Saturday, February 16, 2013

Saturday, February 16, 2013
3



පුන් ස‍ඳෙහි දිස්නෙන් සැරසී රන් කදක් සේ දිලී
තුන් හිතේ ඉන්නට පැමිණී නිල් නුවන් කැල්මකී
එලෙස බැල්මෙන් සොරාගත් මහද ඔබගෙයි කියා ගත්
සිහින දෙව්දූ මගේ ඔබ පතමී දිවි හිමියෙන්

සතොසේ සේ මා වින්දාවූ ඇසුරයි ඔබෙ ආදරේ
රහසේ රස වින්දා වූ ඇසුරයි ඔබෙ ආදරේ//

පහසින් පීදී අහසට හිනැහී මහද වදුලේහි මල් සේ පරවුනා
ඔබගැන පැතුමන් එබදුම විලසින් මන්ද ගැඹරෙන් යළිත් පිබිදුනා
එලෙස බැල්මෙන් සොරාගත් මහද ඔබගෙයි කියා ගත්
සිහින දෙව්දූ මගේ ඔබ පතමී දිවි හිමියෙන්

සතොසේ සේ මා වින්දාවූ ඇසුරයි ඔබෙ ආදරේ
පනසේ ඔබ ‍රැක්කා වූ ඇසුරයි මගෙ ආදරේ
රහසේ රස වින්දා වූ ඔසුවයි මගෙ ආදරේ
සතොසේ සේ මා වින්දාවූ ඇසුරයි ඔබෙ ආදරේ

හසදී හසදී සුවදී සෙනෙහස එවෙසම මුහතේ
දුකදී සුවදී රසදී දිවියම සදහට පවතී
ඔබගේ සිනාවේ මෑහී, හයෙයි
හසදී හසදී සුවදී සෙනෙහස එවෙසම මුහතේ
දුකදී සුවදී රසදී දිවියම සදහට පවතී

නිම්හිම් නැතිවී හමුවූ දවසේ ඔබගෙ හැඩරූ මුලින් නැරඹුවා
තුරුලට ගුලිවී පහසට සිරවී සතුට මෙතුවක් සැනින් ඇරඹුවා
එලෙස බැල්මෙන් සොරාගත් මහද ඔබගෙයි කියා ගත්
සිහින දෙව්දූ මගේ ඔබ පතමී දිවි හිමියෙන්

සතොසේ සේ මා වින්දාවූ ඇසුරයි ඔබෙ ආදරේ
පනසේ ඔබ ‍රැක්කා වූ ඇසුරයි මගෙ ආදරේ
රහසේ රස වින්දා වූ ඔසුවයි මගෙ ආදරේ
සතොසේ සේ මා වින්දාවූ ඇසුරයි ඔබෙ ආදරේ

3 comments:

  1. නියම ලියල.ගොඩාක් කාලෙකින් නේ

    ReplyDelete
  2. @naleen Hmm..
    @ ඔව් mcn, Exam තිබ්බ නේ.

    ReplyDelete