Tuesday, July 19, 2011

// // 7 comments

ටෙක්කතා; වැදගත්ම ලිපියට කලින්

වැදගත්මදේ පටන්ගැන්මෙදි කියන්නම් කෝ කොහොමඳ මම ටෙක්කතාගැන දැන්ගත්තෙ කියල.
ඒ වකවානුව මම උ/පෙ කරල ඉවරවුනා විතරයි. උ/පෙ කරන්න කලින් ඉලෙක්ට්‍රොනික් ගැන් පුදුම උනක් තිබ්බ.
ඒත් උ/පෙ ට මහන්සි වීමත් එක්ක උන බැහැලයි තිබ්බෙ. දවසක් විදුසර බලනකොට දැක්ක මොරටුවෙන් සංවිදානය කරපු ඉනෝමෙච් නව නිපැයුම් තරගයක් ගැන.
ඉලෙක්ට්‍රොනික් උනන්දුව අඩුවෙලා තිබ්බ නිසා අතාරින්නත් හදල තරඟයෙන් තෝරගත් පිරිසකට මොරටුවෙ බාහිර පාඨමාලා නොමිලෙ කරන්න දෙනව කියල තිබ්බ නිසා පොඩි ආසාවක් ඇතිවුනා.
කොහොම හරි කලින් තිබ්බ අයිඩියා එකක් මාසයකටත් අඩු කාලයකින් එහෙන් මෙහෙන් අමුනගෙන තරගෙට රෙඩි වුනා.






කොහොම හරි තරඟය තියෙන දවස්වලම ඉ-ආසියා ප්‍රදර්ශනයත් තිබ්බ නිසා කොලඹ යන්න තියෙන එපාවීම අඩුකරන හොඳ සාදකයක් වුනා.
ඉ-ආසියා එක අවසන්වන දවසෙ තමයි මම කොලොඹ ගියේ. නෑදෑගෙදරකට තමයි ගියේ.
එහේ කවුරුවත් ප්‍රද්‍රශනේ ගැන උනන්දුවක් නැතිනිසා මට තනියම තමයි බි.ම්.අයි.සී.එච් යන්න වුනේ.
තනියම නිසාත් ප්‍රදර්ශනයේ ගොඩක් තැන්වල විස්තර කරන කට්ටිය  යූස් කලෙත් ඉංග්‍රීසි නිසාත් (මේ ගැනනම් රසවත් ලිපියක් පසුවදානම්කො ) වැඩි තැන්වල රැදීහිටියෙ නෑ.
කොහොම හරි ටෙක්කතා ප්‍රදර්ශන කුටිය ලඟටත් ලඟාවුනා. කම්පියුටර් දෙකක් සහ බලන්න ආපු කෙනෙක් සමග කතා කරන අයියල දෙන්නෙක් හිටිය.
පොඩ්ඩක් බැලුව ඇති දෙයක් නෑ වගෙ. යන්න කියල හදනකොටම බලන්න ආපු කෙනෙක්ට පාරිගනකයකින් රිමූවු කරල පෙන්ඩ්‍රයු එකක් දුන්න.
යොකෝ පෙන්ඩ්‍රයු නිකන් දෙන තැනවත්ද කියල පොඩ්ඩක් ආපහු හැරිල කට්ටියගෙ ලගට ඇවිත් බැලුව.
අහන්නත් ලැජ්ජයි වගේ හැබැයි ඉතින් ඔයිට වඩා චාටර් වැඩ එතෙන්දිම වුන නිසා ඇහුව "අයියේ මොනවද ඒ දුන්නෙ කියල".

ඉතින් පොඩි විස්තරයක් අහගත්ත. එතකොට මට හිතුනෙ පරිගනක ගැන ඔහොමත් ලෙහසියෙන් ඉගෙන ගන්න පුලුවන්ද කියල.
ඒ ගෑන විශ්වාසයක් නැතිවුන හින්ද වැදගත් දේයක් නම් නෙවෙයි වෙන්න ඇති කියලයි හිතුන. එහිනද නොගෙන ඉන්නත් හදල ඉලෙක්ට්‍රොනික් දේවලුත් කතාකරල තියෙනවද කියල ඇහුව.
පොඩ්ඩක් විතර කතාකරල තියෙනව කියල තිබ්බ නිසා කමක්නෑ දාගෙන යනව කියල හිතල මටත්දාල දෙන්න කියල කිවුව මතකයි.
ඒ වෙලාවෙම තමයි මම සිංහල බ්ලොගර් ගැන දැනගත්තෙත්. පස්සෙදි ටෙක්කතා ටික ඇහුවම තමයි මට තේරුනේ පරිගනකනම් ගොඩක් දුරට තනියම ඉගෙන ගන්නත් ලේසියි කියල.
ඒ දැනගත්ත දේවල් වලින් මම අද ගොඩක් ඉදිරියෙන් කියල මම හිතනව.

ටෙක්කාතා හා ගෲප් එකේ වැදගත්කම ඊටත් වැඩියි. මොකද මට ඉංග්‍රීසියෙන් හිතන බැරිවුනත් ගොඩක් ටෙක්නිකල් ඉංග්‍රීසි ලිපිනම් අමාරුවෙන් හරි කියවල තේරුම් ගන්න පුලුවන්.
එතෙන්දි ඕනකරන ලිපි හොයාගන්න කීවර්ඩ් හිතාගන්න ටිකක් අමාරුයි. මෙතෙන්දි ආයෙත් ටෙක්කාතා හා ගෲප් එක වැදගත් වෙනව.
එවගෙ පොඩිතැනක් අල්ල ගත්තම ඇති. කීවර්ඩ් ගෑන කියනවනම් මම අවුරුදු කීපයකට කලින් ඉලෙක්ට්‍රොනික් පරිපථ සටහන් හොයාගන්න ඉන්ටර්නෙට් කැෆේ  ගියාම හිස් අතින් තමයි එන්නෙ.
මොකද මම සර්ච් කරන්නෙ Electronic Circuit කියල. ඒත් රිසාලට් එකේ තියෙන්නෙ විකුනන තියෙන රෙඩියෝ, ටීවී වගේ දේවල්.
කොහොමහරි මේකට විසදුම් මම පාසලේ පරිගනක සර්ලගෙන් පවා අහල තියනව. ප්‍රතිඵල නැති නිසාම වැඩේ අතඇරල ඉන්න කොට බුක්ෂොප්
එකක තිබුණ පොතක තිබුණ Electronic Circuit Diagram කියල. මට හිතුන ඒක සර්ච් කරල බලන්න. අන්න ඒකනෙ කීවර්ඩ් එක.
ඉලෙක්ට්‍රොනික් පරිපථ ගැන සෑහෙන දේවල් ඒ විදියට හොයාගන්න පුලුවන් වුනා. ඒත් එතකොට උ/පෙ කරන කාලේ. මේ ප්‍රතිපලේ කලින් හොයාගන්න පුලුවන් වුනානම්.

ඔයවගේ වැදගත් ගොඩක් කීවර්ඩ් මට ටෙක්කතා නිස හොයාගන්න පුලුවන් උනා.
ඉතින් ටෙක්කතා කරන අයියලාටත්. ගෲප් එකේ පිලිතුරු දෙන කාටත් හා සිංහල බ්ලොග් ලියන කාටත් බොහොම පිං.

ඉතින් ලිපිය දිගවුන හින්ද ඉ-ආසියා අත්දැකීමයි ඉනෝමෙච් ගැන්යි ඒ ගමනෙදි සෙට් වෙච්ච  ශිෂත්වයක් ගැනත් (ඒකනම් ඉගෙන ගන්න කාටත් වැදගත් වෙයි.) වෙනමම කියන්නම් කෝ.
ඇත්තටම මම ඒ කොලඹ යෑමනම් ටෙක්කතා හා සිංහල බ්ලොගර් ගැන දැනගන්නම තමයි ගිහින් තියෙන්නෙ.
මොකද කරපු හැම වැඩක්ම චාටර් වුනා. ඉනෝමෙච් එකනම් මම ගියපු කම්පෙටිෂන් වලින් එපාම වෙච්ච එක කීවොත් නිවැරදියි.

වැදගත්ම දේ කියන්නම්, මම ඊලඟ ලිපියෙන් එන්නෙ ටෙක්කතා ගැන කාටත් බොහොම වැදගත්, ප්‍රයෝජනවත් ලිපියකින්. 
ඉතින් එතකන් ඔයාලට පුලුවන් ඒ මොකක් වෙයිද කියල අනුමාන කරල ඩිස්කස් කරන්න. බලමු කවුද හරියට ගෙස් කරන්නෙ කියල.
(tchkathaOff.....)

7 comments :

  1. machan,offliner 1 ekadigatama play karanna be.1 part 1k play wela iwara unama anith ewa play wenne nathuwama completed massage eka enawa..mekata monada karanna one?

    ReplyDelete
  2. මොනවා කියන්න යනවද කියලා නම් හිතාගන්න බැහැ..එත් සතුටුයි, බ්ලොග් සහ ටෙක් කතා වලින් ප්‍රයෝජනයක් අරගෙන තියනවා කියලා අහන්න. ටෙක් කතා වලින් මාත් ගොඩක් දේවල් දැනගෙන තියනවා. ඒ වගේම බ්ලොග් කියන්නේ මගේ ජීවිතයට ගොඩක් දේවල් දුන්න තැනක්..සතුටුයි අදුරගන්න ලැබීම. දිගටම ලියන්න.

    ReplyDelete
  3. කාලයට ඔනකරලා තියෙන දෙයක් ගැන කතා කිරීම වටිනවා..! teak katha අපේ දෙයක් ..

    ReplyDelete
  4. කතා කරලා තියෙන කතාව නමි සහතික ඇත්ත....මමත් teck katha ගැන දැන ගත්තේ අහම්බෙන්...ඒත් ඒ අහම්බෙන් දැන ගත්ත දෙය මට නම් ලොකු උදව්වක වෙලා තියෙනවා

    ReplyDelete
  5. www.techkatha.com මගින් ඔයාට පුලුවන් ඔයාගෙ පරිගනක ගැටලු වලට පිලිතුරු සපයන්න. ඒක හරියට රේඩියෝ වැඩසටහනක් වගේ තමා. ඒ ෆයිල් එක අපට පුලුවන් Download කරගන්න. 4mb  වගේ වෙන්නෙ. පැයක කාලයක් ප්‍රොග්‍රැම් එක යන්ව. සතියකට එකක් කරනව.

    ReplyDelete
  6. මචන් මම දන්නැති දේවල් ගොඩක් බ්ලොග් වලින් හොයාගෙන ඉගෙනගන්නවා. මම හාඩ්වෙයාර් සයිඩ් එක තමා කරන්නේ, මම ටෙක්කතා කියන්නේ මොකක්ද කියලා මම දන්නැ.............
     

    ReplyDelete