Sunday, October 16, 2011

// // Leave a Comment

ටෙක්කතා 100ම.


               ටෙක්කතා ගැන දන්න ගොඩක් අය ඒක අහන්නෙ ඩවුන්ලෝඩ් කරගෙනනේ. ඉතින් සමහර අය ඒ ෆයිල් එක අහල ඉවරවෙලා ඩිලීට් කරල දාලත් තිබ්බ. ඉතින් TechkathaOffliner නිසා කට්ටියට ඩවුන්ලෝඩ් කරපු ෆයිල් වල වටිනාකම තේරුනානේ. ඉතින් ඒ අයත් වගේම මුල් එපිසොඩ් බා නොගත්තු ගොඩක් අය ටෙක්කතා එපිසොඩ් ඔක්කොම බාගන්න ලේසි ක්‍රමයක් ඕන කියල ඉල්ලීම මටත් ටෙක්කතා එකටත් යොමුකරල තිබ්බ නේ. ඉතින් මෙන්න ඒ සඳහා විසදුමක්. ඔයාලට පුලුවන් මේ ලින්ක් ටික Copy කරල Download Manager එකකට දාල ඩවුන්ලෝඩ් වෙන්න හරින්න. 1.2 GB විතර තමා ඔක්ක්කොම සයිස් එක.



http://dl.techkatha.com/Techkatha-EP100-RealAudio.zip

http://dl.techkatha.com/Techkatha-EP99-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP98-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP97-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP96-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP95-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP94-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP93-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP92-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP91-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP90-RealAudio.zip

http://dl.techkatha.com/Techkatha-EP89-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP88-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP87-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP86-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP85-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP84-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP83-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP82-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP81-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP80-RealAudio.zip

http://dl.techkatha.com/Techkatha-EP79-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP78-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP77-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP76-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP75-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP74-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP73-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP72-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP71-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP70-RealAudio.zip

http://dl.techkatha.com/Techkatha-EP69-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP68-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP67-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP66-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP65-RealAudio.zip
http://dl.techkatha.com/TechkathaUnplugged-Realaudio.zip
http://dl.techkatha.com/Techkatha-Ep64-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP63-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP62-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP61-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP60-RealAudio.zip

http://dl.techkatha.com/Techkatha-EP59-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP58-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP57-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP56-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP54-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP53-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP52-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP51-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP50-RealAudio.zip

http://dl.techkatha.com/Techkatha-EP49-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP48-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP47-RealAudio.zip
http://www.archive.org/download/TechkathaEP46/Techkatha-EP46-RealAudio.zip
http://ia341310.us.archive.org/1/items/TechkathaEP45/Techkatha-EP45-ACC.zip
http://www.archive.org/download/TechkathaEP44/Techkatha-EP44-RealAudio.zip
http://www.archive.org/download/TechkathaEP43/Techkatha-EP43-RealAudio.zip
http://www.archive.org/download/TechkathaEP42/Techkatha-EP42-RealAudio.zip
http://techkatha.com/download/Techkatha-EP41-RealAudio.zip
http://www.techkatha.com/download/Techkatha-EP40-RealAudio.zip

http://www.techkatha.com/download/Techkatha-EP39-RealAutio.zip
http://techkatha.com/download/Techkatha-EP38-RealAudio.zip
http://techkatha.com/download/Techkatha-EP37-RealAudio.zip
http://techkatha.com/download/Techkatha-EP36-RealAudio.zip
http://techkatha.com/download/Techkatha-EP35-RealAudio.zip
http://techkatha.com/download/Techkatha-EP34-RealAudio.zip
http://www.techkatha.com/download/Techkatha-EP33-RealAudio.zip
http://www.techkatha.com/download/Techkatha-EP32-RealAudio.zip
http://techkatha.com/download/Techkatha-EP31-RealAudio.zip
http://techkatha.com/download/Techkatha-EP30-RealAudio.zip
http://techkatha.com/download/Techkatha-EP30-RealAudio.zip

http://www.archive.org/download/TechkathaEp29/Techkatha-EP29-64kbps.mp3
http://www.archive.org/download/TechkathaEp28/Techkatha-EP28-64kbps.mp3
http://www.archive.org/download/TechkathaEp27/Techkatha-EP27-64kbps.mp3
http://www.archive.org/download/TechkathaEp26/Techkatha-EP26-64kbps.mp3
http://www.archive.org/download/TechkathaEp25/Techkatha-EP25-32kbps.mp3
http://www.archive.org/download/TechkathaEp24/Techkatha-EP24-32kbps.mp3
http://www.archive.org/download/TechkathaEp23/Techkatha-EP23-32kbps.mp3
http://www.archive.org/download/TechkathaEp22/Techkatha-EP22-32kbps.mp3
http://www.archive.org/download/techkatha_ep_21_32kbps/Techkatha-EP21-32kbps.mp3
http://www.archive.org/download/TechkathaEp20/Techkatha-EP20-32kbps.mp3

http://www.archive.org/download/TechkathaEp19/Techkatha-EP19-32kbps.mp3
http://www.archive.org/download/TechkathaEp18/Techkatha-EP18-32kbps.mp3
http://www.archive.org/download/TechkathaEp17/Techkatha-EP17-24kbps.mp3
http://www.archive.org/download/TechkathaEp16/Techkatha-EP16-32kbps.mp3
http://www.archive.org/download/TechkathaEp15/Techkatha-EP15-32kbps.mp3
http://www.archive.org/download/TechkathaEp14/Techkatha-EP14-32kbps.mp3
http://www.archive.org/download/TechkathaEp13/Techkatha-EP13-Live-Show-64kbps.mp3
http://www.archive.org/download/TechkathaEp12/Techkatha-EP12-32kbps.mp3
http://www.archive.org/download/TechkathaEP11/TechKatha-Episode11-full-32khz-32kbit.mp3
http://www.archive.org/download/TechkathaEP10_427/Techkatha-ep10-32kbps-Full.mp3

http://www.archive.org/download/TechkathaEP9/TechKatha-Episode9-full-16khz-32kbit.mp3
http://www.archive.org/download/TechkathaEP8/TechKatha-Episode8-full-16khz-32kbit_64kb.mp3
http://www.archive.org/download/TechkathaEp7/TechKatha-Episode7-full-16khz-32kbit_64kb.mp3
http://www.archive.org/download/TechkathaEp6/TechKatha-Episode6-full-44.1khz-32kbit_64kb.mp3
http://www.archive.org/download/TechkathaEp5/TechKatha-Episode5-full-44.1khz-32kbit_64kb.mp3
http://www.archive.org/download/TechkathaEp4-2/TechKatha-Episode4-full-16khz-32kbit_64kb.mp3
http://www.archive.org/download/TechkathaEp3/TechKatha-Episode3-full-32khz-32kbit_64kb.mp3
http://www.archive.org/download/TechkathaEpisode2Part1/TechkathaEpisode2Part1_64kb.mp3
http://www.archive.org/download/TechEp1/TechEp1_64kb_mp3.zip
Read More

Monday, October 10, 2011

// // 2 comments

ටෙක්කතා 100 වෙනුවන් මගෙන්.



තාක්ශනික් ගැටලු තනියම විසදගන්න ආස කවුරුත් වගේ නොදන්න තැනක් නෙවෙයි ටෙක්කතා කියන්නෙ. Podkasting -> Live Streaming -> Live Video Streaming හරහා ටෙක්කතා 100 වෙනකොට ලොකු ගමනක් ඇවිත් තියෙනව. ටෙක්කතා දැනට නිකුත්ව තියෙන වැඩසටහන් 99ම අහපු කෙනෙක් හැටියට මට ඒ හරහා ලොකු දැනුම් සම්බාරයක් ගන්න පුලුවන් වෙලා තියෙනව. ඉතින් ටෙක්කතා 100 වෙනුවෙන් මගේ උනුසුම් සුබ පැතුම් කාලිංග අයියා, තිලින අයියා, බුද්දික අයියා, සදීප අයියා ඇතුළු අයියලා සියළු දෙනාටම.

වැඩසටහන් 99 වෙනකොට ටෙක්කතා තුල මාතෘකා + ප්‍රශ්න = 2966 ක් කතා කරල තියෙනව. ඉතින් 100වෙනි වැඩසටහනෙන් 3000 පසුකරන්න පුලුවන් වේවි. ඒ වගේම ඔයාලට මේ 99ම අහනවනම් අඩුමතරමෙ පැය 130ක් වත් වෙයකරන්න වෙනව.

ඒ වගේම ටෙක්කතා අසන්නන් වෙනුවෙන් මගේ අතින් නිර්මාණය වුන techkathaOffliner එක ගැනත් ඔයාල දන්නවනේ. එහි ප්‍රගතිය අනුව කියන්න පුලුවන් ටෙක්කතා අසන්නන් ටෙක්කතා බොහොම සතුටෙන් වැලදගෙන තියෙන බව. techkatha Offliner එකේ දැනට තියෙන එකම අඩුපාඩුව තමා වැඩසටහන් 59ක ඩේට විතරයි ඩේට බේස් එකේ තියෙන්නෙ. ටෙක්කතා 100 වෙනුවෙන් ලොකු ලොකු වැඩ කොටසක් සිදුවන මේ වෙලාවෙ මට හිතුන මගෙන් සිදුවිය යුතු යුතුකමකුත් ඔයාල වෙනුවෙන් ඉෂ්ඨ කරන්න.
ඒ අනුව ලබන මාසෙ කැම්පස් එකේ Exam කටඋඩ තියාගෙන මම ඉතීරි වැඩසටහන් 60ක ඩේට ඩේටබේස් එකට එකතු කලා. වැඩසටහන් 21-46 දක්වා ටෙක්කතා වෙබ් එකේවත් ටයිමින් ඩේට නැති නිසා ඒ වෙනුවෙන් තාමා කාලය වැය කරන්න වුනේ. සමහරක් වැඩසටහන් වල ටයිමින් හදල දාන්න උනන්දු වුන අයත් ඉන්නව. ඒක මටත් උදව්වක් වුනා. ඒ අයටත් බොහොම ස්තුතියි.

ඉතින් යන්තම් ඩේටබේස් එක දැන් කම්ප්ලීට්, ඒ ගැන සතුටුයි. ටෙක්කතා ඩවුන්ලෝඩ් කරගෙන තියෙන ඔයාලට පුලුවන් මේ ඩේට සහිත Update එක අරගෙන Update කරගන්න. අලුතෙන් ඩවුන්ලෝඩ් කරන කට්ටිය App එක සහ Update එකයි දෙක Download කරගන්න.මුලින්ම ඩවුන්ලෝඩ් කරපු කට්ටිය මම හිතන්නෙ තාමත් ඇත්තෙ techkathaOffliner 1.0 - Beta Virsion එකේ (Look Title Bar), ඒකටනම් මේ Update එක වැඩකරන්නෙ නෑ.

ඒ හින්ද techkathaOffliner 1.0 - Portable / Full Virsion වලින් එකක් ඩවුන්ලෝඩ් කරගන්න. 6mb තමයි වැයවෙන්නෙ.

මේකට මම කාපු කට්ට අනුව හිතෙනව ටෙක්කතා අයියල ටෙක්කත වැඩසටහන 100 දක්වා ගේන්න කොච්චරනම් කට්ටක් කන්න ඇත්දකියල. ඉතින් මේ වගේ සුවිසාල දැනුමක් ගෙනදෙනවට ඒ කාටත් ගොඩක් පිං.ඇත්තටම් කියනවනම් මේ ඩේටබේස් එක හදන වැඩේ හින්ද මම ටෙක්කතා වැඩසටහන් 99 න් ගොඩක් ඒව දෙපාර්ක් වත් අහල තියෙනව. දෙවැනි සැරේටත් වැඩසටහන් අහද්දි එක සැරයක් අහල තිබිලත් මට සමහර මාතෘකා වලදී හිතුන මේවත් කතා කරල තියෙනව නේද කියල. ඒ තරමට ලොකු පරාසයක් තියෙනව ටෙක්කතා වැඩසටහන් තුල තියෙනව නේද..

Update Here


"Web" Folder එකේ තියෙන වෙබ්පේජ් ටික techkatha Offliner  එක අඩංගු ෆෝල්ඩර් එකේ තිබෙන "Web" Folder එකට Copy කරගන්න. Update කරන ආකාරය විස්තර මුල් ලිපියෙ තියෙනව. Update Click කරල File එක තෝරල Open කරන්න විතරයි තියෙන්නෙ.

ඉතින මේ ලෙසම මට "ටෙක්කතා 200 වෙනුවෙන් මගෙන්" කියන ලිපියක් ලියන්න ලැබේවා පතමින් ඒ සඳහා ටෙක්කතා කරන අයියලාට සුබ පත්මි.

"ටෙක්කතා 100 වෙනුවෙන් මගෙන්" ලිපියට ඔයාලට දැනෙන දේවල් ලියල යන්වනම් මම කැමතියි.
Read More

Sunday, October 9, 2011

// // 7 comments

ෆෝන් හදන්න පුලුවන්ද?



J105 ෆෝන් එක තමයි මගේ පලවෙනිම ෆෝන් එක. මේ අවුරුද්දෙ ජනවාරිවල තමා ගත්තෙ. ඊට කලින් ෆෝන් එකක් ගන්න උවමනාව තිබ්බත් මට ඕනකම තිබ්බෙ සොෆ්ට්වෙයා රන් කරන්න පුලුවන් ෆෝන් එකක් ගන්න. ඒ හින්ද J105 ෆෝන් එකක් තමයි ගන්න හිටියෙ . ඒකෙ 3G තිබ්බ එක තමයි ඔකොටම මුල. ඒ වෙනකොට තිබ්බ ඩොන්ගලයක් ගන්න උවමනාවත් තව රු2,000 කින් ශේප් වෙන හින්ද රු11,500ට J105 එකක්ම ගන්න ඕන කියල හිතුන. හැබැයි ඉතින් වොරන්ටි නම් නෑ. මහපොල ලැබෙනකම් හිටිය ඒක ගන්න.ගත්තට පස්සෙදි ඉතින් නෙට් එකෙන් හොයාගන්න පුලුවන් ඔක්කොම ජාව සොෆ්ට්වෙයා රන් කරල් බැලුව. නිතරම නෙට් හිටිය. ඊටපස්සෙ ලොකු අහිතකර ආශාවක් ඇති වුනා. ඒ තමා පරිගනකයෙන් 3G හරහා කොන්ට්‍රෝල් කරන්න පුලුවන් රොබෝ සිස්ටම් වගේ එකක් හදාගන්න එක.

ඒ සඳහා නෙට් එකෙන් ගන්න පුලුවන් උදවු පවා හොයල  බැලුව. ප්‍රථම අධියර ලෙස ෆෝන් එක ගලවල බලන්න තමයි ට්‍රයි කලේ. ඉතින් ෆෝන් එක මස් කලා. ෂිට් මෙන්න ෆෝන් එක On වෙන්නෙ නෑ. මලා, හින් දාඩියත් දැම්ම. අයීත් ගලවල සවිකරා. යන්තම් ඇති, On උනා. ඒත් වැඩි දවසක් ගියේ නෑ ෆෝන් එක ඉදල හිටල ස්ට්‍රක් වෙන්න ගත්ත. තව ටික දවසක් ගියා කොහෙත්ත්ම ඕන් වුනේ නෑ. මොනව කරන්නද ෆෝන් එක හදාගන්න ගත්තු තැනටම දුන්න. මාතර කඩේකින් තමා ගත්තෙ. ඒත් උන් කියනව හදන්න් බෑ කියල. ෆෝන් එක අරගෙන මාස දෙකයි පාවිචි කලේ. යාලුවෙක්ගෙ අතේ කොළඹ ෆෝන් හදන තැනකටත් යැවුව. ඒ අයගෙත් තීරනය හදන්න බෑ කියන එක තමා. මොනව කරන්නද ඒ ගෑන දුකෙන් මාසයක් විතර ගතකලා.  දුක තියෙන්නෙ තවත් අවුරුදු තුනකට ඒ කියන්නෙ කැම්පස් එකෙන් අවුට් වෙනකම් සොෆ්ට්වෙයා වැඩකරන ෆෝන් එකක් හීනයක් තමයි.

ඉතින් බ්ලොග් අවකාශයේ යාළුවනේ ඔයාල අතරෙ ඉන්නවද හොඳට ෆෝන් හදන්න පුලුවන් කෙනෙක්, නෑත්නම් හොඳ ෆෝන් වැඩකාරයො ඉන්න ෆෝන් හදන තැනක්. උදවුවක් කරන්න පුලුවන්ද? (namalyaya@gmail.com)
Thanks.
Read More

Wednesday, October 5, 2011

// // 2 comments

Open-University (e-Books)

Open University එකේ Bsc /Bcs හදාරන කට්ටිය ඉන්නවදෝ.... ඔයාලට ඒ ඒ සබ්ජෙක්ට් වලට English Books වලට අමතරව සිංහල භාෂාවෙනුත් අදාල පොත් පත් ලැබෙනවනේද. ඔයාලට පුලුවන්ද මටත් ඒ Books වල pdf File (e-Books) (Cs/Physics/Chemistry/Bio/Maths) මේල් කරන්න. නැතිනම් ඒ Books Download කරගන්න පුලුවන් ලින්ක් එකක් සහ ක්‍රමයවත් මේල් කරන්න හෝ කමෙන්ටුවකින් දන්වන්න.
උදව් කරන ඔයාලට බොහොම ස්තුතියි.

namalyaya@ජීමේල්.කොම්
Read More

Saturday, October 1, 2011

// // 2 comments

සර්චින් ඇල්ගොරිදමය - VB 6.0

techkatha Offliner එක හදදි මම බලාපොරොතු වුන දෙයක් තමා එය හදද්දි බාවිතා කල රිසෝසස් සහ අත්දැකීම් කවුරුත් එක්ක බෙදා ගන්න. ඉතින් එහි පලමු පියවර ලෙස ඩේටබේස් සර්ච් එන්ජින් එක ඔයාලට දෙන්නයි මේ හදන්නෙ. මම මේ සර්චින් ඇල්ගොරිදමය හොයාගන්න ඩේටබේස් ප්‍රොජෙක්ට් 50ට කිටු ගානක් ඩවුන්ලෝඩ් කරගෙන ට්‍රයි කලා හොද රිසාල්ට් එකක් ගන්න. බොහෝ දුරට 50ටත් වැඩි ගානක් මම හිතන්නෙ. සමහර ප්‍රොජෙක්ට් වැඩ කලෙත් නෑ. මේ කෝඩ් එක VB6 වලට තමයි තියෙන්නෙ. මම හිතන්නෙ ටිකක් අධ්‍යනය කරල ඔයාලට පුලුවන් වෙයි VB .Net වලටත් යොදාගන්න. මෙය යොදාගෑනීමෙදී යෝග්‍ය විදියට බාවිතා කිරීම ඔයාලට බාරයි.


Read More

Saturday, September 24, 2011

// // Leave a Comment

ටෙක්කතා අසන්නන්ගේ උපකාර

Tehkaha Desktop කියන්නෙ අපේ සහෝදරයකුගෙ අතින් නිර්මාණය වුන ඔයාල කාටත් වැදගත් වෙන අපූරු නිර්මාණයක්. ඒ සඳහා අයිඩියා එක ලැබුනෙ මම නිර්මාණය කරපු techkatha Offlner එක කියල දැනගන්න ලැබීමත් බොහොම සතුටුයි. ඉතින් මේක නෙවෙයි අද මාතෘකාව.



අද මම Tehkaha Episode 97 බාගන්න කියල Tehkaha සයිට් එකට ගියාම දැක්ක සයිට් එකේ අලුත් වෙනසක්. ඒකනම් ඔයාලත් දකින්න ඇති "ටෙක්කතා අසන්නන්ගේ උපකාර" මේ යටතේ තිබ්බෙ මම ඔය සඳහන් කරල තිබ්බ සොෆ්ට්වෙයා දෙකට සැබැදුම් තමයි. ඉතින් මේ මගින් අපගේ නිර්මාණ සමාජයට ගෙනියන්න මහගු අත්වැලක් වෙනව.

මම නිතරම ආස කරන්නෙ මම කරපු නිර්මාණයකින් සමාජය ප්‍රතිඵල ගන්නව දැකීමයි. ඒ හින්ද මම මේ ලිපිය ලියන්නෙ techkatha Offlner හදපු වෙලාවෙ Techkatha කරන අයියලා මට ස්තුති කලාට සහ ඉහත කිව්ව විදියට අපගේ නිමාණ වලට ඉඩක් වෙන් කිරීමත් වෙනුවෙන් ටෙක්කතා කරන සියළුම අයියලාට ස්තුති කරන්නයි.
Read More

Wednesday, September 21, 2011

// // 2 comments

university යන්නටත් පෙර යුනිවර්සිටියකදී ගුටිකෑවා.

ලැජ්ජයි ලැජ්ජයි කියන්න නම්, ඒත් ඉතින් කට්ටියට කැම්පස් සංස්කෘතිය පිළිබඳ ගන්න දේවල් ටිකක් මෙහි තියෙයි. ඒ හින්දම කියනව.

බ්ලොග් අවකාශයේ ඔයාල දන්නවනේ මම නවනිපැයුම් කරුවෙක් බව. ඉතින් පොඩිකාලේ ඉදල තියෙන ඒ උන හොඳ කරගන්න මොනවහරි හදාගෙන කම්පෙටිශන් වලට යන එක තමා රාජකාරිය. 2009 උ\පෙ කරල ඉන්න ගමන් හිතුන උ\පෙ හින්ද නවත්වල දාපු වැඩකිඩ ආයිත් පටන්ගන්න ඕන කියල.
මේ සිද්දිය උනේ මොරටුව කැම්පස් එකේදි. ඒ පත්තරේක තිබුන ඉනෝමෙච් 2009 කම්පෙටිශන් එක පවත්වනව කියල. මේ තරඟාවලිය සංවිදානය කරල තිබුණෙ මත්ක විදියට. යාන්ත්‍රික විද්‍යාපීඨයෙන්. පාසල් අංශයෙන් සහබාගි වෙන්න පුලුවන් අවසාන අවස්තාවත් ප්‍රයෝජනයට ගත්ත. කලබලේම හදාගත්තු ගැජමැටික් එකකූත් අරගෙන ගියා මොරටු. ඔයාල දන්නවනේ මම තංගල්ලේ ප්‍රදේශයෙ බව, නමුත් සුපුරුදු තැනක් නිසා තනියම තමයි ගියෙ. නැන්ද කෙනෙක්ගෙ ගෙදර තමා මම නවතින්නෙ.



ඔන්න ඉතින් දවස් දෙකක් තිබුණ එක්සිබිශන් එක අවසානෙ තමා කම්පෙටිශන් එක තියෙන්න තිබ්බේ.
එක්සිබිෂන් එක අවසන් වෙනකොට රාත්‍රී 8.00 විතර වෙනව. ඔන්න ඉතින් පාසල් ඇදුමින් සැරසිලා උදෙන්ම මොරටු ගිය කොල්ල හෙම්බත් වෙලා 8.30ට විතර බඩුටික පැක්කරල දාල පොර වගේ එක්සිබිෂන් එක බලල නිවෙස් බලා යන ජනතාව පීරගෙන ගේට්ටුව අසලට එනව. ඔන්න එනකොට කොල්ලො දෙන්නෙක් එනව මම ඉදිරයට, ඇවිත් කියනව මචන් ජොයින්ට් එකක් ගහන්න රු 50ක් දීපන්කො කියල. (අම්මට උඩු මේ මොකුන්ද?). මමත් ඉතින් ශේප් වෙන්න බලාගෙන උඩ සාක්කුවට ඇහැ දාල බැලුව කීයක් හරි තියේනම් දෙන්න. "නෑ සතයක්වත් නෑ" මම කිවුව. බොරු කියන්න එපා ගනින් බලන්න පර්ස් එක.
හරි හරි උන් කියන්න ඕනද ඒක මමත් දන්නව. ඒත් පර්ස් එක ඇද්දම ඒක අරන් දිවුවොත් මොනව කරන්නද. "මචන් බස් එකේ යන්න විතරයි තියෙන්නේ" මම කිවුව. දැන් මුන් දෙන්න කුණුහරුපත් කියනව මම බය කරන්න. මේ වෙන දේවල් බල බල මිනිස්සුත් සෑහෙන්න පිරිසක් ගානක් වත් නැතිව යනව. අපේ පැතිවලනම් එහෙම දෙයක් වෙනකොට ඒ දේ වලක් වන්න මිනිසුන් ඉදිරිපත් වෙනව. මොනව කරන්නද මේ කොළඹ නේ. මම තනිය ප්‍රශ්නෙට මුහුන් දෙනව. මේ වනකොට කැම්පස් වලින් අත්විදින්න පුලුවන් සොදුරු දේවල් විතරයි අහල තිබ්බෙ,

ඒ වගෙම මමත් නාහෙට අහනෙ නැති එකා නිසා මුන් දෙන්නගෙ තර්ජනය මැඩලන්න කියන්න පුලුවන් ඔක්කොම කියල "පුලුවන් දෙයක් කරපන් කියල" බස් හෝල්ට් ඒට ආව. එතනත් සෙනග අඩුවක් නෑ. වැඩිවෙලාවක් ගියේ නෑ එතනට දුවන් ආපු පොරක් අත මිටි කරල මූණට ගැහුව පාරක් නිසා මම විසිවෙලා ගිහින් ඇදගෙන වැටුන. ඒත් එක්කම ආපු කේන්තියෙන් නැගිටල බලන්නකොට ඌ එතන නෑ.( වෙලාවට ඌ එතන හිටියෙ නෑත්තෙ. මොකද නැත්නම් මට එන්න වෙන්නෙ අතපය එල්ලගෙන තමා). කොහොම හරි මම සංවිදායල්ක මඩුල්ලෙ අයිය කෙනෙක්ට කීවම ඌ කියනව "මචන් අනිත් පීඨවලින් මේ වගේ දේවල් කරනකොට වලියක් දාගන්න මොනව හරි කරනව" කියල

කොහොමින් කොහොම හරි බස් එකකට නෑගගෙන බම්බල පිටියට එන්න පිටත් උනා. එතකොට 9.30 විතර වෙලා. බස් එකේදී මේ දේවල් ගෑන හිත හිත එනකොට මම තනිවීම ගැන සහ ඇතිවුන කල කිරීම නිසා දන්නෙම නෑතුව ඇඬුන. පොඩ්ඩක් නේවෙයි හොඳටම ඇඬුන. අනිත් මඟීන්ට පේනවට ඔලුව බිමට හරවගෙනගලාගෙන ගලාගෙන ගිය කදුලුවලට නිදහස් වෙන්න ඉඩ හැරිය. බම්බල පිටියට එනකොට මගේ මූණ රතුවෙලා. දැන්ම නැන්දලගෙ ගෙදර යන්න බෑ වගේ. මූන ටිකක් හොදගෙන පිළිවෙලකට යන්න ඕන කියල හිතාගෙන ගියා තිඹිරිගස්යායට. බුදු අම්මෝ එක එක ජාතියෙ අක්කල එක එක විදියට මාව කන්න වගේ පේමන්ට් එක දිගේ බලාගෙන ඉන්නව. ඉක්මනට හොටලයකට ඇතුල් උනා. යොකෝ පාර හොඳයි වගේ. වෙලාවට පාසල් ඇදුමෙන් හිටියෙ. තව මොන් මොන මරාල ඇගට එයිද දන්නෙත් නෑනේ. ඒ හින්ද ආපු වැඩේ අතැරල දාල ආව.

පසු කාළෙකදි මම මොරටුව කැම්පස් ආපු මගේ යාලුවෙකුට මේ සිද්දිය කීව. ඌ මට කිව්වෙ සල්ලි ඉල්ලපු වෙලාවෙම සල්ලි නේද කියල අත් දිග ඇරල පාරක් ගැහුවනම් ආයි හොයාගන්නවත් නෑ කියල. ඒකනම් ඇත්ත මමත් දැන් කැම්පස් හින්ද දන්නව ඇතුලෙ ක්‍රමේ. කැම්පස් සෙලෙක්ට් වුනාට පස්සේනම් නාහෙට අහන්නැති වැඩකරල ඕනතරම් අයියලාගෙන් ගුටිකාල තියෙනව. දැන්නම් ඒ දේවලට ඇඬුවත් ඇඬෙන්නෙ නැති තරමට පුරුදු වෙලා. මට ඔයාලට කියන්න තියෙන්නෙ ගනුදෙනු කරන සමාජ ක්‍රමය පිළිබඳ නිතරම ටච් එකේ ඉන්න කියල.

Read More

Sunday, August 28, 2011

// // Leave a Comment

VMware Portable App වල Splash Screen එක ඉවත් කරන ඕනිද?

ලිපියක් දාන්න හිතුන හැබැයි විශේෂ අවස්තාවක. හොස්ටල් එකේදි බල්ටියක් ගහල නිකට පලාගෙන, හක්කෙ දතක් කුඩුකරගෙන, මැහුම් පහක් සහ මෙඩිකල් එකක් දාගෙන ගෙදරට වෙලා ඉන්න ගමන්. 
Techkatha-1.0-Portble එක රිලීස් කරල University එකට ගියා විතරයි මතක.

හොඳයි දැන් වැඩේට බහිමුකෝ. Portable Software හදන්න ආස අය VMware ThinApp Use කරගෙන Portable Software හදල ඇති නේ. එහෙම හදපු Sotware එක ලෝඩ් වෙද්දි මේ වගේ වින්ඩෝ එකක් SystemTray එක ලඟ එනව දැකල ඇති නේ.





මම අද කියන්න යන්නෙ කොහොමද මේ වින්ඩෝ එක අයින් කරගන්නෙ කියල.
මම මේ දේ කලේ VMware ThinApp Enterprise 4.6.1-361923 Version එකට. Virsion 3 වලට ඉදලම මේ දේ කරන්න පුලුවන් මම හිත්න්නෙ.

මෙහෙමයි කරන්නෙ.



1. Go into Folder Options, enable 'hidden files'.


2. “C:\Users\%Username%\AppData\Roaming\Thinstall” Folder එක හොයගෙන Minimize කරල තියාගන්න.


3. Start > All Program > VMware > Start 'ThinApp Log Monitor' > Click 'Browse' > Navigate to 'C:\Programs files\VMWare\VMWare ThinApp'.


4. In 'File Name' enter *.*, and press Enter. Lots of files should appear. Right-click on 'tlink.exe' and select 'Properties' tab.


5. Minimize කරපු 'Thinstall' folder එක  Maximize කරගන්න and you will now see 'ThinstallBuilder' folder. Navigate to 'ThinstallBuilder\%ProgramFilesDir%\VMware\VMware ThinApp' and find 'tlink.exe'.


6. දැන් Resource Hacker එකක් කරන්න තියෙනව. නමුත් මම ඒක කරල 'tlink.exe' File එකක් හැදුව. ඒක මම ඔයාලට දෙන්නම්. අවශ්‍ය නම් ඔරෙජිනල් ෆයිල් එකේ Copy එකක් අරගෙන මම දීපු ෆයිල් එක එතනට Replace කරන්න. 

Download ‘tlink.exe’

වැඩේ ගොඩ. ලස්සන පෝටබල් හදල අපටත් දෙන්නකෝ.
If You Comment in hear, Tank’s Very much.

Read More

Sunday, August 21, 2011

// // 5 comments

techkathaOffliner 1.0 – Portable





             ඔන්න යාළුවනේ සුබ ආරන්චියක් අරගෙන තමයි ආවෙ. ඔයාල දන්නවෙන techkathaOffliner වැඩසටහන ගැන, අද මම ආවෙ එහි පොර්ටබල් වැඩසටහන අරගෙන. විතරක් නෙවෙයි එහි අලුත් Fetchers රාශියක්ම Add කරල තියෙනව. ඒ වගේම කලින් වැඩසටහනේ තිබ්බ ගොඩක් Errors එහෙමත් හදල තියෙනව.

කලින් වැඩසටහනට යොදාගත්තු යුනිකෝඩ් කොන්ට්‍රෝල එක ඩිමෝ වැඩසටහනක්. ඉක්මනට සෙටප් එක දෙන්න ඕන හින්ද techkathaOffliner එක Run කරන්න වුනේ පසුගිය දිනයක් ලෙස. ඒත් සමහර PC වල වර්තමාන දිනය හරියාකාරව සැකසුනේ නෑ. එහෙම පරන දිනයක් PC එකේ තියනකොට සමහර වෙබ් පේජ් ලෝඩ් වෙන්නෙ නෑ කියල දන්නවනේ. Portable වැඩසටහන පසුගිය දිනයක් ලෙස Run වෙන්නෙ නෑ. ඒ හින්ද ඒ ගැටලුවත් විසදිලා. කලින් ලිපියෙන් දීපූ සෙටප් ෆයිල් එක Beta Virsion එකේ සිට Full Virsion එකට මාරු කලා. කැමතිනම් එතනින් techkathaOffliner-1.0 Setup File එක Download කරගන්න පුලුවන්.

මම පෝර්ටබල් එක තමයි ඔයාලට මුලින්ම දෙන්න කියල හිතාගෙන හිටියෙ. ඒත් පොඩි පොඩි ප්‍රශ්න කීපයක් තිබ්බ (අම්මෝ, වින්ඩෝස් 7 වලටත් වැඩකරන විදියට පෝටබල් එක හදන්න ගිහින් ඔක්කොම එපාවුනා වගේ, ඉදිරියෙදි ඒ අත්දැකීමුත් බෙදාගන්න එකතුවන්න). ටික විසද විසද ඉන්නකොට University එකේ ලෙක්චර්ස්ලගෙ වැඩවර්ජනය ඉවරවෙලා University පටන්ගන්නව කියල ආරන්චිය ආව. ඊටපසෙදි ඉතින් වැඩ ගොඩගැහෙනවනේ. අස්සෙ techkathaOffline ඔයාලට දෙන්න පරක්කු වෙයි කියල හිතල Setup File එක දුන්නෙ. නමුත් පෝටබල් වැඩසටහනටන් වලටනම් කවුරුත් කැමති ඇති. මමත් එහෙමම තමයි. Install කර කර ඉන්න නම් අකමැතියි. මේ වැඩසටහ ඩවුන්ලෝඩ් කරගත්තම ඔයාලට හැමදාම ඩවුන්ලෝඩ් කරගත්ත Techkatha Episode සමගම තියාගන්න පුලුවන්නෙ. ඕන වෙලාවක Use කරන්න පුලුවන්.

මෙම පෝටබල් වැඩසටහන දෙන්න සෑහෙන්න කල් යයි කියලයි හිතුවෙ. නමුත් කමෙන්ට් කරපු අය මාව දිරිමත් කරන්න දීපු ප්‍රතිචාරවලින් මට හිතුන ඉක්මනින්ම පෝටබල් එකත් දෙන්න ඕනෙ කියල. ඒ සඳහා මට ලැබෙන සෑම විවේකයක්ම යෙදෙව්ව කීවොත් නිවැරදියි.



මෙන්න අලුත් Fetchers ටික.

  • කීබෝඩ් එකේ N” Press කිරීමෙන් Next Record එක Play කරන්න පුලුවන්.
  • B” Press කිරීමෙන් පෙර Record එක Play කරන්න පුලුවන්.
  • P” Press කිරීමෙන් Play/ Pause කරන්න පුලුවන්.
  • Up / Down Arrow Key මගින් ලිස්ට් එක තුල උඩට / පහලට යන්න පුලුවන්.
  • Space Bar එක මගින් list එකේ Record Select/ Deselect කරන්න පුලුවන්.
  • Ctrl + Enter මගින් එම Record එකට අදාල Web Page එක බලන්න පුලුවන් (එහි ඇති කමෙන්ට් කියවීමට).
  • Shift + Enter මගින් “Play Selected” Command එක දෙන්න පුලවන්.
  • Left/Right Arrow Key මගින් Play Record වන එකේ ඉදිරියට ගමන් කරන්න පුලුවන්.(මෙවිට Mouse Pointer එක ඇත්තේ ලිස්ට් එක මතනම් 5 Second වලින් ඉදිරියට ගමන් කරන අතර Mouse Pointer එක ඇත්තේ ලිස්ට් එක මත නොවේ නම් 1 Second වලින් ඉදිරියට කරයි ). මවුස් ස්ක්‍රෝල් එකත් ඒ සඳහා යොදාගන්න පුලුවන්.
  • Play Selected විදානය දුන් පසුද Select කරන ලද Record බැලීම සඳහා Scroll කිරීමට “< / >” Button දෙකක් ඇත.
  • ටෙක්කතා වල කතාකරන ලද මාතෘකා වලින් තමන් කැමතිම Item ටික Favorite ලෙස Add කරගන්නට පුලුවන්. ඒ සඳහා ඔබට අවශ්‍ය Records ටික සෙලෙක්ට් කර ලිස්ට් එක මත Right Click කිරීමන් ලැබෙන Add Selected to Favorite විදානය මත ක්ලික් කරන්න. එසේ Favorite වලට ඇඩ් කරන ලද Records බැලීම සඳහා techkathaOffliner Icon එක මත ක්ලික් කරන්න. එම ලිස්ට් එකෙන් ඔබට අනවශ්‍ය එකක් Delete කිරීම සඳහා ඒවා Select කර ලිස්ට් එක මත Right Click කිරීමන් ලැබෙන විදානය මත ක්ලික් කරන්න.

කොහොමද ස්තාපනය කරගන්නෙ.


මුලින් techkathaOffliner-Portable.rar ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්. ඔබට අවශ්‍ය තැනක කැමති නමකින් ෆෝල්ඩරයක් සකසා ඩවුන්ලෝඩ් කරගත්තු techkathaOffliner-Portable.rar ෆයිල් එක එයට කොපි කරගන්න. පසුව එය මත රයිට් ක්ලික් කර Extract Hear කරන්න. 






            ඉන්පසුව ඔබ ඩවුන්ලෝඩ් කරගත්තු සියළු ටෙක්කතා එපිසොඩ් ටික එහි “Episode” Folder එකට කොපි කරගන්න. කලින් ලිපියේ සඳහන් විදියටම එපිසොඩ් ටික නාමකරනය කරගන්න.





ඔයාල ram Format එකන් එපිසොඩ් ඩවුන්ලෝඩ් කරල තිබේනම් ඒවා Play වීම සඳහා PC එකේ Player එකක්ද Install කර තිබිය යුතුය. එසේ නැතිනම් techkathaOffliner මගින් එම Episode Play නොකරයි. ram File Support  කරන Player එකක් Install කරල නැතිනම් RealAlternativ Player එක ඩවුන්ලෝඩ් කරගන්න.

දැන් Run කරන්න සියල්ල සූදානම්.


මේ සමගම කියන්න ඕනෙ මම හදපු ඩේටබේස් එක ඕනකෙනෙක්ට ඕන වැඩසටහනකට යොදාගන්න පුලුවන්. එය rar ෆයිල් එක තුල අඩංගු වෙනව.




මම වැඩසටහන අත්හදාබැලුවෙ Windows 7 / Windows Xp Virtual PC එකක. ඒ හින්ද සාර්ථක/ අසාර්ථක බව කියන්න පුලුවන්නම් බොහොම ස්තුතියි.

ඉතින් මේ වගේම ඔයාලට ගොඩක් වැදගත් වෙනස්ම Software දෙකකින් ඔයාල හමුවෙන්න බලාපොරොත්තු වෙනව. ඔයාලගෙ කමෙන්ට් මෙම වැඩසටහන් දියුණු කරන්න වැදගත් වෙනව. අමතක නොකර හොඳ/වැරදි/චෝදනා/නව අදහස් මොනව හරි Comment කරල යන්න පුලුවන් නම් බොහොම ස්තුතියි (Comment සිස්ටම් එක ගැනදන්නෙ නැත්ද).

On Facebook NamalYaya.
Thanks...

Read More

Wednesday, August 17, 2011

// // Leave a Comment

ටෙක්කතා; වැදගත්ම ලිපියට පසුව.

ඔන්න ඉතින් techkathaOffliner රිලීස් කරල සති තුනකට විතර පසුව තමයි මේ පෝස්ට් එක දාන්න ටයිම් හොයාගත්තෙ. ඉතින් ඔන්න මම මේ ලිපියෙන් බලාපොරොත්තුවන්නෙ කෙටියෙන් ටෙක්කතාඕෆ්ලයිනර් රිවීව් ටිකක් ගෙන එන්න. මුලින්ම කියන්න ඕන කවුරුත් දන්නවනේ techkathaOffliner ගැන techkatha 90 වෙනි වැඩසටහනේ කතා කලා. ඊට පසුව techkatha 91 වැඩසටහනට මටත් සහබාගි වෙන්න ලැබුන. නමුත් මයික් එකේ දෝශයක් හින්ද ඔයාලට ඒ කතාකල දේවල් පැහැදිලිද මන්ද. බොහොම ස්තුතියි ඒ වෙනුවෙන් කාලිංග අයියා ප්‍රමුක අයියල සෙට් එකට.

මෙන්න රිවීව් ටික (මුල් සති තුනක කාලය සඳහා.)




ලොව වටා ඩවුන්ලොඩ් කරගැනීම්.















techkathaOffliner ලිපිය කියවන්න ආපු පිරිස  (මුල් සති තුනක කාලය සඳහා.) = 761


                                      2011.07.23                      2011.08.13
Followers                               6                                     17
Facebook like                        1                                     32
Page view                           2075                                3785

මෙම කාලය තුල කමෙන්ට් 31ක් ලැබී තියෙනව. කමෙන්ට් සිස්ටම් එක වෙනස් වෙච්චි නිසා කමෙට් කිරීමට කම්මැලි වුන අයත් ඉන්නව. මේ කමෙන්ට් සිස්ටම් එක දැම්මෙ ඔයාලගෙ පහසුව බලලම තමයි. මොකද යම් යම් ගැටලු මතුවුවහොත් එම ගැටලු වලට විසදුම කමෙන්ට් එකක් දැම්ම අයට නිරතුරුව දැනගන්න ලැබෙන නිසා. මෙම් කමෙන්ට් සිස්ටම් එක ගැන දීප්'ස් අක්කිත් හොද ලිපියක් දාල තිබ්බ.

එක් අවස්තාවකදි මේ හරහා කමෙන්ට් කරාම වෙනත් සයිට් එකක ඇති මේ කමෙන්ට් සිස්ටම් එකකට වුනත් පහසුවෙන් කමෙන්ට් කරන්න පුලුවන්.

කොහොම වුනත් කමෙන්ට් කරපු අයට බොහොම ස්තුතියි. ඒ අය මාව දිරිමත් කෙරෙව්ව ඔයාලට තවත් වැදගත් දේවල් ගෙන ඒමට. ඉතින් ඒ අයට ස්තුති වෙන්න මම techkathaOffliner Portable වැඩසටහන ඉක්මන් කරන්න තීරනය කරල ලැබෙන හැම විවේකයක්ම ඒ වෙනුවෙන් යෙදෙව්ව. ඉතින් ඇතිවුන ගැටලු ඉක්මනින් විසදගන්න පොට පෑදුනා කීවොත් නිවැරදියි. ඉතින් මම ඊලගට එන්නෙ ඔයාලට එම ප්‍රතිඵලය අරගෙන තමයි. ඒ වැඩසටහනේ තව ගොඩක් ෆීචර්ස් ඇඩ් කලා. තිබුන Errors සැකසුව.

ඒකෙන් පසුවත් ඔයාලට සෑහෙන්න වැදගත් සොෆ්ට්වෙයා 2ක් විතර දෙන්න හිතාගෙන ඉන්නව. මේකෙන් පසුව ඒ ප්‍රොජෙක්ට්ස් පටන්ගන්න කියල තමයි හිතාගෙන ඉන්නෙ. එහෙනම් බොහොම ස්තුතියි මාත් එක්ක රැදිල උන්නට.
ඉදිරියෙදි හමුවෙමු.
Read More