Saturday, July 23, 2011

// // 62 comments

techkathaOffliner



ඔන්න එහෙනම් කවුරුවත් දන්නෙ නැති නිවුස් එකක් තමයි කියන්න යන්නෙ. මේ සොෆ්ට්වෙයා
එකක් ගැන නිවුස් එකක්. කවුරුවත් දන්නෙ නැති සොෆ්ට්වෙයා නිවුස් එකක් කොහෙද කියල
කට්ටිය බලනව ඇති නේ. මේ සොෆ්ට්වෙයා එක ගැන කියනවනම් නම තමයි techkathaOffliner [ටෙක්කතාඕෆ්ලයින(ර්)].


[කවුරුත් ටෙක් කතා ගැන දන්නවනේ. (දන්නැත්ද:- www.techkatha.com කියන්නෙ අපිට පරිගනක ගැන මතුවන ගැටලුවලට විසදුම් ගන්න පුලුවන් කමියුනිටි එකක්. )]

techkathaOfflinner වැදගත් වෙන්නෙ හිතුණු හිතුණු වෙලාවා ඉන්ටර්නෙට් යන්න බැරි අයට තමයි එහෙම කියල නොකියව ඉන්න එපා. ඔයාලගෙ නෙට් පැකේජ් එකේ ඩේට ඉතිරි කරගන්නත් කාලය ඉතිරි කරගන්නත් මේක වැදගත් වෙයි.

කරන්න පුලුවන් දේ කිවුවොත් මෙහෙමයි. ඔයාලට විසඳගන්න බැරි පරිගනක ගැටලුවක් මතුවුනොත් මතක්වෙන එකම තැන ටෙක්කතානේ. ඉතින් ඒ ගැටලුව කලින් කතාකරපු ගැටලුවක් නම් ටෙක්කතා සයිට් එකේ සර්ච් කරල විසඳුම අහන්න පුලුවන්නෙ. ඉතින් මේකට ඕනවෙලාවට නෙට් යන්න පුලුවන්වෙනන් ඕන. ඒවගේම වැඩේට ඩේට කොහොම වැයවෙයිද දන්නෙත් නෑනේ. තව ටයිම් එක හොයාගෙන සීක් කර කර ඉන්නත් එපාය නේ. කොහොමවුනත් කට්ටිය ටෙක්කතා එපිසොඩ් ටික බාගෙනනේ තියෙන්නේ. ඉතින් මේ බාගත්තු  ටිකෙන් ප්‍රයෝජන ගන්නනම් ටිකක් මහන්සිවෙලා බාගත්තු වෙබ් පේජ් ටික බල බල කාලය වැය කරල ගොඩක් ඒව අහන්න වෙනවනේ. මේ ඔක්කොටම ඕෆ්ලයින් විසදුමක් තමයි techkathaOfflinner සොෆ්ට්වෙයා එක. ඔයාලට එන ගැටලුව සර්ච් කරල එන විසදුම් ටිකෙන් අහන්න ඕන ප්‍රශ්න ටික සෙලෙක්ට් කරල ප්ලේ කරන්න විතරයි තියෙන්නෙ. අදාල Title ටික ඔටෝමැටිකලිම ප්ලේ වෙනව. සිම්පල්ද?

මාත් ඉතින් කැම්පස් කොල්ලෙක් වුනාට තාම ඩොන්ගල්නම් යාලුවන්ගෙ පිහිට තමයි නැත්නම් කැෆේ තමයි.. ඉතින් නෙට් ප්‍රශ්නේ මට තියෙන හින්ද හදාගත්තු සොෆ්ට්වෙයා එක තමයි මේ. ඉතින් කාත් එක්කත් බෙදාගන්න කියල ඔන්න දෙනව.

කොහොමද බාවිතාකරන්නෙ.  (How to Use It)
මේහෙමයි පහල download ලින්ක් එකට ගිහිල්ල techkatha_Setup.exe බාගන්න. ඊට පස්සෙ Install කරගන්න.( Install එකක් කරන ආකාරය දන්නෙ නැත්නම් මේ මත ක්ලික් කරන්න.)

Install කරද්දි F:\ ඩ්‍රයු එක පාත් එක ලෙස තෝරාගත්තොත් ෆුල් පාත් එක වෙන්නෙ F:\Techkatha කියන පාත් එකයි.
Install එකෙන් පස්සෙ ෆෝලඩර් එක මෙහෙම තමයි පේන්නේ.


දැන් ඔයාල බාගෙන තියෙන ටෙක්කතා එපිසොඩ් ඔක්කොම Episode කියල තියෙන ෆෝල්ඩර් එකට කොපි කරන්න. පස්සෙදි ඔයාලගෙ එපිසොඩ් වල නම් අදාල වැඩසටහනේ අංකෙන් නම් කරගන්න.
උදා :- Techkatha-EP77-RealAudio  කියන නම 77 ලෙස නම් කරන්න
(මෙහෙම කරන්නෙ එක එක එපිසොඩ් වල එක එක නාම කරනයන් තියෙන නිසා)


File ෆෝමැට් එක මොකක් වුනත් කමක් නෑ (mp3/ ram/ ogg).

තව මුලදි නාමකරනයේ තිබුන ගැටලුවට විසදුමක් ලෙස හදුන්වාදීමේ වැඩසටහන 1 ලෙසද නම් කරන්න දෙවන වැඩසටහන 2 ලෙස නම් කරන්න. එතකොට 6-7 කියල එක වැඩසටහනක් නොව 6, 7 කියල වැඩසටහන් දෙකක් නම් වෙයි. එතකොට 55-56 කියන වැඩසටහන 55 කියල නම් කරන්න.

හරි දැන්Setup එක ඉවරයි. (මරු Setup එක නේද ) දැන් techkathaOffliner එක අරගෙන (Start --> techkathaoffliner --> techkathaoffliner) තමාගේ ගැටලුවට අදාල කීවර්ඩ් ටික ඉංග්‍රීසියෙන් හෝ සිංහලෙන් ටයිප් කරල සර්ච් කරල බලන්න.
සර්චින් ඔප්ෂන් 2ක් තියෙනව "All Text", "Any Text" කියල. දෙකෙන්ම ට්‍රයි කරල බලන්න.


අහන්න ඕන කියල හිතෙන Title එක මත Double කිරීමෙන් හෝ එය සෙලෙක්ට් කර Enter Key එක Press කිරීමෙන් ඒ අදාල ප්‍රශ්නයේ විසදුමට සවන්දිය හැක.

සිංහල ටයිප් කරන්න Real Time Unicode Converter එක බාවිතාකරන්නත් පුලුවන්.
ඒ සදහා Serch Box එක තුලදී Ctrl + Enter key Press කරන්න.
සින්ග්ලිෂ් ක්‍රමයට ටයිප් කරල එන්ටර් කරල සර්ච් කිරීමටද එන්ටර් කරන්න.



ඊටපස්සෙ අදාල මාතෘකා ටික ආවම තමාට වැදගත් නැති මාතෘකා තියේනම් Select කරල ලිස්ට් එකෙන් ඩිලීට් කරල දාන්න.


දැන් මුල් මාතෘකාව සෙලෙක්ට් කරල ප්ලේ කරන්න. එතකොට අදාල විසදුම් ටික ප්ලේ වෙයි. ඔයාට
තියෙන්නෙ නිදහසේ අහගෙන ඉන්න විතරයි.

එහෙම නැත්නම් අදාල ටික Select කරල Play Selected දෙන්න. OK,

ඉතින් මේ සොෆ්ට්වෙයා එක දැන්යාලගෙ නිසා හොඳ/චෝදනා වගේම Error කොමෙන්ට් එකක් දාල එහෙම සප් එකක් දෙන්නකෝ. තව වැඩිදියුනු වෙන්න ඕන විදිය එහෙමත් කියන්නකෝ.

මුල් එපිසොඩ් වල කතා කරපු මාතෘකා වෙබ් පේජ් එකේ දාල තිබුනෙ පිලිවෙලට නෙවෙයි. මට ඒක මීටර් වුනේ පස්සෙදි. එක හින්ද සමහර ඒවගේ (Episode 5ක 6ක) ටයිම් එක වැරදියි. ඒවගේ මාතෘකාවට අදාල නැති දෙයක් කාතා කරන තැනක් සෙට් වුනොත් කමෙන්ට් එකකින් දන්වන්න.



සමහර එපිසොඩ් ෆෝමට් (ram)  File Play වෙන්න නම් VLC Player එක install කරල තියෙන්න ඕන.
ඒත් ප්ලේ වෙන්නෙ නැත්නම් මෙන්න මේ Real Alternativ Player එක Install කරල බලන්න.
(Rar Password = realalt122) (පාස්වර්ඩ් එක ෆයිල් එකේ නමමයි.)


වැඩසටහන් 21 සිට 46 දක්වා වැඩසටහන් වල දත්තනම් නෑ,  ඒ ටිකේ ටයිම් හදන්න තාම පටන් ගත්තෙවත් නෑ. එහෙම කිවුවට කීපයක කරන්න පුලුවන් වුනා. හැබෑයි ටයිමින් අදාල මාතෘකා එක්ක ගැලපෙනවද කියල බල එකම දේ Episode එකේ තැන් කීපයක කතාකරල තියෙනවද බලල නිවැරදිව දාන්නත් ඕනනේ. ඒ ටික දාලා Full Version එක ඉක්මනට දෙන්න ට්‍රයි කරන්නම්. ඒ වගේම episode 3ක් විතර අලුතෙන් එකතු වුනාම ඒවට අදාල Timing, Title සහිත Update එක ලබාදෙන්නම්.

Update කරන්න Update ෆයිල් එක බාගෙන Update Button එක ක්ලික් කරල Update ෆයිල් එක සෙලෙක්ට් කරල Open කරන්න එච්චරයි.


ඔයාලට යම් Episode එකක කන්ටෙන්ට් විතරක් ලෝඩ් කරගෙන අහන්න ඕනනම් Search Box එකේ අදාල Episode අංකය ටයිප් කරල Go to Episode Buttopn එක Press කරන්න .


Random QS කියන Button එක Press කලොත් ටෙක්කතාවල කතා කරපු දේවල් වලින් ටිකක් Randomly තෝරාගෙන ඔබට ඉදිරිපත් කරනව.

Portable Software එකක් තමයි ඔයාලට දෙන්න හිතාගෙන හිටියෙ. ඒත් Windows 7 වල ආපු Error කීපයක් හදන්න කල්යයි වගේ. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ වැඩවර්ජනය ඉවරවෙලා ලබන සදුද විතර කැම්පස් පටන්ගන්න නිසා තව වැඩ ගොඩගැහෙයි. ඒ  හින්ද Setup එක හනික හදල දැම්ම.

New Idea.
කට්ටිය ටෙක්කතා එපිසොඩ් අහන්නෙ ෆෝන් එකට දාගෙන යන එන ගමන් නේ. ඉතින් මේ වගේ වැඩසටහනක් ෆෝන් එකටත් තිබුණොත් ටෙක්කතා පෝර්ටබල් කරන්න පුලුවන්. ඒකත් මට කරන්න පුල්වන් වුනානම් ආසයි, සතුටුයි(මමයි කලේ කියන්න නෙවෙයි, දැණුම තිබීම ගැනයි සතුටු වෙන්න තිබ්බෙ. ) ඒත් මට එකනම් බෑ. මේ ටික කලෙත් කෝස් එහෙම කරල නෙවෙයි. ගූගල් දෙවියන්ගෙ පිහිටෙන්. මම ඉතින් පිසිකල් සයන්ස් නේ. ඒ හින්ද පුලුවන් කාටහරි ආරාධනා කරනව වැඩේ බාරගෙන කරන්න කියල. නමුත් 2GB විතර ඉඩක් යන හින්ද කට්ටිය කැමතිද දන්නෙ නෑ නේ. හැබැයි amr/3gp Format  එකට කන්වර්ට් කලොත් 50mb දක්වා විතර එපිසොඩ් වල සයිස් එක අඩු වේවි. ෆෝන් සොෆ්ට්වෙයා එකකුත් තියේනම් හොඳයි කියල හිතෙන කට්ටිය ඉන්නවනම් කමෙන්ට් කරන්න කෝ. එතකොට පුලුවන් කෙනෙක් මුල් වෙලා වැඩේ ගොඩදායි. මගේ වැඩසටහනට මම හදපු ඩේටබේස් එක යූස් කරන්න පුලුවන්,  අඩුපාඩු ඉවරයක් කරල ෆුල් රිලීස් එක දෙන කොට Database ඒකත් දෙන්නම් කෝ.


බලාපොරොත්තුව...
 විශේෂය තමයි මම VB Programing ඉගෙන ගත්තේ පොත්,සීඩීස්,ඉන්ටර්නෙට් ෆලෝ කරල. කොම්පියුටර් කෝස් එකක් දෙන්න ඔයාලගෙ දෙමව්පියන්ටත් හැකියාවක් නැත්නම් කනගාටු වෙන්න එපා. මගේ ක්‍රමේ ගොඩක් හොදයි. හැබැයි ඉතින් කලය නම් ටිකක් වැඩිපුර වැයකරන්න වෙනව. ඒක ගනන් ගන්න එපා. මම මේ ප්‍රොජෙක්ට් එක කරන්න ගිහින් ගොඩක් දේවල් ඉගෙන ගත්ත. VB වලට කොහොමද සිංහල යුනිකෝඩ් බාවිතා කරන්නෙ. ඩේට බේස් යූස් කරන ආකාරය.
ඒ වගේම හොදම සර්චින් ඇල්ගොරිදමයක් නෙට් එකෙන් හොයාගන්න කාලය වැය කලා. තව ඩේට බේස් එක හදන්නත් කලය ගොඩක් වැය කලා. මොකද මුල් එපිසොඩ් 46යේම ටයිම් තිබුනෙ නෑ. ඉතින් මම මේ ඉගෙනගත්තු දේවල් යොදාගත්තු Resource එක්ක පෝස්ට් ටිකකුත් දාන්න බලාපොරොත්තු වෙනව. ඒක VB ඉගෙන ගන්න ආස අයට ප්‍රයෝජනවත් වෙයි.

ස්තුතිය
ඒ වගේම මට මේ දේ කරන්න ගොඩක් අයගෙන් උදව් ලැබුන. විශේෂයෙන් ටෙක්කතා නිර්මාණය අයියලාට. ටෙක්කතා ගෘප් එකට. බ්ලොග් කරුවන්ට (ඔවුන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත. ) තව රුහුණ ව්ශ්ව විද්‍යාලයේ පරිඝනක ලෙක්චර්ස්ලටත් ස්තුතියි. මම පිසිකල් නිසා කැම්පස් එකෙන් ඉගෙන ගත්තු දෙවල් ටික වුනත් බොහොම වැදගත් වුනා.  දෙමවුපියන්ටත් පවුලේ අයටත් ඒලෙස උදවු කරපු කාටත් බොහොම ස්තුතියි බොහොම පිං.

ප්‍රාර්තනය !
ඒ වගේම ටෙක්කතා  කමියුනිටි එක කවුරුත් එක්ක එකතු වෙලා දියුණු කරමු.
අපේ රටේ ලොකු තාක්ෂනික දියුණුවකට අඩිතාලම ටෙක්කතා කමියුනිටි එක කරමු.
ඒ සඳාහා එක සිතින් සුබ පතමි!




ෆේස්බුක් පැත්තට යං එනවාද.




මේ techkathaOffliner එකට හදපු බැනර් එක කැමතිනම් ඔයාලගෙ බ්ලොග් එකට දාල සප් එකක් දෙන්න පුලුවන්.

<a href="http://namalyaya.blogspot.com/2011/07/techkathaofflinner.html" alt"NamalYaya" target="_blank"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhW9IRxEkWalROwq1w0ib-curK6rJklGhwuEGVtgEYa0Sa9YcHs6q1mG4cNP7ONKPUNVsHDYZYlV-iarceQ8N_ExFQ2ZMMzEomCX8MtDbYWEEr-hEt67ov9FRt3ldD6zfHMooReI6tXIWd6/s320/new.gif" /></a>


Comment එකක් දාන්න අමතක කරන්න එපා යාළු.
(Disqus වලින් Comment කරන්න දන්නෙ නැද්ද.)
Thanks.

ප.ලි 
techkathaOffliner Portable වැඩසටහ දැන් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.




ටෙක්කතා 100යෙම Data සහිත Update එකත් ගන්න.


ටෙක්කතා 100ම බාගන්න.








Read More

Tuesday, July 19, 2011

// // 7 comments

ටෙක්කතා; වැදගත්ම ලිපියට කලින්

වැදගත්මදේ පටන්ගැන්මෙදි කියන්නම් කෝ කොහොමඳ මම ටෙක්කතාගැන දැන්ගත්තෙ කියල.
ඒ වකවානුව මම උ/පෙ කරල ඉවරවුනා විතරයි. උ/පෙ කරන්න කලින් ඉලෙක්ට්‍රොනික් ගැන් පුදුම උනක් තිබ්බ.
ඒත් උ/පෙ ට මහන්සි වීමත් එක්ක උන බැහැලයි තිබ්බෙ. දවසක් විදුසර බලනකොට දැක්ක මොරටුවෙන් සංවිදානය කරපු ඉනෝමෙච් නව නිපැයුම් තරගයක් ගැන.
ඉලෙක්ට්‍රොනික් උනන්දුව අඩුවෙලා තිබ්බ නිසා අතාරින්නත් හදල තරඟයෙන් තෝරගත් පිරිසකට මොරටුවෙ බාහිර පාඨමාලා නොමිලෙ කරන්න දෙනව කියල තිබ්බ නිසා පොඩි ආසාවක් ඇතිවුනා.
කොහොම හරි කලින් තිබ්බ අයිඩියා එකක් මාසයකටත් අඩු කාලයකින් එහෙන් මෙහෙන් අමුනගෙන තරගෙට රෙඩි වුනා.






කොහොම හරි තරඟය තියෙන දවස්වලම ඉ-ආසියා ප්‍රදර්ශනයත් තිබ්බ නිසා කොලඹ යන්න තියෙන එපාවීම අඩුකරන හොඳ සාදකයක් වුනා.
ඉ-ආසියා එක අවසන්වන දවසෙ තමයි මම කොලොඹ ගියේ. නෑදෑගෙදරකට තමයි ගියේ.
එහේ කවුරුවත් ප්‍රද්‍රශනේ ගැන උනන්දුවක් නැතිනිසා මට තනියම තමයි බි.ම්.අයි.සී.එච් යන්න වුනේ.
තනියම නිසාත් ප්‍රදර්ශනයේ ගොඩක් තැන්වල විස්තර කරන කට්ටිය  යූස් කලෙත් ඉංග්‍රීසි නිසාත් (මේ ගැනනම් රසවත් ලිපියක් පසුවදානම්කො ) වැඩි තැන්වල රැදීහිටියෙ නෑ.
කොහොම හරි ටෙක්කතා ප්‍රදර්ශන කුටිය ලඟටත් ලඟාවුනා. කම්පියුටර් දෙකක් සහ බලන්න ආපු කෙනෙක් සමග කතා කරන අයියල දෙන්නෙක් හිටිය.
පොඩ්ඩක් බැලුව ඇති දෙයක් නෑ වගෙ. යන්න කියල හදනකොටම බලන්න ආපු කෙනෙක්ට පාරිගනකයකින් රිමූවු කරල පෙන්ඩ්‍රයු එකක් දුන්න.
යොකෝ පෙන්ඩ්‍රයු නිකන් දෙන තැනවත්ද කියල පොඩ්ඩක් ආපහු හැරිල කට්ටියගෙ ලගට ඇවිත් බැලුව.
අහන්නත් ලැජ්ජයි වගේ හැබැයි ඉතින් ඔයිට වඩා චාටර් වැඩ එතෙන්දිම වුන නිසා ඇහුව "අයියේ මොනවද ඒ දුන්නෙ කියල".

ඉතින් පොඩි විස්තරයක් අහගත්ත. එතකොට මට හිතුනෙ පරිගනක ගැන ඔහොමත් ලෙහසියෙන් ඉගෙන ගන්න පුලුවන්ද කියල.
ඒ ගෑන විශ්වාසයක් නැතිවුන හින්ද වැදගත් දේයක් නම් නෙවෙයි වෙන්න ඇති කියලයි හිතුන. එහිනද නොගෙන ඉන්නත් හදල ඉලෙක්ට්‍රොනික් දේවලුත් කතාකරල තියෙනවද කියල ඇහුව.
පොඩ්ඩක් විතර කතාකරල තියෙනව කියල තිබ්බ නිසා කමක්නෑ දාගෙන යනව කියල හිතල මටත්දාල දෙන්න කියල කිවුව මතකයි.
ඒ වෙලාවෙම තමයි මම සිංහල බ්ලොගර් ගැන දැනගත්තෙත්. පස්සෙදි ටෙක්කතා ටික ඇහුවම තමයි මට තේරුනේ පරිගනකනම් ගොඩක් දුරට තනියම ඉගෙන ගන්නත් ලේසියි කියල.
ඒ දැනගත්ත දේවල් වලින් මම අද ගොඩක් ඉදිරියෙන් කියල මම හිතනව.

ටෙක්කාතා හා ගෲප් එකේ වැදගත්කම ඊටත් වැඩියි. මොකද මට ඉංග්‍රීසියෙන් හිතන බැරිවුනත් ගොඩක් ටෙක්නිකල් ඉංග්‍රීසි ලිපිනම් අමාරුවෙන් හරි කියවල තේරුම් ගන්න පුලුවන්.
එතෙන්දි ඕනකරන ලිපි හොයාගන්න කීවර්ඩ් හිතාගන්න ටිකක් අමාරුයි. මෙතෙන්දි ආයෙත් ටෙක්කාතා හා ගෲප් එක වැදගත් වෙනව.
එවගෙ පොඩිතැනක් අල්ල ගත්තම ඇති. කීවර්ඩ් ගෑන කියනවනම් මම අවුරුදු කීපයකට කලින් ඉලෙක්ට්‍රොනික් පරිපථ සටහන් හොයාගන්න ඉන්ටර්නෙට් කැෆේ  ගියාම හිස් අතින් තමයි එන්නෙ.
මොකද මම සර්ච් කරන්නෙ Electronic Circuit කියල. ඒත් රිසාලට් එකේ තියෙන්නෙ විකුනන තියෙන රෙඩියෝ, ටීවී වගේ දේවල්.
කොහොමහරි මේකට විසදුම් මම පාසලේ පරිගනක සර්ලගෙන් පවා අහල තියනව. ප්‍රතිඵල නැති නිසාම වැඩේ අතඇරල ඉන්න කොට බුක්ෂොප්
එකක තිබුණ පොතක තිබුණ Electronic Circuit Diagram කියල. මට හිතුන ඒක සර්ච් කරල බලන්න. අන්න ඒකනෙ කීවර්ඩ් එක.
ඉලෙක්ට්‍රොනික් පරිපථ ගැන සෑහෙන දේවල් ඒ විදියට හොයාගන්න පුලුවන් වුනා. ඒත් එතකොට උ/පෙ කරන කාලේ. මේ ප්‍රතිපලේ කලින් හොයාගන්න පුලුවන් වුනානම්.

ඔයවගේ වැදගත් ගොඩක් කීවර්ඩ් මට ටෙක්කතා නිස හොයාගන්න පුලුවන් උනා.
ඉතින් ටෙක්කතා කරන අයියලාටත්. ගෲප් එකේ පිලිතුරු දෙන කාටත් හා සිංහල බ්ලොග් ලියන කාටත් බොහොම පිං.

ඉතින් ලිපිය දිගවුන හින්ද ඉ-ආසියා අත්දැකීමයි ඉනෝමෙච් ගැන්යි ඒ ගමනෙදි සෙට් වෙච්ච  ශිෂත්වයක් ගැනත් (ඒකනම් ඉගෙන ගන්න කාටත් වැදගත් වෙයි.) වෙනමම කියන්නම් කෝ.
ඇත්තටම මම ඒ කොලඹ යෑමනම් ටෙක්කතා හා සිංහල බ්ලොගර් ගැන දැනගන්නම තමයි ගිහින් තියෙන්නෙ.
මොකද කරපු හැම වැඩක්ම චාටර් වුනා. ඉනෝමෙච් එකනම් මම ගියපු කම්පෙටිෂන් වලින් එපාම වෙච්ච එක කීවොත් නිවැරදියි.

වැදගත්ම දේ කියන්නම්, මම ඊලඟ ලිපියෙන් එන්නෙ ටෙක්කතා ගැන කාටත් බොහොම වැදගත්, ප්‍රයෝජනවත් ලිපියකින්. 
ඉතින් එතකන් ඔයාලට පුලුවන් ඒ මොකක් වෙයිද කියල අනුමාන කරල ඩිස්කස් කරන්න. බලමු කවුද හරියට ගෙස් කරන්නෙ කියල.
(tchkathaOff.....)
Read More