Wednesday, June 1, 2016

// // 3 comments

විරහ වේදනාව පාලනය/සමනය? (How to ease the pain of separation.)


විරහ වේදනාව කියන්නෙ තරුණ කාලෙ ගොඩක් දෙනෙක්ට විදින්න වෙන ඉතාම දරුණු වේදනාවක් කියන එක කියනවට වඩා ඉතින් ඒ වේදනාව විදලම තමයි දැන ගන්න වෙන්නෙ ඒකෙ දරුණු කම. මොකද මටත් ආදරේ දැනෙන්න කලින් විරහ වේදනාව විදින අය දැක්කත් හිතුවෙ නෑ ඕක ඔය තරම් අමාරු දෙයක් කියල. කාලයත් එක්ක ඔය ඕන ප්‍රශ්ණයක් විසදලා ගියාට ඒ වේදනාව ගොඩ කාලයක් තියෙනව කියන එකත් අත්දැකීමෙන්ම ලබන්න ඕනි. සමහරු මේ වේදනාව විදදරාගන්න බැරුව සිය දිවි හානි කරගන්න තත්වයට ඇද වැටීම අරුමයක් නොවේ යන්නත් කියන්න ඕනි. ඒත් ජීවිතේ කියන්නෙ කෙනෙක්ට ආදරය කිරීමම නෙවෙයි. විද්‍යාත්මකව ඔප්පු කරල තියෙන විදියටනම් අපේ ජීවිත කාලෙන් ආදරේ සහ Sex වෙනුවෙන් ගත කරන්නෙ ජීවිත කාලෙන් 1%ක් තරම් ප්‍රතිශතයක්ලු. දවස් ගාන අනුවනම් දින 200ටත් අඩුයි. ඒත් ආදරේ නැති වෙලා ගියාම දැනෙන දුක අනිත් හැමදේටම වඩා ලොකු කියන එකනම් තර්කයක් නෑ. ජීවිතේ ලොකු දෙයක්. ඒක තේරුම් ගන්න රාමුවෙන් එලියට හිතන්න වෙනව. ‍රැඩිකල් වෙන්න වෙනව. සාමාන්‍ය මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් වලින් එහාට හිතන්න වෙනව. රගය කියන්නෙ මිනිස් සිතේ පිළිසිදෙන ආශාවලින් බලවත්ම ආශාව. ඒක ඉ‍ටු කරගන්න ඕනි තරම් ක්‍රම තිබ්බත් තමාගෙ සිතුම් පැතුම් වලට ගැලපෙන කෙනා සොයාගන්න ලේසි නෑ කියන කාරනාව නිසාද මන්ද ආදරේ කියන එකෙන් ඇතිවන විරහව ඉතාම දරුණුයි. මේ දවස් වල ගොඩක් අය ආදරේ හේතුවෙන් වස බීල/ඟගට පැනල/ගිනිතියාගෙන මැරිල තමන්ගෙ විරහ වේදනාවෙන් මිදෙන්න උත්සාහ කරන නිසා මම හිතුව මගේ අත්දැකීම් Share කරල කාගෙ හරි ජීවිතයකට සහනයක් වෙන්න. මොකද මැරුන කියල ගිය අයගෙ හිතේ ආදරයක් ඇතිවෙන්න නැති නිසා.. මොකද ඕනම කෙනෙක් අපිට ආදරේ කරන්නෙ අපෙන් එයා ආස දේ ගන්න. ඒකට තමයි කාටවත් විස්තර කරගන්න බැරි ආදරේ කියල නාමයක් දාගෙන දඟලන්නෙ.

ජීවිතේ කියන්නෙ හෙට උනත් සුවර් නැති දෙයක් නිසා අපේ ජීවිතෙන් පවුලට, සමාජයට, රටට, ලෝකෙට ලොකු වැඩක් කරන්න තියේනම් මේ මොනවත් වටින්නෙ නෑ නේද කියන සිතුවිල්ල හිතට ආවත් විරහ වේදනාව පාලනය කරගන්නෙ නැතුවනම් මොන සිතුවිල්ල සිතට ආවත් පරාජය වෙනව. විරහ වේදනාව ටික කලක් යද්දි නොදැනීම අපේ හිතෙන් වියකිලා ගියාම ඔයාට දැනෙයි ඔයා වැරදි තීරනයක් අරන් ජීවිතේ නැති කරගත්තනම් මොන මෝඩ කමක්ද කියල. 

විරහ වේදනාව කියන දේ නැත්තටම නැති කරන්න නම් ඉතින් සියදිවි හානි කරගත්ත කියල වැඩක් නෑ.. මොකද බුදු දහමෙ හැටියට සිය දිවි හානි කර ගන්නව කියන්නෙ ඉතින් ලොකුම පවක්. මිනිසත් බව ලබන්න කොච්චර පිං කරන්න ඕනිද. ඒ ඔක්කොම වතුරෙ යන්ව අන්තිමට. එක හරියට Video Game එකක Coin 1000ක් ගෙවල Enter වෙලා වෙඩිකාල මැරුණම ආයේ Coin 1000ක් හොයන්න කාලය වැය කරනව වගේ. ඒත් ඒ තරම් ලේසි නෑ.. මතක තියාගන්න.

හරි හරි දැන් බලමුකො මේ විරහව පාලනය කරගන්න අපිට මොනවද කරන්න පුලුවන් කියල. පාලනය කරනව කියල කිවුවෙ මේකෙන් සම්පූර්ණයෙන්ම  මිදෙන්න නම් ඉතින් බුදු දහමෙ හැටියට මාර්ග ඵල ලබන්නම වෙනව. ඒත් ඉතින් මේ වේදනාව තියාගෙන නම් මාර්ග ඵල ලබන්න බෑ.. ඒකට ඉස්සෙල්ලම ඒ වෙදනාව පාලනය කරගන්න වෙනව. එනම් අඩු කරගන්න වෙනව. මම මේ කියන දේවල් මම විසින් හොයාගත් ක්‍රමයක් මිසක් විද්‍යාත්මකව ඔප්පු කරපුව නෙවෙයි. ඒ නිසා ඔයත් මේ වෙදනාවෙන් දුක් විදිනවනම් අත්හදා බලල Progress එක පහල Commet කරල යන්න අමතක කරන්න එපා.. ඒ වගේම ඔබගෙ දුක තව කාට හරි කියන්න පුලුවන් නම් ගොඩාක් වටිනව. ඒත් එහෙම කරන්න බැරි විටදි මේ Steps ගොඩක් වටීවි.

Step 1) මුලින්ම ඔබේ වේදනාව උපරිමයටම ගෙන යන්න පුලුවන් අම්බානෙට හිතට දැනෙන විරහ ගීතයක් ‍තෝරාගන්න. කවුරුවත් නැති තැනක තනිවෙලා මේ ගීතය ඇති තරම් අහන්න. බය/ලැජ්ජ වෙන්න එපා මේ වලාවට ඇති තරම් අඬන්න. 

(ඇඬීම කියන්නෙ මිනිසාගේ අසමතුලිත හැගීම් වලට බලපාන රසායනයන් අපේ ශරීරයෙන් ඉවත් කරන්න දීපු උපක්‍රමයක්. ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මනසික රෝගින් වැඩි වශයෙන් සමාජයේ සිටින්නෙ පිරිමි වීමට හේතුව පිරිමි අඩන්න බය හෝ ලැජ්ජ වීමයි. ඇඬීම වගේම ස්වයං වින්දනයත් මිනිස් සිත තුල සහන සීලී සිතුලි නිපදවන්නට අවශ්‍ය හෝමෝන නිදහස් කරන බව මතක තියාගන්න.)

Step 2) Step 1 නැවත නැවත සිදු කරන්න. එක දවසකින් ඉවර කරන්න පුලුවන් දෙයක් නෙවෙයි මේක. ඒ වගේම එකම සින්දුව හොඳද. වෙනත් විරහ ගීත ඒ අතරෙ අහන්න එපා.. මෙහි රහස නම් ඔබ අත්දැකීමෙන්ම දන්නව ඇති එකම සින්දුව අපි කීප දවසක් අහනකොට එපාවෙලා යනව. අන්න ඒ වගේ ඔබ අහන විරහ ගීතය ටික දවසකින් ඔබට එපා වෙනව. ඒ එපා වීමත් සමග ඔබේ හිතේ ඒ ගීතය සමග මතු වූ විරහ හැගීම් සියල්ලද නැතිවී යනු ඇති.

Step 3) ඔබ සින්දුව අසන අතර තුරේ ඔබට ඇය/ඔහුගේ ආදරේ,හොඳ ගතිගුන ආදිය මතක් වෙයි ඒ වෙලාවට හිතෙයි මේ වගේ ආදාරයක් මම කොහොම හොයාගන්නද කියල. ඒ සිතුවිලි වලට ඉඩ දෙන්න. හැබැයි ඒ ගැන හිතල අඬන්න. ඇයට/ඔහුට කියන්න තියෙන දේවල් කොලයක ලියන්න. ඒ දේවල් ඇයට/ඔහුට ලැබෙන්න සලස්සන්න පුලුවන් නම් හොඳයි. එහෙම බැරිනම් ඒව දුන්න කියල හිත හදා ගන්න. ඒව දුන්නම තවත් ප්‍රශ්ණෙ වැඩිවෙයි කියල හිතෙනවනම් නොදී ඉන්න එක හොඳයි. ඔබට ඔබගේ වැරදි මතක් වෙයි. ඒව ගැන හිතල අඬන්න. ඒවන් වැරදි ආයේ කරන්නෙ නෑ කියල තමාටම පොරොන්දු වෙන්න. මොකද මිනිස්සුන්ට වරදිනව. ඒව හදාගෙන ඉස්සරහට යන්න එක තමයි කරන්න ඕනි. අත්දැකීම් තියෙන්න ඕනි ජීවිතේ ලස්සන වෙන්න. හමදේම තවකෙනෙක්ගෙන් ඉගෙන ගන්න බෑ නේ.. ඒත් කතාවක් තියෙනව හැමදේම අත්දැකීමෙන් ඉගෙන ගන්න ගියොත් ජීවිතේ ලස්සන කරගන්න අයුෂ මදිවෙනව කියල. ඒ නිසා පොත් පත්, Film, ටෙලි නාට්‍ය, උගත් පුද්ගලයන්ගෙන්, යාළුවන්ගෙන් ඉගෙන ගන්න.

(මටනම්  ජීවිතේ ඉගෙන ගන්න ඕන Film බලන්න කාලයක් තිබ්බෙ නෑ.. මට තිබ්බ ඊට වඩා දේවල් ඉගෙනගන්න. ඒ නිසා මම ජීවිතේ ගැන ඉගෙන ගත්තෙ අත්දැකීම් වලින්. ඒ අතින් මම දුර්වලයි. ඒත් අපේ ජීවිතේ හැමදේම කරන්න බෑනේ.. මග ඇරෙන දේවල් ඕනි තරම් තියෙනව. සමාජය වෙනුවෙන් ලොකු දෙයක් කරන්න තියෙන හීනෙ විතරයි මට තියෙන්නෙ.)

Step 4) සින්දු අහන අතරෙ මේකනම් අනිවාර්යෙන් කරන්න. පුලුවන් තරම් ඇයගේ/ඔහුගේ අඩුපාඩු ගැන හිතන්න. ඒ වගේම මේ රටේ ඕනි තරම් කෙල්ලො/කොල්ලො ඉන්නෙ ඇයි මම මේ එක්කෙනෙක් වෙනුවෙන් දුක් වෙන්න කියන වගේ සිතුවිලි හිතන්න. ඒ වගේම වෙන කෙනෙක්කුගේ ලස්සනක්/ගුන යහපත් බවක් සමග සසදා බලන්න (හැබැයි ආදරේ කියන තැනදි ඒ වගේ සිතුවිලි ගැලෙපෙන්නෙ නෑ තමයි, එහෙම කරන්න එපා. ඒත් වැදගත් වෙන්නෙ ඉක්මනින් ඔයාගේ හිත හදා ගැනීම). ඒ වගේම් මේ ගත්ත හුස්ම ටික ඔබගේ/ඔහුගේ/ඇයගේ අවසන් හුස්ම පොද විය හැකි බව සිහි කරන්න. ඔහු/ඇය සමග එකතු වීමෙන් තව ප්‍රශ්ණ ඇති වී තව තවත් වේදනාව පත් වෙන්න පුලුවන් නේද කියල හිතන්න. කෙතරම් ලස්සන/ගුනයහපත් උවත් ඒ සියල්ල කෂනයකින් නැති වෙන්න පුලුවන් දේවල් නේද කියල මෙනෙහි කරන්න.


Step 5) ජීවිතයට නව අභියෝගයක්/අරමුණක් ලබාගන්න. ඇය/ඔහු ඔබව දාල යෑමට හේතුව පරාජය කරල ඇයගෙ/ඔහුගෙ ආදරේ නැවත ලබාගන්න වගේ හැගීම් (නරක දෙවල් නම් කරන්න එපා. ආයෙ කරදර වැඩි වෙන එක විතරයි.). එහෙමත් නැත්නම් පවුලට, සමාජයට, රටට ඔබට කරන්න පුලුවන් දෙයක් වෙනුවෙන් නව අරමුණු ඇති කරගන්න. හැබැයි හොඳ දේවල් හොඳද.


Step 6) ටික දවසක් ඉහත Steps කරල ඉවරවෙද්දි ඔබට සින්දුවත් එපා වෙලා ඔබගෙ විරහ හැගීමුත් ඉවර වෙලා තියේවි. නමුත් ආයෙ මේ සිතුවිලි ඔබේ හිතට එන්න ඉඩ තියෙනව. එහෙම නොවෙන්න ඔබ ඔබගේ කාළය නව අරමුණු වෙනුවෙන්, විනෝදංශයක් වෙනුවෙන්, හෝ යාළුවන් වෙනුවෙන් හෝ යොදවන්න. වැරදිලාවත් ආයේ මේ සිතුවිලි ඔබගේ හිතට ආවොත් නැවත වෙන සින්දුවක් ‍තෝරාගෙන ඉහත Steps පිළිපදින්න. හැබැයි සින්දු දෙකකට එහාත් ඔබගේ වේදනාව පහව යන්නෙ නැත්නම් වෙන උපක්‍රමයකට යන්න.


මේ විරහවට  වෛද්‍ය වරයෙක්  බෙහෙත් අනුමත කරන්නෙ නෑ. කොහොම උනත් ඔබට මේ විරහව පාලනය කරගන්න තවදුරටත් අමාරුනම් මානසික වෛද්‍ය වරයෙක් හමුවෙන්න. එය ඔබටත් ඔබගේ පවුලේ අයටත් හෝ ඔබට අහිමි වෙලා කියල හිතුනත් ආයෙ ලැබෙන්න පුලුවන් ඇය/ඔහු වෙනුවෙන් කරන්න. ඔබගේ අදහස්/යෝජනවා/Progress එක පහලින් Comment කරල යන්න අමතක කරන්න එපා.

ආදරේ දිනාගන්නකම් අපිට ඔහු/ඇයගෙ හොඳමයි පේන්නෙ. ආදරේ දිනා ගත්තායින් පස්සෙ අපිට පේන්නෙ ඇයගෙ/ඔහුගෙ අඩු පාඩුමයි. ඉතින් ආදරේ කරන අයට මම දෙන උපදේසෙ නම් ඔය දේවල් තෙරුම් අරන් ආදරේ කරන්න. ආදරේදි ඔබෙන් උන අඩුපාඩු ගැන සටහනක් තබාගෙන ජීවිතේ ඊලග ආදරයට සාධාරනයක් ඉ‍ටු කරන්න වග බලාගන්න. ජීවිතේ දුක් කම්කටොලු එමටයි. ඒවගෙන් පාඩමක් ඉගෙන ගෙන ජීවිතේ ඉදිරියට යන්න ඔයාටත් ලැබෙන්න කියල මම පතනව.

3 comments :

  1. මටත් තිබුනා ඉස්කෝලේ යන කාලේ පොඩි Love Case එකක් දැන් නම් මතක් වෙනකොටත් හිනා යනවා.. ආදරේ ගැන එදාට වඩා අද අත්දැකීම් තිබුනත්, එදා තිබුන අත්දෑකීම් එක්ක සන්සන්ඳනය කරනකොට එදත් එකේ අඩුවක් තිබිලා නෑ කියල නම් මට හිතෙනවා .. නමුත් ගෑනු පිරිමි කියල බේදයක් නෑ අම්මා හැර අපි ලඟ ඉන්න අය කවුරුත් ඉන්නේ එයාලට අපෙන් දෙයක් ලබා ගන්න තියෙනවනම් විතරයි. මේක තමයි පිලිගන්න අමාරු වුනත් සමාජ යතාර්ථය. ඒත් හැම අම්මා කෙනෙක්මත් එහෙම නෑ ....

    ReplyDelete
  2. මේ ආටිකල් එක දැක්කෙ නම් අද මම.ඒත් මේකේ තියන ස්ටෙප් 1 ,2,3 තුනම මම කලා මාස තුනකට කලින් ඉඳන්.ඇත්තටම ඒක තරමක් දුරට සාර්ථකයි.මම ඉන්නෙ දැනට විදෙස්ගතව.

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතු‍ටුයි. ස්තුතියි.

      Delete