Sunday, June 4, 2017

// // Leave a Comment

දෑසේ කතාවෙන් හස‍රැල් ලතාවෙන් (Dase kahtawen hasarel lathawen) Song

දෑසේ කතාවෙන් හස‍රැල් ලතාවෙන්
මන බැන්දුවේ මා සෙනෙහේ ලතා
මනමාලියක් වී වෙනතක් බැලූ දා
පරවී ගියේ නෑ මගෙ චේතනා

නිමවූ කතාවන් ගොළු වී තියේ
දෙනෙතේ මැවේ ඔබේ හස‍රැලි සිතේ
කඳුළක් වුණා ඔබේ
සෙනෙහේ මගේ ලොවේ

දෑසේ කතාවෙන් ...

අද හෝ හෙටින් හෝ මතු කවරදා
තනිවූවොතින් ලොවේ ඔබෙ කල්පනා
පිළිගන්නෙමි සදා
මා ඔබේම වේ එදා

දෑසේ කතාවෙන් ...



Read More