
කාටත් ස්තුතියි. ඒ වගේම මගේ බ්ලොග් එක බලල මට කමෙන්ට් කරල ෂපෝට් එකක් දෙන්න කියල කාටත්
ආරාධනා කරනව. ඔයාලට වැදගත් යමක් දෙන්න මම උත්සාහ කරනව.
ඔයාලටත් මම මේ වෙලාවෙම ස්තුති කරල කළගුණ දක්වනව.
Read More

Friday, May 14, 2010

// // 3 comments

CD/DVD වල File/Folder Hide කරන අයුරු.

මම මේ කියන්න යන්නෙ කොහොමද CD /DVD එකක ඇති File/Folder Hide කරන්නෙ
කොහොමද කියල.මේකට ඉතින් මම බාවිතා කලේ UltraIso කියන Software එක තමයි.
නමුත් මේකට PowerIso/MagicIso වැනි Software ද බාවිතා කලහැක.












ඉහත රූපයෙ දැක්වෙන පරිදි මෘදුකාංගය විවෘත කරගෙන එහි B කොටස වෙතට ඔබට අවශ්‍ය
File Add කරගන්න.
ඉන්පසු Hide කලයුතු File/Folder එකමත Right Click කර File Properties Click කරන්න.
එවිට පහත රූපයේ පරිදි දැක්වේ.






















මෙහි දැක්වෙන Hiden Click කිරීමෙන්ද Hide කල හැකි නමුත් එම Hide කරපු File Windows මගින් ඉවත්කර බැලිය හැක.
නමුත් මෙහි දැක්වෙන Advanced Hiden යන්න Click කිරීම මගින් File Hiden එක බැලීමට මෙම Software එක භාවිතා කලයුතුය.
දැන් මෙනුබාර් එකේ File වල Sae ගොස් File Name එකට නමක් දී Save කරන්න.මෙය Save වන්නේ .ISO File Image එකක් ලෙසය.
ඉන්පසු එම Image එක CD/DVD එකක Burn කරගන්න.
මෙම ක්‍රමය මගින් කල හැක්කේ Data CD/DVD පමණි.
එසේම Video වැනි File දමන්න අවශ්‍යනම් ඒවා Play කරවීමට Software එකක් ලියා දැමිය යුතුය.
ඔබට එවන්නක් අවශ්‍යනම් Comment කරද්දී ඉල්ලන්න.
මම පසුව ඒගැන සලකා බලන්නම්.
මේ ක්‍රමයෙන් පුලුවන් CD/DVD කොපි කරන්න බැරි CD/DVD බවට වුනත් පත්කරන්න.
සේරම කියන්න ඕනෙනෑනේ. ටිකක් කරල බලන්න.
දන්නවද මම මේ ක්‍රමය සොයගත්තෙ Software එක නිකන් අතගගා ඉද්දී.
මම නම් Software එකක් ලැබුනම ඒකේ Option, Seting අස්සෙ රින්ග රින්ග බලන එක පුරුද්දක්.
ඉතින් ඔයාලත් එහෙම ටිකක් කරල බලන්න.
Read More

Thursday, April 22, 2010

// // 7 comments

Aptitude Test For Go To University

Aptitude Test For Go To University
සමහර විෂ්වවිද්‍යාලවල සමහර පඪමාලාවලට සිසුන් බධවා ගැනීමට යෝග්‍යතා
පරීක්ෂනයක් පවත්වන බව කවුරුත් දන්නවනෙ. මම මේ post එකේ ලියන්න යන්නෙ
ඒ පිළිබඳව මට ඇති අත්දැකීම් කීපයක්.ඒ පිළිබඳව දැන ගැනීමෙන් උ\පෙළ කරන
අයට පොඩිහරි උදව්වක් වෙයි.මට ඒ පිලිබඳව දැන ගැනීමට කවුරුවත් නොසිටි නිසා
ගැටලු කීපයකට මුහුණ දෙන්නත් සිද්ද වුනා.
විෂ්වවිද්‍යාලවලට සිසුන් බඳව ගැනීමට Aplication නිකුත්කරන දවස්වලම වගේ තමයි මෙම
යෝග්‍යතා පරීක්ෂනවලටත් Aplication නිකුත් කරන්නෙ.එම Aplication ප්‍රසිද්ධ පොත්හල්වලින්
කාටත් මිලදී ගන්න පුලුවන්. නැත්නම් පුවත්පත් වලත් Aplication පලවනව.

සමහර පාධමාලවලට සා\පෙළ ඉංග්‍රීසි වලට C සාමර්ථයක් ඉල්ලනව.එහෙම
නැත්නම් Test එකට කැඳවන්නෙ නෑ. ඒනිසා ඔයාලට කාළය තියේනම් කොහොම
හරි O\l ඉංග්‍රීසි වලට C එකක් ගොඩදාගන්න උත්සාහ කරන්න.
සබරගමුව විෂ්වවිද්‍යාලයෙ තියෙන Computer And Infomation System ( CIS ) වලට තියෙන
Test එක ලියන්න නම් සබරගමුව විෂ්වවිද්‍යාලයට යන්න වෙනව. ඒක Genaral Test එක වගේ තමයි,
ගණිතමය සමාන්‍ය දැනීම තමයි ගොඩක් තියෙන්නෙ, ඉංග්‍රීසි වලින් තමයි තියෙන්නෙ.
බයවෙන්න එපා අමරුනම් නැ. සාමාන්‍යයෙන් සිසුන් 500 වගෙ තමයි ඒකට එන්නෙ.

මොරටුව විෂ්වවිද්‍යාලයෙ Test ලියන් නම් මොරටුව විෂ්වවිද්‍යාලයට යන්න වෙනව.
එහි IT Test එකනම් Genaral Test එකවගේ තමයි.
එහි තියෙන Architecture/Design Architecture හා Fashion Design & Product Development පාධමාලවලට
තියෙන Test එකේ බලන්නෙ චිත්‍ර අදින්න පුලුව්න්ද කියල තමයි, ඒකත් සැරටම
බලනවලු. මොකද මෙම පාධමාලවලට හැම විෂයකින්ම ළමයි ගන්නවනේ.
සාමන්‍යයෙන් ළමයි 3000 විතර ටෙස්ට් එක ලියනව. මට මෙතෙන තමයි කෙලවුනේ.
මට චිත්‍ර බෑනේ.
අපි අයදුම් කරන සෑම පාධමාලවකටම රු 300-500 අතර මුදලක් ගෙවන්න සිද්ධ වෙනව

ඉතින් Test ඔක්කොම ලියන්න ගියොත් රු 3000 විතර වියදම් වෙනව.බුදුඅම්මෝ එච්චර
ගෙවන්න කෝ සල්ලි. ඒ හින්ද දැම්මෙ Test ටිකකටයි එයින් එකක් තමයි Architecture.
අපරාදෙ රු 300 විතර අපතෙ ගියා. ඒකෙන් මට කරන්න පුලුවන් Test එකක් අයදුම්
කරන්න තිබුණ.
දන්නවද ඌව විෂ්වවිද්‍යාලයෙ Test වලට නම් එන ළමයි පිරිස දන්නෙ නෑ.සෑහෙන්න
පිරිසක් ලියනව ඇති.මොකද එම ටෙස්ට් ලියන්න විෂ්වවිද්‍යාලයට යන්න ඕනෙ නෑ.
එක් එක් දිස්ත්‍රික්ක වලට වෙනමම මධ්‍යස්ථාන පිහිටවනව.හරිම පහසුයි.

මම ගණිත අංශයෙන් උ\පෙළ කරපු හින්ද කළා හා Bio විෂයන් කරපු අයට විතරක්
තියෙන Test ගැනනම් දන්නෙ නෑ. මම ඉදිරි ලිපි වලදී ඒ ඒ Test පිළිබඳවත් හොයල Post
එකක් දාන්නම්කො. ඒ වගේම මම ලියපු Test වල Test Peper ටිකකුත් දාන්නම්කො.
හැබැයි ඉතින් ටෙස්ට් ප්‍රේපර් එක ගෙදර ගේන්න නම් දෙන්නෙ නැ. ඉතින් ටිකක් කල් ඕන
මතක විදියට හදල තහවුරු කරගෙන දාන්න.
Read More

Wednesday, April 7, 2010

// // Leave a Comment

About Me

Helo, I Am Namal Jayathunga.
Read More