Saturday, November 3, 2012

// // 1 comment

සඳ රේණු වෑහෙනා - Sanda Renu Wahena





සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලගින්
හද පිරුනු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්
සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලගින්

පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
ඒනමුත් මගේ හදින් වෙන් වන්නෙ නෑ
දෙතන තනිවී සදා හෙලන සුසුමන් නිවා
ඔබ ඉන්න මගේ ලගින්

තිබුනත් හදේ පැතුමන් ඉ‍ටුවන්නෙ දෝ
ඔබ ගැන පැතූ සිතින් වැළපෙන්න දෝ
කදුලු හස‍රැල් මවා මසිත ලතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ලඟින්


1 comment :

  1. මටනම් ලස්සන ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහත්මය කියන සින්දුව.

    ReplyDelete