
මන බැන්දුවේ මා සෙනෙහේ ලතා
මනමාලියක් වී වෙනතක් බැලූ දා
පරවී ගියේ නෑ මගෙ චේතනා
නිමවූ කතාවන් ගොළු වී තියේ
දෙනෙතේ මැවේ ඔබේ හසරැලි සිතේ
කඳුළක් වුණා ඔබේ
සෙනෙහේ මගේ ලොවේ
දෑසේ කතාවෙන් ...
අද හෝ හෙටින් හෝ මතු කවරදා
තනිවූවොතින් ලොවේ ඔබෙ කල්පනා
පිළිගන්නෙමි සදා
මා ඔබේම වේ එදා
දෑසේ කතාවෙන් ...
0 comments :
Post a Comment