Wednesday, June 20, 2012

// // 2 comments

NDictionary on Windows 7 - njDic

Windows 7 මතදී නාමල් ඩික්ෂනරියේ System Tray Icon එක Hide වී අතිනම් Icon එක නිතරම පෙනෙන්නට සලස්වාලීම සඳහා

Task Bar එක මත Right Click කර Properties ලබාගන්න. එහි Notification Area යටතේ ඇති Behavior වල NDictionary එකට අදාලව Show Icon and Notification යන්න Select කර Ok කරන්න.




ඒ වගේම Windows 7 වල Security Option වැඩි නිසා Text Capture Option එක භාවිතයේදී Permission Denied ලෙස Error එකක් ලැබුනොතින්,

Dictionary System Tray Icon එක මත Right Click කර View --> Run as Administrator Click කරන්න. එවිට Open වන Folder එක මත ඇති NDictionary Application එක මත Right Click කර Run as Administrator Click කරන්න. එවිට Open වන ඩික්ෂනරි එකහි Text Capture මෘදුකාංගය නිවැරදිව වැඩකරනවා ඇත.



Read More
// // Leave a Comment

Setting for Your Desire - njDic



1, 2, 3, 4 - ලෙස අංක කර ඇති Setting ගැන නම් කලින් කතාකරල තියෙනව වගේම ඒවා නම් කර ඇති ක්‍රමයෙන්ද කුමක්ද කියා වටහා ගත හැකි නිසා ඒ ගැන කතා කරන්නේ නැහැ.

5 - මගින් දැක්වෙන්නේ Subtitle Translator හිදී බාවිතා කරන Subtitle File එක අදාල Film එකත් සමග නොගැලපේනම් එය KMPlayer මගින් Sync කරයි නම්, එවිට ඩික්ෂනරියටද ඒ Value ලබා දීමට ඇති Setting එකයි.

6, 7, 8, 9 - මගින් දැක්වෙන්නේ ඩික්ෂනරියේ පාටට අදාල තැන්වලින් පෙන්නුම් කරන Font වල Font Size එක අඩු වැඩි කිරීමට ලබාදී ඇති Setting ටිකයි.

9 - Optical Characto Recognize System (OCR) එකහි සාර්ථකත්වය පරිගනකයේ ඇති Font මත රදා පවතින නිසා පරිගනයකයට අලුතින් Font Add කරයි නම් නැවතත් Font Scanning එක කිරීමට විදාන දීම මෙයින් කරනු ලබයි.

10 - OCR System එක භාවිතයේදී Path එක වැරදි බවට හඟවමින් යම් Error එකක් ලැබුනොත් එම තත්වය විසදීම සඳහා මෙම බටන් එක බාවිතා කරන්න පුලුවන්.
Read More
// // Leave a Comment

Searched History - njDic

                         
                                                   අපි යම් ලිපියක් කියවමින් සිටියදී නොදන්න චචනයක තේරුම දැන ගත්තත් ගොඩක් වෙලාවට ටික වේලාවකින් ඒ වචනය අමතකයි. ඊට පස්සෙ ආපහු කලින් වචනය හොයන්න හෝ ටයිප් කර කර ඉන්නෙ නැතිව කලින් සර්ච් කරපු වචන History එකක් තියේනම් කොච්චර හොඳද කියල මට හිතුන වාරගනන නම් අනන්තයි. ඉතින් ඒ ප්‍රශ්නයටත් විසදුමක් තමා Serch History එක




ඔය විදියට More Button එක ක්ලික් කිරීම මහින් ලැබෙන මෙනු එකේ Previous click කිරීමෙන් එම වචන ලබාගන්න පුලුවන්. Post මගින් ආපහු ඉදිදිරියට එන්නත් පුලුවන්.  මේ විදියට වචන 5ක් මතකයේ තබා ගැනීමට මෙම ක්‍රමවේදයට පුලුවන්.

හොඳයි මෙහිනම් Developing ගැන කතාකරන්න පුලුවන්.
මෙහි මම භාවිතා කරපු ටෙක්නික් එක තමා Stack කියන ටෙක්නික් එක. Circular Queue එක වගේ Stack එකක් හදාගත්ත හරියට Circulat Stack එකක් කීවොත් නිවැරදියි.. Circular විදියට නැතුව කරන්නත් පුලුවන්. එතකොට වචනයක් සර්ච් කරන විට කලින් වචන 5ත් තියෙන තැනින් එක Blog එක ගනනෙ පස්සට යවන්න වෙනව. නමුත් Circular විදියට Stack එකක් යූස් කරද්දි අලුතෙන් සර්ච් කරන වචනය පමනක් ඇඩ් කිරීම කරන්න පුලුවන්. Index ටික හැසිරවීම තමා කරන්න තියෙන්නෙ.
Read More

Tuesday, June 19, 2012

// // 2 comments

Fixed Error for 2012 Stable - njDic

ඩික්ෂනරියේ බීට වර්ෂන් එක නිකුත් කරල දැන් මාස 6ක් විතර වෙනව. ඒ කාලය අතරෙදී එහි තිබ්බ ගොඩක් Errors හදුනගන්න පුලුවන් වුනා. ඉතින් ඒ සඳහා කැම්පස් එකේ යාළුවො, Blog එක හරහා ඔයාල වගේ නාමල් යායට එන යන ගොඩක් අය Comment හරහා ඊ-මේල් හරහා උදව් කලා ඉතින් ඒ කාටත් අලුත් ස්ටේබල් වර්ෂන් එකේ ගැටලු නැති කිරීමට සහභාගි වන්න පුලුවන් වුනා කීවොත් නිවැරදියි. ඉතින් එලෙස උදව් කල කටාත් ගොඩක් ස්තුතියි. ඒ අය වෙනුවෙන් වෙනම Post එකක් දාන්නත් බලාපොරොත්තු වෙනව.

අද මාතෘකාව යටතේ ඩික්ෂනරියේ තිබ්බ Errors ගැන හා ඒවා විසදපු ආකාරය ගැන කතා කරන්න සූදානම් වෙන්නේ කාටහරි වැදගත් වෙයි කියල හිතාගෙන.

1 - Auto Clipoard එක සර්ච් කරද්දී ගැටලුවක් තිබ්බ. ඒකට හේතුව වුනේ Widows Explorer හරහා Text එකක් නැතිව File එකක් Copy කලවිට එය Neglect කිරීමට Code නොලියා තිබීමයි.

2 - ඩික්ෂනරි එක ඕපන් වීමේදී හා Top 10 Word ගෙනහැර දැක්වීමේදී Screen එක blink වීම. මේකට හේතුව වුනේ Visible False වීම Delay වීම. ඒ නිසා එම Code නිවැරදි ලෙස ස්තානගත් කලා.

3 - යම් Function එකක් ක්‍රියා කරන අතරතුර ඩික්ෂනරියේ System Tray Icon එක මත ක්ලික් කලොත් ඩික්ෂනරි එක Crash වීම. මේ සඳහා කල පිලියම ලෙස කලේ ක්‍රියාකරන Functiona එක Errors නොවන ආකාරයට නවතා දැමීමයි.

4 - ඩික්ෂනරි එක නිවැරදිව Unistall කිරීමේ ගැටලුවයි. මෙම ගැටලුවට හේතුව වූයේ Uninstall කිරීමේදී Registry එකේ Startup එකට අදාල ලින්ක් එක Remove නොවීමයි. ඒක Setup Factory එකෙහි සිදුකලයුතුව තිබූ Programing කොටසක්. එය මට අමතක ගොස් තිබුනා. නමුත් Uninstall කිරීමට කලින් නිවැරදිව ඩික්ෂනරි එකෙන් Exit වී තිබුනි නම් එම ගටලුව මතුවන්නේ නෑ.  මොකද Uninstall කිරීමේදී Run  වන Program Close කරන්න Program කරල තිබ්බෙ නෑ.

5 - Optical Charactor Rcognize System එක වැඩ කිරීමට අදාල Active X Setup Factory වලට ගැනීමේ දොෂයක් නිසා එම ක්‍රියාවලිය Install වීමේදීම Error එකක් පෙන්වීමයි. මේ ගැටලුව විසදගන්න තමා මම ගොඩක් කාලය වැය කලේ. අන්තිමේදී විසදුම ලෙස කරන්න වුනේ VMware යොදාගෙන සකසන ලද Portabel App එකක් ලෙස එම System එක යොදා ගැනීමයි. එහිදීත් ගොඩක් ගැටලු මතු වුනා. c:\progrm file වලට ඩික්ෂනරි එක Install කලොත් සහ වෙනත් පාත් එකකට Install කලොත් යන අවස්තා දෙක් ලෙස ගෙන Portabel App එක පිස්සු කෙලීම කීවොත් නිවෑරදියි. ඒ විතරක් නම් කමක් නෑ. Windows 7 වලදී තව විදියකට තමා Portabel App එක වැඩ කරන්නෙ. ඕව දැනගන්න ගොඩක් Experiment කරන්න වුනා කීවොත් නිවැරදියි. ඉතින් Os කීපයක ඩික්ෂනරි එක Run කරල බලන්න Virtula Box තමා Use කලේ.
 මෙහි තවත් ගැටලුවක් වුනේ Xp වලදී User Account වලට Folder එක තුල Writting Protet කරල තිබීම කියල හදුන ගන්නත් පුලුවන්. ඒක විසඳගන්න Xcalc කියන Scrypt එක Use කරන්න පුලුවන් කියල Internet එකෙන් සොයාගන්න පුලුවන් වුනා.

6 - Seting වලින් Startup නොවීමට Seting හැදුවත් එය ක්‍රියාත්මක නොවීම. හේතුව වූයේ Setup Factory වලින් Startup Folder එකේද Shortcut එකක් සාදා තිබීමයි.

7 - Subtitle Translate Add-on for KMPlayer එක Run වීමේදී යම් හෙයිකින් Subtitle එක load කර ගැනීමට නොහැකි වූවොත් වෙනත් තෑනකින් Subtitle එක Load කිරීමට ලබාදෙන Option එක Cancel කලද ඉවත් නොවීම. මෙයට හේතුව Programing දන්න කෙනෙක් නම් දැනටනම් හිතාගෙන ඇති. Loop එකක් Define කරල තියෙන වැරද්දක්.

ඉතින් ඔය වගේ ගොඩක් Errors විසදල සාර්ථක ඩික්ෂනරි එකක් ගොඩනගාගන්න පුලුවන් වුනා. ඉතින් ඒ ගැන ලොකු සතුටක් මට තියෙනව.
නැවතත් සුතුතියි Comment දුන්න සියලු දෙනාට.
Read More

Saturday, June 16, 2012

// // 3 comments

New Interface - njDic

                                                ගිය අවුරුද්දේ නොවැම්බ්ර් මාසෙ වැඩ පටන් අරගෙන මේ අවුරුද්දේ පෙබරවාරි මාසෙ නිකුත් කල නාමල් ඩික්ෂනරී බීට වර්ෂන් එකේ තිබ්බ අඩුපාඩු හදාගන්න සෑහෙන්න කාලයක් ගන්න වුනා. ඒ අතරතුර එක එක ප්‍රශ්න නිසා සම්පූර්ණයෙන් ඒ සඳහා අවදානය යොමුකරන්නත් බැරි වුනා. ඉතින් මේ දවස්වල Non Acadamic අයගෙ වැඩ වර්ජනය නිසා නිවාඩු මුලු කාලයම ඒ සඳහා යොමු කරන්න පුලුවන් වුනා. Dictionary එක Windows 7 Compatibility කරන්න තමයි සෑහෙන්න වෙහෙසෙන්න වුනේ. ඇත්තටම මේ වැඩවර්ජනය නොතිබුනා නම් මට ඊලඟ වර්ශන් එකක් මේ අවුරුද්දෙ නම් හිතන්නවත් බෑ. ඔන්න එහෙනම් තව සුළු සුළු වැඩ කටයුතු ටිකක් අතර අලුතෙන් හදුන්වාදෙන Option වල Developing Side එක ගැන ටිකක් කතාකරන පෝස් ටික දාන්න හිතුන. මේ විදියට කලිනුත් කලා මතක ඇතිනේ.

කොහොම උනත් අද හදුන්වාදෙන Option එකෙහි Developing එක ගැන නම් කතා කරන්න දෙයක් නෑ. මොකද අද කියන්නෙ අලුත් interface එක සහ එහි Shortcut කීපයක් ගැන




අලුත් Interface එක ඔන්න ඔය වගේ තමා.  අලුතෙන් Del, More Buttons දෙක හදුන්වා දී තියෙනවා. Del Button එක මගින් දැනට Search Box එකෙහි ඇති වචන ටික Delete කරල දාන්න පුලුවන්. More Button එක මගින් තවත් අමතර Option ට්කක් ගන්න පුලුවන් මෙනු එකක් තමා ලබා දීල තියෙන්න.




1 - Expand View එක ගන්න 2න් පෙන්වන Box එකේ ඉදල Enter කරන්නත් පුලුවන්.
2 - Search Result එක පෙන්වන්නෙ මෙහිදී, මෙහි වචනයක් මත ඩබල් ක්ලික් කිරීමෙන් එම වචනයට අදාල තේරුම ගන්නත් පුලුවන්
5 - Singlish (SMS) Keyboard එක තමා ඔය Use කරල තියෙන්නෙ.





1 - මෙතනදී සිට Enter කලොත් නැවතත් විශාල Expand View එකක් ලබාගන්න පුලුවන්. එවිට අපහු ඔය View එක ගන්න නැවත Enter කරන්න පුලුවන්. මේ සඳහා 5 ලෙස දැක්වෙන Button එක Use කරන්නත් පුලුවන්
2 - මෙහිදී සෙලෙක්ට් වී ඇති සෙන්ටෙන්ස් එක කොපි කරන්න පුලුවන් අතර වචනයක් මත ඩබල් ක්ලික් කිරීමෙන් එම වචනයට අදාල වචනය Search කරන්න පුලුවන්
3 - තවත් සර්ච් Option එකක්
4 - වචන කීපයක් Search කරල තියෙන විදිය තමා ඔය.
Read More

Sunday, June 10, 2012

// // 9 comments

බය නැතුව ගස් නගින්න කෙමක්.



මෙ දවස්වල කැම්පස් නිවාඩු හින්ද ගෙදර වැඩට් ටික් ට්ක සෙට් වෙනව. ඉතින් අද ගෙදර අඹ ගස්වල අඹ ටික කඩන්න සෙට් වුනා. ගස් වල දිමියො ඉන්න ආයිත් මදි නොකියන්න.  ඒත් ඒක නෙවෙයි ගේම, ගස් නගින්න හැටිත් දැන් මතක නෑ වගේ. ඉස්සරනම් පාරෙ ගස්වලමයි ගෙඩි හැදෙන කාලෙට. මාතෘකාවට එන්ටර් වෙලා ආපහු පහුකරගෙන ගිහිල්ල. ඇයි මේ ගස් වල දිමියො ඉන්න එක ගේමක් නෑ කිවුවෙ. අන්න ඒකට තමයි කෙමක් කිවුවෙ. දිමියො හිටියත් එකයි නොහිටියත් එකයි, ගානක් නෑ. කෙම ඉගෙන ගන්න කලින්නනම් (පොඩි කාලෙ ) යාලුවොත් එක්ක ගස් නගින්න කොට කීප දෙනෙක් ඉන්නව බිම කොල අතු ටිකක් සෙට් කරගෙන, මොකද ගහට නැගල හනි හනිකට ගෙඩිටික කඩල ගහෙන් පනිනකොටම බිම ඉන්න උන් අත්තෙන් ගස ගස දිමියො ගලවනව. ඉතින් දවසක් ඔය වැඩේ දැක්ක අපේ ගමට ආව ගිය මන්තරවලට, ගුරුකම් වලට ප්‍රසිද්ධ සීය කෙනෙක්, ඒ සීය තමා කියල දුන්නෙ. මොකක්ද දන්නවද කෙම.

ගහට නගින්න කලින් කොහොමත් අපි ගහට නමස්කාරය කරල එහෙමනෙ නගින්නෙ. ඉතින් එහෙම කරල ගහේ ඉන්න දිමියෙක් අරගෙන ඉනේ ගහගන්න ඕන. ගහේ ඉන්න තුරා ඌ නොමැරී ඉන්නත් ඕන. වැරදිලාවත් ඌ මැරුනොත් අපිටත් බඩුම තමයි. මතක ඇතිව දිමිය ආපහු ගහේම තියන්න ඕන. මොකද ආපහු ඒ ගහේ නගින්න ඕන නේ. ඒ කියන්නෙ අනිත් දවසෙ ඌම අල්ල ගන්න ඕන නෑ හොඳේ.

ඉතින් ඔය ක්‍රමෙට ගස් නගින්නව ගේමක් නැ. ඉතින් ඒ දවස් වල පන්ති ගියාම මම ඔය විදියට වැඩ්ඩ වගේ දිමියො ඉන්න ගස්වල නැගල කකුල් දෙකෙන් අත්තක එල්ලිලත් ඉන්නව. ඒ දවස් වල පංති තිබ්බ ගෙදර ජම්බො පේර ගහක් තියෙනව දිමියො හන්ඳ ගෙදර අයවත් ගහ ලගට කිට්‍ටු වෙන්නෙ නෑ. ඉතින් මම ඕක යාලුවන්ටත් කියල දීල කට්ටියත් එක්ක ඔය ගහ ඉවර කරනව. අපි කැඩුවම ඒ ගෙදර අයටත් දෙනව. හරියට ගහ අපේ වගේ. ඔය වෙනකොට දිමිය මගදි ගියොත්, බඩුම තමා කියල දන්නෙ නෑ. ඉතින් දිමිරජ දහනක් වන ඔය ගහේ ඉන්න දචසක මට දිමියොටික වටකරගෙන ගේම දුන්න, එකෙ තරම කියනවනම් මම ගහෙන් බිමට වටිල තමා නැවතුනේ. ඉතින් බැලින්නනම් දිමිය ඉනේ නැ. ඉතින් ඔය සිද්දියෙන් පස්සෙ පංති යනකොට සොපින් කවරයකුත් අරං යන්ව. දිමියෙක් අල්ලල සොපිං එකට දාගන්නව උඩ සාක්කුවට දාගන්නව.

ඉතින් කාලෙකට පස්සෙ ඔය කෙම උපයෝගී කරගෙන අද අඹ ටික කඩල දැම්ම. කට්ටිය දැන් වතු පාලු කරනව එහෙම නෙවෙයි හොඳේ.
Read More

Friday, June 8, 2012

// // Leave a Comment

Text-Editing Keyboard Shortcuts



අන්තර්ජාලයේ ලිපියක් කියවද්දි හිතුන මේ ගැන චිස්තරයක් දාන්න ඕන කියල. මොකද Typing වලදී Shortcut  key කියන්නෙ ගොඩක් වැදගත් දෙයක්. මේව හොදට මතක අයත් ඉන්නව. ඉතින් මේ ටික දාන්නෙ Save කරගෙන පාඩම් කරාවි කියන බලාපොරොත්තුවෙන් නෙවෙයි. නිකමට ඔය කී ටික බලන්න. නොදන්න ඒවත් තියේවි. දන්න අමතක වෙලා තියෙන ඒවත් තියේවි. අයිත් මතකෙට ගන්න තමා මේ දාන්නෙ.
මෙම කී ගොඩක් සොෆ්ට්වෙයා එක්ක වැඩ  කරනච. වෙබ් බ්‍රවුසර් එකේ උනත් වැඩ.

Working With Words

Ctrl+Left Arrow – Move cursor to beginning of previous word.

Ctrl+Right Arrow – Move cursor to beginning of next word

Ctrl+Backspace – Delete previous word.

Ctrl+Delete – Delete next word.

Ctrl+Up Arrow – Move cursor to beginning of paragraph.

Ctrl+Down Arrow – Move cursor to end of paragraph.

Mac Users: Use the Option key instead of the Ctrl key.


Moving the Cursor

Home – Move cursor to beginning of current line.

End – Move cursor to end of current line.

Ctrl+Home – Move cursor to top of the text entry field.

Ctrl+End – Move cursor to bottom of the text entry field.

Page Up – Move cursor up a frame.

Page Down – Move cursor down a frame.


Selecting Text

Shift+Left or Right Arrow Keys – Select characters one at a time.

Shift+Up or Down Arrow Keys – Select lines one at a time.

Shift+Ctrl+Left or Right Arrow Keys – Select words – keep pressing the arrow keys to select additional words.

Shift+Ctrl+Up or Down Arrow Keys – Select paragraphs.

Shift+Home – Select the text between the cursor and the beginning of the current line.

Shift+End – Select the text between the cursor and the end of the current line.

Shift+Ctrl+Home – Select the text between the cursor and the beginning of the text entry field.

Shift+Ctrl+End – Select the text between the cursor and the end of the text entry field.

Shift+Page Down – Select a frame of text below the cursor.

Shift+Page Up – Select a frame of text above the cursor.

Ctrl+A – Select all text.


Editing

Ctrl+C, Ctrl+Insert – Copy selected text.

Ctrl+X, Shift+Delete – Cut selected text.

Ctrl+V, Shift+Insert – Paste text at cursor.

Ctrl+Z – Undo.

Ctrl+Y – Redo.


Formatting

Ctrl+B – Bold.

Ctrl+I – Italic.

Ctrl+U – Underline.



Functions

Ctrl+F – Find. This opens the find dialog in most applications to search for text — I’ve even seen it work in some applications that didn’t have a Find option in their menus.

F3 – Find next.

Shift+F3 – Find previous.

Ctrl+O – Open.

Ctrl+S – Save.

Ctrl+N – New document.

Ctrl+P – Print.

Alt – Activate application’s menu bar. You can use the arrow keys to select a menu option and the Enter key to activate it.

Alt+F – Open File menu.

Alt+E – Open Edit menu.

Alt+V – Open View menu.
Read More

Thursday, June 7, 2012

// // 2 comments

මදූෂා දිල්රුක්ෂි - 08




Derana Dream Star, යෞවනයේ ගී හැකියාවන්ට ‍තෝතැන්නක් කියන කාරනය අහඹුවක් නොවන යතාර්ථයක් වන්නේ එහි සංවිධානාත්මක, කලෝචිත ප්‍රබලත්වය නිසා බව ඔබත් මාත් දැනසිටි මතයක්. ඉතින් මම මේ සැරසෙන්නේ ඒ පිළිබඳ යලි යලිත් ලිපි ලියන්න නම් නොවේ.

එසේනම්, මාතෘකාව "මදූෂා දිල්රුක්ෂි"

මේ මගේ විශ්ව විද්‍යාලයේ (රුහුණ විශ්ව විද්‍යාලය ),
මගේ ෆැකල්ටි එකේ (Faculty of Science),
මගේ Senior Batch එකේ (3rd Year)
                                                                       ඉගෙනුම ලබන දක්ෂ ගීත ගායන හැකියාවක් ඇති අක්කා කෙනෙක්. ඉතින් මගේ මගේ මගේ හින්ද කියනව නෙවෙයි, විද්‍යාලයේ Function වලදී අක්කා ගී ගයනව කට ඇරන් බලං හිටපු හැටි මතක නිසා තමයි කියන්නෙ.

ඉතින් ඔන්න ඒ අක්කා  Derana Dream Star එකේ තම දක්ෂතා පෙන්වමින් ඉදිරියට යමින් ඉන්නව හරිම සතු‍ටුයි. ඉතින් මම කියන හින්ද නෙවෙයි, ඔයාලත්  Derana Dream Star බලනවනම් ඔයාලටත් පැහැදිලි වෙයි.

ඉතින් නාමල් යායට එන යන ඔයාලට කියන්න තියෙන්න මදූෂා දිල්රුක්ෂිගෙ දක්ෂතාවට ඔයාල එකඟනම් මදූෂා දිල්රුක්ෂිට සහයෝගයක් දෙන්න කියල, ඉතින් ඔයාලට කරන්න තියෙන්න

DDS [Space] අංක 08 යොදා 9900 ට SMS කරන්න
බොහොම ස්තුතියි.
Click "Like" to Share This With Your Facebook Friends
Read More

Wednesday, June 6, 2012

// // Leave a Comment

Fixed Database Access Deny - njDic

නාමල් Dictionary Program එක XP පරිගනක සඳහා Install කිරීමේදී User Account වලදී Database Access Deny ලෙස Error එකක් සමහර අයට මුහුණ පාන්න සිදුවෙලා තිබෙනවා.  මෙම ගැටලුවට හේතුව User Account වලට අදාල Folder එක Access කරන්න අවසර නොතිබීමයි (Admin Account වලට බලපෑමක් නැත).

මෙම ගැටලුව විසදීමට පහත උපදෙස් පිළිපදින්න.

මුලින්ම ඔබ නාමල් Dictionay Install කල Folder එකට සොයාගන්න
(Default Path is "C:\Program Files\The NDictionary").
දැන් "The NDictionary" Folder එක මත Write Mouse Button එක Click කර Properties ලබාගන්න.



එහි Security Tab එක යටතේ අදාල User Acount එක ‍තෝරාගෙන Permissions යටතේ Full Controll සඳහා Tick එක ලබාදී Apply කර Ok කරන්න.

Read More

Saturday, May 19, 2012

// // Leave a Comment

Exam දෙකම ඉවරෝ... & What's next?

Wooooo..., Exam දෙකම ඉවරෝ... කියල කියන්න තරම් සතුටක්. Bit Exam  එක ඉවර වෙලා හුස්මක් ගන්න ලැබුනෙ නෑ University එකේ Exam  එකත් පටන් ගත්ත. මාස දෙකක විතර කාලයක් ඒ වෙනුවෙන් කැප කරන්න උනා. වියදම් අදිකම සහ කාර්ය්‍ය බහුල ගිය සෙමෙස්ටර් එකත් එක්ක අලුත් Software මොනවත් කරන්න උනේ නෑ. Exam අස්සෙ කවුද මන්දන්නෙ නෑ සිංහල හින්දු අලුත් අවුරුද්දකුත් දාල. කොහොමින් කොහොම හරි වෙන සෙමෙස්ටර් වල නම් Exam කිට්‍ටු වෙනකොට මම CS කුප්පි ඔක්කොම කරන්න පුලුවන් තරමටම CS ටික ගොඩ දාගන්නව. ඒත් මේ පාර CS එක Subject එකයි සුපිරියට ගොඩදාගන්න පුලුවන් උනේ. ඉතින් Batch එකට සුපුරුදු පරිදි කලා ගොඩ දාගත්ත ඒ OS කුප්පිය. ඒ සොදුරු මතකයට නාමල් යායේ ඉඩක් වෙන් කරන්නත් හිතුන.



& What's Next 
නාමල් ඩික්ෂනරියේ Beata Virsion එකෙන් මිදිල Full Release එකක් කරන්න Developing කටයුතු ටික කලත් Video එකක් කරන හිතුන නිසා එක කරනකන් Release එක කල් ගියා. ඉතින් මාසයක් වගේ ඇතුලත ඒ ටිකත් කරල දාන්නත් ඕන. ඒ වගේම ඊලග සෙමෙස්ටර් එකේ තවත් අලුත්ම Software එකකට අත ගහන්න කියල තමා හිතා ගෙන හිටියෙ. ඒත් ඒක World wilde ගෙනියන්න පුලුවන් වෙයි කියල හිතුන නිසා ඉක්මන් නොවී ටිකක් Profesional විදියට කරන්න ඕන. ඒ හින්ද ඉකමනට කරන්න තිබ්බ අදහස වෙනස් කරගත්ත. කාටත් ප්‍රයෝජනවත් වෙයි කියල නම් ෂුවර් එකක් තියෙනව. කොහොම වුනත් Free ම තමා දෙන්නෙ. ඉතින් Software  එකකටත් අතගන්නෙ නැති නිසා ඊලග සෙමෙස්ටර් එක පුරාම නාමල් යායෙන් ඔයාලට Technology ගැන දැනුවත් කිරීම ලිපි  ගොඩක් දෙන්න කියල හිතාගෙන ඉන්නව. බලමු කාලය මැනේජ් කරගෙන කොහොම හරි ඒ දේත් කරන්න.
Read More