Thursday, August 2, 2012

// // 8 comments

Excel පට්ට Trix

පට්ටයි කිවුවට පට්ටමද කියල ඔයාල තමා තීරනය කරන්න ඕන. එහෙම නම් හා මේ ලිපිය වැදගත් කියල හිතෙනවනම් යාලුවන්ට දැන ගන්නත් වගේම මේ වගේ ලිපි තවත් ලිවිය යුතුදැයි තීරනය කරන්නත් එක්ක පහල Like Button එක Click කරන්නකෝ.

මෙහෙමයි අද ඔයාලට කියල දෙන යන Trix එක.
පහල පින්තූරයේ පරිදි ඔයාල ගාව ඩේට ටිකක් තියෙනව කියල හිතන්න.


 ඔයාට ඕන ඒ ඩේට ටිකේ හැම වාක්‍යයකම මැද තියෙන "=" ලකුනෙන් වෙන් කරල දෙපැත්තෙ තියෙන ඩේට වෙන වෙනම Column දෙකකට දාගන්න. හරියට පහල පින්තූරයේ තියෙනව වගේ.



ඔය වගේ කරගන්න සුළු ඩේට ටිකකට නම් අවුලක් නෑ. හැබැයි ගොඩක් ඩේට?
ඔන්න ඕකට Programin දන්න එකෙක් නම් පටගාල Code කැල්ලක් ලියල දෙයි. ඒත් ඒ ගැන අවබෝදයක් නැති කෙනෙක්ට Excel පහසුවෙන් Use කරන්න පුලුවන්.

හොඳයි මුලින්ම NotePad එකේ තියෙන ඔය Data ටික Excel Sheet එකක් ඇරල එක Column එකකට Copy කරගන්න. හරි දැන් ඉතින් Syntax වැඩ කිඩ දාන්න වෙලාව හරි.

පහල පින්තූරයේ පරිදි B Column එකේ =Trim(A1) ලෙස Type කරන්න
මේකෙන් කරන්නෙ A1 තීරයේ අනවශ්‍ය Space හා Tag  තියේනම් ඉවත් කරන එක.



C Column එකේ =Find("=",B1) ලෙස Type කරන්න.
මේකෙන් කරන්නෙ B1 තීරයේ ඇති වාක්‍යයෙන් "=" ලකුණ ඇති තැන Index එක ලබා ගැනීම.
පහල පින්තූරයේ A1 හි වාක්‍යයේ "=" ලකුණ තියෙන්නෙ 10 ස්තානයේ.



D Column එකේ =Left(B1,C1-1) ලෙස Type කරන්න.
මේකෙන් කරන්නෙ B1 තුල ඇති ඩේට එකෙන් වමේ සිට යම් කොටසක් වෙන් කරල ගැනීම. ගන්න ප්‍රමානය තමා දෙවනුවට තීරනය කරල තියෙන්නෙ. ඒ අනුව 9 (10-1) ( සමාන ලකුණ තියෙන තැන අංකය -1) දක්වා  අකුරු ‍තෝරල ගන්න ඕනෙ.  සමාන ලකුණ තියෙන තැන අංකය කලින් C1 තුලට ගත්ත නිසා C1-1  කියල දානව.


එතකොට D1 ට අදාල ඩේට Copy වූ හැටි පහල පින්තූරයේ තියෙනව.
දැන් සමාන ලකුනෙන් එහා පැත්තෙ තියේන ඩේට ගන්න Command ලියමු.
E1 තීරයට B1 තීරයේ ඇති වාක්‍යයේ මුලු අකුරු ගාන ලබාගත යුතුයි.
ඒ සඳහා =len(B1) ලෙස Type කල යුතුයි.



දැන් F1 තීරයේ =Right(B1,E1-C1) ලෙස Type කරන්න.
මෙහිදී කරන්නෙ B1 Cel එකේ අති ඩේට එකෙන් දකුනු පත්තේ සිට ඩේට ටිකක් ‍තෝරා ගැනීම. දෙවනුවට, ගන්න ප්‍රමානය තොරා දිය යුතුයි. එනම් මලු අකුරු ගානෙන් සමාන ලකුණට අති අගය අඩු කලවිට ලැබෙන අගයයි. ඒ අනුව 17-10 ලෙස විය යුතුයි. එම අගයන් වෙරියබල් එකක් විදියට E1 ට හා C1 ට දීල තියෙන නිසා ඒවා මගින් අදාල ප්‍රමාණය තොරාගෙන තියෙනව. හොඳයි දැන් ඉතින් සියළුව Rows  වලට අදාල Command ට්ක ඇදගෙන යන්න.





ඔය විදියට කරේ තේරුම් ගන්න පහසු වෙන්න. ඔයාලට පුලුවන් මේ කරපු දේවල් එක සැරෙන් ලියල දාන්න පහල විදියට.






Programming ටිකක් හරි දන්නවනම් ඔය දේ පැහැදිලිව තේරුම් ගෙන ඕන වැඩකට යොඩවගන්න පුලුවන්.

එහෙම තමට අවශ්‍ය දේකට Command එකක් ලියා ගන්න හරි වැටහීමක් නැතිනම් Sample එකක් සමග කරගන්න ඕන විදිය Comment එකක් දාල යන්නකෝ. පුලුවන් විදියට උදව් කරන්න බලන්නම්.

මේ ලිපිය වැදගත් කියල හිතෙනවනම් යාලුවන්ට දැන ගන්නත් වගේම මේ වගේ ලිපි තවත් ලිවිය යුතුදැයි තීරනය කරන්නත් එක්ක පහල Like Button එක Click කරන්නකෝ.

8 comments :

  1. macho mata podi data bass ekak tiyenawa hadaganna podi help ekak denawada.......

    ReplyDelete
  2. tank machan matat oya wage wadak set wela hodata newa........ 

    ReplyDelete
  3. වැදගත් ලිපියක්.ස්තුතියි.

    ReplyDelete
  4. ඒ ගැන සතු‍ටුයි.

    ReplyDelete