Thursday, January 9, 2014

// // 92 comments

Free Download the Engrisi Dictionary 2014 – ICTA and SLIC Awarded as Best English Learning Software

Engrisi Dictionary යනු English Document කියවීමේදී පහසුම ක්‍රම සපයන සහ English ඉගෙන ගන්න උනන්දුවක් ඇති අයට English Learning Method රාශියක් සපයන, නව අත්හදා බැලීම් ඔස්සේ විශ්මිත පහසුකම් එකතු කරමින් ඉදිරියට ගමන් කරන ක්‍රමවත් අධ්‍යාපනික මෘදුකාංගයකි. ඒ බව සනාත කරමින් 2013 වසරේදී ICTA e-Swabhimani සම්මානයෙන් හා SLIC Dasis සම්මානයෙන්ද පිඳුම් ලබා ඇත.



Features of the Engrisi Dictionary
පහත සඳහන් Features බාවිතා කරන ආකාරය පිළිබඳව වැඩි විස්තර Engrisi Dictionary යෙහි Main Menu වේ ඇති Help (view --> help) ඔස්සේ බලාගත හැක.


1) Subtitle Translator for KMPlayer
මෙම ටූල් එක English ඉගෙන ගන්න උවමනාව තියෙන අයට වැදගත්ම ටූල් එකකි. English බාවිතය මගින් English ප්‍රගුණ කරන්න ඔබට මෙය පහසුකම් සලසාවි!

New :- සියළුම Subtitle Open කිරීමේ හැකියාව දැන් ඇත.

New :- Subtitle Translator එක භාවිතා කරන අවස්තාවක් ගැන හිතන්න. ඔයලට යම් අවස්තාවක වචනවල තේරුම් දැන ගන්න ඕන වුනොත් Space Bar එක Press කරනව. ඒ මොහොතට KMPlayer එකහි පෙන්නුම් කරන Subtitle ට්ක වෙනස් වනව. දැන් ඔයාලට තේරුම ගේන්නෙ ඔයා අපේක්ෂා කල වක්‍යයේ වචනවල තේරුම් නෙවී. ඔන්න ඔය ගැටලුවට විසදුමක් 2014 Version එකෙන් ඔයාලට ලැබෙනව Subtitle Navigation කියල.

2) Top 10 Words of The Day
New :- English භාෂා පර්යේෂක වරුන්ගේ සොයාගැනීම අනුව English හොඳින් ඉගෙන ගැනීමට වචන 4,000ක් ප්‍රමාණවත්. මෙම Tool එක මගින් ඔබට එම වචන වලින් වචන 10ක් දවසකට ගෙන දේවි. අනිවාර්යයෙන් ඒවා පාඩම් කරගන්න.

3) Web Browser & PDF Readers Support
New :- Chrome, Firefox, Adobe PDF Reader වැනි මෘදුකාංග වලින් විවෘත කරගත් File එකක ඇති වචනයක් මත Double Click කල සැනින් එහි තේරුම ගෙන හැර දැක්වීමට En Dictionary වලට දැන් පුලුවන්.

4) Singlish Keyboard for Windows
New :- Windows මතදී බාවිතා කරන ඕනෑම මෘදුකංගයක් මත සිංහලෙන් Type කිරීමට පහසුම ක්‍රමයක් ලබාදේ. Facebook වැනි වෙබ් අඩවි මත සිංහලෙන් Comment කිරීමට පසුවෙන් බාවිතා කල හැක.

5) History & Favorite
New :- History මගින් දිනය තුළ කලින් Search කල වචන නැවත බලා ගැනීමට පුලුවන්. Bookmark මගින් ඔබට අමතක වේ යැයි හැගෙන වචනයක් හෝ වාක්‍යයක් Save කර තබා ගැනීමට හා අවශ්‍ය විට View කිරීමටත් පුලුවන්.

6) Easy Search in Web
New :- දැනගැනීමට අවශ්‍ය වචනයේ තේරුම හෝ වැඩිදුර විස්තර Google, Wikipedia වැනි Site වලින් One Click එකකින් දැන ගැනීමට පහසුකම ඇත.

7) Various Searching Options
New :- විවිධාකාරයේ Searching සඳහා Searching Option කීපයක් හදුන්වා දී ඇත.

8) Auto Search
වචනයක් හෝ වාක්‍යයක් Copy කරන විටම එහි තේරුම දැන ගැනීමට පුලුවන්. ඔබට අවශ්‍ය ආකාරයට එහි Settings Manage කරගැනීමටද පුලුවනි.

New :- Copy කරගෙන සිටින වචනයේ තේරුම රහිතව Engrisi Dictionary Open විය යුතුනම් Middle Mouse Button එක මගින් Engrisi Dictionary Open කිරීමෙන් එය කරගත හැක.

9) Optical Character Recognize - OCR
Picture එකක, Error Massage එකක හෝ වචන Copy කල නොහැකි තැනක තියෙන English වචනයක හෝ වාක්‍යයක තේරුම දැනගන්න පහසුම ක්‍රමය තමයි Image එක Capture කරල තේරුම දැන ගැනීම. ඒ සඳහා මෙම Tool එක පහසුවෙන් බාවිතා කල හැක.

10) Learning Tools
Top 10 Sentences of The Day, English Tip වැනි Tools මගින් ඔබට English ඉගෙන ගන්න පහසුකම් සලසාවි!

11) Learning Games
Top 10 Words of The Day මගින් ඔබට පාඩම් කරන්න දුන් වචන ආවර්ජනය කිරීමට සහ English ප්‍රගුණ කිරීමට Games කීපයක් හදුන්වා දී ඇත.

12) English, Sinhala & Singlish Typing
English වලින්, සිංහල යුනිකෝඩ් ෆොන්ට් වලින් මෙන්ම Singlish (Like SMS Typing) යන සියලු ආකාරයටම මෙහි වචන සෙවීම කල හැක.

13) English Meaning or Sinhala Meaning
යම් වචනයක තේරුම ඔබට සිංහලෙන් දැන ගැනීමට මෙන්ම අවශ්‍ය නම් English වලින් දැන ගැනීමට පුලුවන් කම තියෙනව. English වලින් Meaning එක දැනගැනීමේදී එහි යෙදුම්ද දැන ගැනීමට පුලුවනි.

14) Speech
වචනයක් හෝ වාක්‍යයක් උච්චාරයන කරන ආකාරය ඇසීමට පහසුකම් ඇත.

15) Useful Settings for Customize
ඔබගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි Engrisi Dictionary මෘදුකාංගය බාවිතා කිරීමට අවශ්‍ය සියලුම Settings ඔබට සපයා ඇත.

 Download the En Dictionary

Engrisi Dictionary සඳහා Softpedia 100% Clean Certificate එක ලබාගත් බව සතුටෙන් ප්‍රකාශ කරමි.


නාමල් යාය ඔස්සෙ ඔබට සැමදාම අලුත් දේ ලබා දෙනව. ඒ පිළිබඳව විස්තර Facebook හරහා ලබාගැනීමට Namal-Yaya Page එක Like කිරීමෙන් ඔබට පුලුවන්.

ඊළග Version එකෙන් අලුත් විශේෂාංග කීපයක් සමග හමුවෙමු. ඒ සඳහා Grammar Correction Technology එකක් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමි.  ඒ සඳහා ලොකු මුදලක් වැයකිරීමට සිදුවේ. එය සාර්ථක වුවහොත් තවත් නවමු අත්දැකීම් කීපයක් ඔබට බුක්තිවිදීමට ඉඩකඩ ලැබේ යැයි මගේ විශ්වාසයයි. ස්තුතියි.

Subtitle Translator


Read More
// // 22 comments

Comments Bugs and Ideas to the En Dictionary 2014

En Dictionary 2014 :- Comment here Your Ideas or Bugs of the En Dictionary.
Read More

Tuesday, December 31, 2013

// // 6 comments

Now En Dictionary work as Add-on of Chrome, Firefox, PDF Readers

ආයුබෝවන් කියල 2014 වර්ෂය පිළිගන්න ගමන් නාමල් යායට යන එන ඔබටත් ලැබුවා වූ 2014 වර්ෂය සාර්ථක වර්ෂයක් වේවායි ප්‍රර්ථනා කරමි. 2014 වර්ෂයේ En Dictionary සමග එකතුවන ඔයාලට එයින් ලැබෙන තවත් පහසු කමක් පිළිබඳ විස්තර කියන්න තමා මේ ලෑස්තිය. මාතෘකාවෙන් කියවෙන දෙයහි අදහස තමයි Chrome, Firefox, Adobe PDF Reader සහ එනෙකුත් PDF Reader කීපයක් සඳහා En Dictionary 2014, Add-on එකක් ලෙස ක්‍රියා කරන බවයි. එනම් ඉහත මෘදුකාංග විවෘත කරගෙන සිටින අතරේ ඔබ එහි පෙනෙන්නට ඇති වචනයක් මත Double Click කලොත් එම චචනයේ තේරුම ගෙන හැර දක්වන්න දැන් En Dictionary වලට පුලුවන්. ඔබ ඒ සඳහා කල යුත්තේ System Tray එක මත ඇති "N" Icon  එක මත Click කොට En Dictionary එක Open කරගෙන PDF හෝ Web Access කිරීම පමණි. නොදන්න වචනයක් මත Double Click කල සැනින් එහි තේරුම දැකගන්න පුලුවන්. අනෙක් විදිය නම En Dictionary Open නොකර තිබියදීම එම පහසු කම ලබාගැනීමේ මගයි. ඒ සඳහා ඔබ කලයුත්තේ "N" Icon එක මත Right Click කොට Auto Search මෙනු එක Select කිරීම පමණි. එවිට En Dictionary Open වී නොතිබුනද ඉහත මෘදුකාග වල ඇති Content එකක් මත Double Click කරන විටම තේරුම ගෙනහැර දක්වාවි.



මේ දවස්වල කැම්පස් එකේ Final Exam එක ඉවර වුනා විතරයි. ඉතින් තව වැඩ කටයුතු කීපයක් තියෙනව En Dictionary 2014 Release කරන්න. අලුත් Version එකත් සමග ඉක්මනින් හමුවෙමු.


Read More

Wednesday, December 18, 2013

// // 10 comments

English භාෂා පර්යේෂන ප්‍රතිඵල ඇසුරෙන්, En Dictionary 2014 මගින් ඔබට ලැබෙන නව පහසුකම.

ඔයාල බොහෝවිට දන්නවත් ඇති English භාශාවෙ සාමන්‍යයෙන් බාවිතා වන වචන ගනන 200,000 පමන වන බව. වචන ගනන කෙසේ වුවත් English  සම්බන්ඳව පර්යේෂක වරුන් සොයාගෙන තියෙනව පුද්ගලයකුට තම එදිනෙදා අදහස් ප්‍රකාෂ කිරීමට English වචන 1000ක් හොදටම ප්‍රමාණවත් කියල. ඔයාල ඒ සම්බඳව අන්තර්ජාලයේ සොයා බැලුවොත් දැකගන්න පුලුවන් ඒ වචන දහස අතරෙ අප දන්නා වචන ලොකු ප්‍රමාණයක් තියෙනව කියල. ඒ වගේම ඔවුන් ප්‍රකාශ කරනව English භාශා ප්‍රවීනයෙකු වීමට තවත් වචන 4000ක් දැන ගැනීම ප්‍රමානවත් කියල. මේ සම්බඳව ITN Channel එකෙත් වැඩසටහනක් පසුගිය දවස්වල ප්‍රචාරය වුනා.

මේ සම්බඳව ප්‍රකාශයට පත් කර ඇති පොතක් වන The 4000 English Words Essential for an Educated Vocabulary පොතේ ඔය සම්බඳව ගොඩක් විස්තර තියෙනව. Google Search කලොත් ඔය පොත ඔයාලට සොයාගන්න පුලුවන් වේවි.

ඉතින් En Dictionary 2014 කොහොමද ඔයාලට මේ සම්බඳව පහසුකම් සලසන්නෙ?

En Dictionary 2013 බාවිතා කරන ඔබ සියළු දෙනාම දන්නව "Top 10 Words of The Day" කියන සංකල්පය. ඉතින් දැනට එමගින් පාඩම් කරගෙන Game එකට Play කිරීමට වචන අහඹු ලෙස ‍තෝරා ගනීමට වචන 80,000ක් පමන බවිතා කරනව. ඉතින් ඔය ක්‍රමය වඩා ප්‍රතිඵල දායක කිරීමට En Dictionary 2014 දියුනු කරල තියෙනව, ඉහත සඳහන් කල පර්යේෂන ප්‍රතිඵල ඇසුරෙන්. ඒ කියන්නෙ "Top 10 Words of The Day" මගින් ඔයාලට 2014 ඉදන් දවසට පාඩම් කරන්න ලැබෙන්නෙ මූලික වචන 5000න් බව මතක තියා ගන්න.

En Dictionary 2014 බාවිතයෙන් අනිවාර්යයෙන්ම දවසේ වචන 10ට අවදානය යොමු කරල ක්‍රමක් ක්‍රමයෙන් English  දනුම ගොඩ නංවා ගැනීමට ඔබට පුලුවන් වේවි!
Read More

Wednesday, November 27, 2013

// // 15 comments

NDictionary 2014 කොහොම වෙයිද?

ඉතාමත් ඉක්මනට 2014ටත් ලංවුනා. ඒ කියන්නෙ නාමල් යායට නම් ගොඩක් Busy. NDictionary 2014 දෙන්නත් එපයි. ඉතින් මේ සැරේ අලුතින් ගොඩක් Function එකතු කලා කියල බොහොම සතුටෙන් ඔයාලට කියන්න පුලුවන්. මෙන්න මේව තමයි ඒව

1)  Subtitle Translator එක භාවිතා කරන අවස්තාවක් ගැන හිතන්න. ඔයලට යම් අවස්තාවක වචනවල තේරුම් දැන ගන්න ඕන වුනොත් Space Bar එක Press කරනව. ඒ ඩින්ගට KMPlayer එකේ පෙන්නුම් කරන Subtitle ට්ක වෙනස් වනව. දැන් ඔයාලට තෙරුම ගේන්නෙ ඔයා අපේක්ෂා කල වක්‍යයේ වචනවල තේරුම් නෙවී. ඔන්න ඔය ගැටලුවට විසදුමක් 2014 Version එකෙන් ඔයාලට ලැබෙනව.

2) Subtitle Translator එකේ  '.srt' File Open  වීමේ ගැටලුවක් තිබ්බ. ඉතින් Subtitle Read කරන Algorithm එක වෙනස් කලා. දැන් නම් ඕනම Subtitle File එකක් Open වෙනව කියල ප්‍රකාශ කරන්න පුලුවන්.

3) Searching Algorithm එකෙත් ගොඩක් වෙනස් කම් කලා. යම් වචනයක තේරුම නැත්නම් ඒ වචනයට ආසන්න වචනවල තේරුම් සොයාගන්න දැන් පහසුකම් වැඩියි.

4) කලින් අවස්තාවලදි සමහර අයට System Tray එකේ Right Click කලාම ලැබෙන Main menu එක හොයාගන්න බැරිවෙලා තිබුන. ඒ නිසා Main Menu එක UI එක තුලම අඩංගු කලා.

5) යම් වචනයක තේරුම සොයාගැනීමට අපහසු වෙලාවට එම කාර්ය්‍ය කර ගැනීමට Online Solution එකකට යාමට පහසු වෙන්න 'WORLD' Link එකක් එකතු කලා.

6) NDictionary එක Use කරන Processing Cycle අඩු කරන්න Algorithm එකතු කලා.

7) ඔබ සෙවු වචනයක් හෝ වාක්‍යක් Favorite  ලෙස Save කර තැබීමට දැන් ඔයාලට පුලුවන්. ඒ මගින් ඔයාල අදාල වචනය හෝ වක්‍ය අමතක වුවහොත් නැවතත් මතක් කරගැනීමට පුලුවන්. විශේෂයෙන් Subtitle Translator එක Use කරද්දි ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි.

8) ඒ වගේම අලුත් UI එකක් ඔයාලට පහලින් දැක ගන්න පුලුවන්. මෙය Responsive ගුනයෙන්ද යුක්තයි.



මේ අවුරුද්ද මගේ University Life එකේ Final Year එක. ඉතින් Final Project දෙකක් එක්ක බොහොම කාර්ය්‍ය බහුලයි. ඒ වගේම Final Exam එකේ Schedule එක නොසිතූ විදියට වෙනස් වුනා. ඉතින්  ඔයාලට බොහොම වැදගත් වන Function දෙකක Testing මට හරියට කරගන්න බැරි වුනා. ඒ නිසා එම Function පසුව කාලෙකදි ලබා දෙන්න තමා වෙන්නෙ. එම Function ගැන පසුව දැනුවත් කරන්නම්. ඒ වගේම කියන්න ඕනි Dictionary ඉතිහාසයේ English Learning යටතේ ඔයාලට වැදගත්ම වන තවත් Function තුනක් හා Dictionary යටතේ Function දෙකක් ඉදිරියේදි එකතු වේවි. ඒව තාම Pending වෙලා තියෙන්නෙ මම තාම ඉගෙන ගන්න සිසුවෙක් නිසා. ‍රැකියාවක් කරන කාලෙක මම ඒ වෙනුවෙන් මුදල් යොදවල මෙම සමාජ සත්කාරය දිගටම පවත්වාගෙන යන්න කටයුතු කරන බව සතුටෙන් කියන්න කැමතියි.

ඉතින් අලුත් Version එකේ වැඩ දැන් ගොඩක් දුරට ඉවරයි. මේ දවස්වල Beta Version එකේ Testing වලට මගේ යාලුවන් කීප දෙනෙක්ට දීලයි තියෙන්නෙ. 2014 Version එක ගැන ඔයාලට මොකද හිතෙන්නෙ? වගේම චෝදනා සහ යෝජනා බය නැතුව ප්‍රකාශ කරන්නත් පුරුදු වෙන්න, අදහස් දක්වල යන්න. ඉක්මනටම NDictionary 2014 Download සමග හමුවෙමු.
Read More

Friday, October 4, 2013

// // 7 comments

VB 6 වල යුනිකෝඩ් Use කරන්නෙ කොහොමද?

Projects ගොඩකට හිරවෙලා ඉන්න අතරෙ යන්තමට බ්ලොග් එක මතක් වුනා.. ඉතින් මේ පාර බ්ලොග් එක හරහා මගෙන් ඉල්ලිම් කර තිබූ දෙයක් පිළිබඳව ලියන්න ඕන කියල හිතුන. ඒ තමා VB 6 වල යුනිකෝඩ් Use කරන්නෙ කොහොමද කියල.

ලොකූ Technical දේවල් එකෙ නෑ. මම Use කරල තියෙන Library එකක් තමා Uni-tool Box. http://unitoolbox.soft112.com/download.html Site එකෙන් ඔයාලට පුලුවන් ඒක Download කරගන්න. ඒත් ගැටලුව තමා Uni Toolbox Commercial Version එකක්. ඒත් Google පාරක් දැම්මොත් ඕකෙ Serial No එක හොයා ගන්න බැරිවෙන්නෙ නම් නෑ. නමුත් Serial No තියෙන්නෙ Uni-tool Box 1 වලට විතරයි. ඒ නිසා ඉහට Site එකෙන් Uni Toolbox 2 Version එක Download කරගෙන Uni Toolbox 1 වලට සොයාගත්ත Serial එක දාල වැඩ කරන්න. Uni Toolbox 1 වලට අදාල Features ටික Activate වෙයි.

මෙවැනි Library Use කරන්න ඔයාල දන්නවනේ. මොන්ව හරි ගැටලුවක් තියේනම් Comment කරන්නකෝ...

ඕකේ... එහෙනම් ඔන්න Unicode වලින් Software කරන්න පටා...න් ගමු.
Read More

Tuesday, August 13, 2013

// // 30 comments

ඔබ වෙනත් භාශා කීපයක් දන්න පුද්ගලයෙක්ද? (හෝ භාශා ප්‍රවීනයෙක්ද? )


කැම්පස් එකේ Project Presentation එකකට භාශාව සම්බඳව යම් තොරතුරු ටිකක් දැනගන්න තියෙනව. අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනව. සිංහල දන්න පුද්ගලයකුට ලෙහෙසියෙන් තේරුම් ගන්න පුලුවන් ලෝකයේ තියෙන භාශා වර්ග මොනවද කියල? ඒ කිව්වෙ ව්‍යාකරන බේදයක් නැතිව වචන දැන ගැනීමෙන් පමනක් පහසුවෙන් සිංහල වාක්‍ය එම භශාවටත්, එම භශාවෙ වාක්‍ය සිංහලයෙනුත් තේරුම් ගන්න පුලුවන් විදියෙ ලෝකයේ තියෙන භාශා වර්ග මොනවද කියල? ඉතින් ඔබ භාශා ප්‍රවීනයෙක් හෝ යම් භාශා කීපයක් දන්න පුද්ගලයෙක් නම් ඔබට දැනෙන පරිදි අපගේ ප්‍රශ්නයට පිලිතුරක් දීල යන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනව. සිංහල බ්ලොග් අවකශයේ ඔයාලගේ උදව් බොහොම වටිනව. ස්තුතියි.
Read More

Sunday, May 19, 2013

// // 4 comments

Devකතා ජන‍ රැල්ලට සහබාගි වෙමු. ( Techකතා Group )



Developer Podcast එක ආරම්භ කිරීම කල් මරමින් සිටින බුද්ධික අයියාට එය හනි හනිකට ආරම්භ කරන ලෙස බල කරමින් හා උනන්දු කරමින් Comments 1000ක Status එකක් බාරදීමේ ජන ‍රැල්ලට එකතු වෙමු. ඒ සදහා පහලින් Comments කරමින් බුද්ධික අයියාට Cheer කරමු.

පහල link එක මගින් Techකතා Group එකෙහි ඇති, ඉහත පරිදි වූ Post එකට එකඟ නම් Comments  මගින් එකතු වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

Click here.
http://www.facebook.com/groups/Tkatha/permalink/10151660410762082/

Note - ඇත්තෙන්ම කාලිංග, බුද්ධික, තිලිණ සහ අනෙකුත් අයියලා දහසකුත් වැඩ රාජකාරී මැද Techkatha Podcast එක වැනි දෙයක් කිරීම වෙනුවෙන් හදවතින්ම ස්තුති වන්ත වෙමු. නමුත්... දුන් පොරොන්දු ඉෂ්ට කරන්නට ලබාදුන් කාලය හොදටම ඇත. ඒ නිසාවෙන් මෙවන් ජන‍ රැල්ලකට මේ හොඳම කාලයයි. මෙයටද චිසදුමක් නැතිනම් ඉදිරි ක්‍රියා මාර්ග වඩා දරුණු වනු ඇති බව කරුණාවෙන් සලකන්න. :-)



Read More

Saturday, April 20, 2013

// // 2 comments

Building Your First MongoDB App

Read More

Saturday, March 9, 2013

// // 10 comments

Dictionary සම්ප්‍රධාය...?


ඇත්තටම මම පිළිගන්නව මිනිස්සු තමන් පුරුදු වෙලා ඉන්න දෙයින් මිදිල කොතරම් හොඳ දෙයක් වෙනුවෙන් වුවත් වෙනස් වෙන්න අකැමතියි කියන කතාව. එහෙමත් කෙනෙක් තමා මේ බැමිවලින් මිදිල ඉන්නෙ.  උදාහරන විදියට කියන්න පුලුවන් මිනිසුන්ට XP Windows OS එකේ ඉදල Windows 7 OS එකට මාරු වෙන්න කොතරම් කාලයක් ගියාද කියල. තවමත් XP Use කරන කොතරම් පිරිසක් ඉන්නවද!

මම The NDictinary කියන සංකල්පය ගෙනාවෙ මේ පවතින Dictionary සම්ප්‍රදාය වෙනස් කරන්න. මේ වෙනකොට එහි Downloads 5000ට කිට්‍ටු වෙන්න ප්‍රමාණයක් තිබ්බත් එහි බාවිතයන් පිළිබඳ මම තැබූ විශ්වාසය හොඳ මට්ටමක නැ.

රුහුණ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ හොස්ටල් එක තමා මගේ වර්ථමාන නිවහන. මගේ යාලුවන් බුහුතරයක් මගේ නිර්මාණය බාවිතා කරන නිසා මගේ යාළුවෙක් හොස්ටල් එකේ සමීක්ෂනයක් කරල තිබ්බ පවතින වෙනත් Dictionary Application හා The NDictionary අතර පවතින පහසුකම් බාවිතය පිළිබඳව හා එහි තිබිය යුතු වෙනස් කම් පිළිබඳව.



1) කුඩා වින්ඩෝවක් බාවිතා කිරීම - යාලුවන් ගොඩක් අය කැමති වෙලා තිබුනේ පවතින අනෙකුත් Dictionary බාවිතා කරන ආකාරයේ විශාල Window එකකට. - ඇත්තෙන්ම ඇයි මම කුඩා වින්ඩෝ එකක් බාවිතා කලේ : එයට හේතුව නම් නිතරම පරිගනකයෙන් e-Book වැනි දේ කියවන පුද්ගලයකුට කුඩා ප්‍රමාණයේ වින්ඩෝවක් බාවිතය පහසු වීමයි. මොකොද මෙය මටනම් අත්‍යවශ වූ අංගයක් කියන්න පුලුවන්.

2) System Tray එක හරහා Access කරන්න සිදු වීම හා ඒ අසලින් Dictionary Window එක දර්ශනය වීම - ගොඩක් අය කැමති වෙලා තිබ්බෙ සුපුරුදු All Program List එකට තමා.- මට නම් ඇත්තටම ඕන උනේ Any Time මේ Application එක Open කිරීමටයි. ගොඩක් අයගෙ තර්කය උනේ System Tray එක ප්‍රදේශය මිනිසුන්ගේ අවදානය වැඩිය යොමු නොවේ යන්නයි. ඇත්තටම මම නම් මේ තර්කය එක හෙලාම ප්‍රතික්ෂේප කරනව. හරියට එම ප්‍රදේශය ගව් ගන්නක් ඈත වගේ නෙ...

කොහොම වුවත් අනෙකුත් Feature වලට නම් විරෝධයක් එල්ල වෙලා තිබ්බෙ නෑ. ඒකට හේතුව නම් ඒව වෙනත් Dictionary වල නැති අලුත් Feature වීමයි. ඒ කියන්නෙ ඒවට සම්ප්‍රධායක් නෑ. ඇත්තටම ඒකෙන් තහවුරු වෙන කාරනව නම් කවුරුත් අකමැතියි අලුත් වෙනසකට.

මෙහි බයානක කරුන නම් විශ්ව විද්‍යාලයක සිසුනුත් මෙවෙනි වෙනසකට යන්න අකැමති නම් සාමන්‍ය ජනතාව කෙසේ නම් අකැමති වනවා ඇත්ද යන්නයි. ඇත්තටම මට ඒ තර්කය බිදලන්නත් අදහසක් තියෙනවා, එනම් විශ්ව විද්‍යාල සිසුන් සම්ප්‍රධාය ‍රැක ගැනීමේ තෙලට (මොල සේදීමට ) ලක්ව ඉන්න පිරිසක් කියන සංකල්පයෙන්. ඉතින් එය එසේද යන්න තහවුරු කර ගැනීමට මට බ්ලොග් අවකාශයේ මගේ මිතුරන්ගේ උදව් අවශ්‍යයි. මේ ලිපිය සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් මට ඉතා වටිනව.

මොන තරක විතර්ක තිබ්බත් මිනිසුන් වෙනසට අකැමතියි යන්න මගේ පූර්ණ නිගමනය සාත්‍ය වේවි! ඒ නිසා බවිතා කරන්නන්ට තවදුරත් සම්ප්‍රධායික Customization එකකුත් හදුන්වා දීමට සිතා බැලිය යුතුයැයි මට හැගේ.

Read More