දුරස් වන්නට සිතන හැමවිට තවත් ලංවෙනවා
මතක නැතිකර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා //
සතුට සපිරුන නැවුම් ලොවකට සෙනෙහෙ දම් පිරුවා
අපට අප නැති ලොවක් පිළිබඳ සිතන්නත් බැරුවා //
දුරස් වන්නට සිතන සැමවිට තවත් ලංවෙනවා
මතක නැති කර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා
සිතට සුවයක් ගෙනනෙන සැනසුම සදන දිව අදුනක්
නෙතට එලියක් ගෙනෙන නොනිමෙන දොලොස් මහ පහනක් //
දුරස් වන්නට සිතන සැමවිට තවත් ලංවෙනවා
මතක නැතිකර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා //
සිතේ රජ වෙනවා... සිතේ රජ වෙනවා... //

0 comments:
Post a Comment