Thursday, November 29, 2012

// // Leave a Comment

Top 10 Words Game


Top 10 Words Game, මෙය කලින් ලබාදීල තියෙන Top 10 Words of The Day සමග වැදගත් වන Option එකක් කීවොත් නිවැරදියි. එහිදී අලුතින් පාඩම් කල වචන හුරුවීම සඳහා මේ Game එකෙහි යෙදෙන්න පුලුවන්.



System Tray හි පවතින NDictionary Icon එක මත Right Click කිරීමෙන් ලබෙන මෙනු එකෙහි පවතින "Games --> Top 10 Words Game" යන විධානය මගින් ඔබට පුලුවන් Game එකට Access වෙන්න.

මෙම Game එකෙන් වෙන්නෙ මොකක්ද?
Top 10 Words of The Day  මගින් දවසකට ලබාදෙන Words 10න් එකක් Randomly තොරාගෙන ඔබට ඉදිරිපත් කරනව, නිකන්ම නෙවෙයි අකුරු Scramble (කවලම්) කරල.

ඉතින් කරන්න තියෙන්නෙ මොකක්ද?
කරන්න මහ ලොකු දෙයක් නෑ. දවසෙ වචන ටික පාඩම් කරල දෙන වචනෙ අනුමාන කරල වචනෙ අකුරු පිළිවෙලට Click කරගෙන ගිහින් එම වචනෙ හදාගන්න. ඒ වචනෙ හැදුවම ඉතිරි වචන 9න් එකක් ඒ විදියටම ඔබට ලැබෙනව. වචන 10 ඉවර උනාම ඔබට පුලුවන් Record එකකුත් තියන්න. හැබැයි විනාඩි 3ක් ඇතුලත කරන්න වෙනව.
Game Pause කරන්න, බාගෙට හදමින් ඉද්දී Reset කරන්න වගෙම වචනයක් Skip කරල ඊලග වචනයට යන්නත් පුලුවන්. ඒ වගේම වචනයක් හදද්දි වැරදුනොත් Meaning එක බලන Button එක Active වෙනව. තවද වචනයක් නිවැරදිව හදල ඉවරවුනාම නිවැරදි බව දන්වන අතරෙ පහලින් එම වචනයෙ තේරුම ගෙන දෙනව. ඒ අතරෙ Time එක අඩු වෙන්නෙ නෑ.

ලකුණු ලැබෙන්නෙ කොහොමද?
සෑම Click එකකටම ලකුණු 20 ක් ලැබෙනව. නමුත් තත්පර 30න් 30ට එම ප්‍රමානයෙන් අවම ප්‍රමානය 5 වෙනක්ම්  3 ගානෙ අඩුවෙනව. එතකොට වැරදි විදියට වචනයක් හැදුවොත් Click එකකට ලැබෙන ලකුණු 20න් අවම ලකුණු 5 දක්වා 1 ගානෙ අඩුවෙනව. ඒ අනුව දිග වචනයක් ලැබුනොත් ලැබෙන ලකුණු ප්‍රමාණය වැඩියි.


0 comments :

Post a Comment