Tuesday, November 27, 2012

// // Leave a Comment

Iwasaida manda - ඉවසයිද මන්දා



ඉවසයිද මන්දා මා දුන් රිදුම්
වෙන්වීල ආ දා වෙනතක් බලන්
උන්නාට මා රහසේ තුරුල්ලක හෙමින්
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්
තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්
තව කදුලු නෑනේ දෙනෙතේ ඉතින්
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැතිවුනා සත්තයි හෙමින්

ගොළු වෙච්ච තරු දෑසේ කදුළැල් උනන්නේ
දරාගන්න බෑ නේ මතකේ විලාපේ
ආදරේ ඔබෙන් තරම් ලබුනෙ නෑ කාගෙන්වත්
‍රැක ගන්න බැරි උනි ඒ සංසාර ආදරේ
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැති වුනා සත්තයි හෙමින්

මේ පාළු දුක් සිහිනේ අතරමං වෙලා බොහො සේ
ආයෙ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ
ජීවිතය වැ‍ටුනු තරම් නැගිට ගන්න බෑ ආයේ
මැරි මැරී උපදී මේ සංසාර ආදරේ
උන්නාට මා රහසේ තුරුල්ලක හෙමින්
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්

ඉවසයිද මන්දා.........




0 comments :

Post a Comment